Monday, April 29, 2013

තරග පාවාදුන්නේ යෑයි චෝදනා ලැබූ විනිසුරුවෝ තවමත් නිදැල්ලේ! බේරා ගැනීම පිටුපස අදිසි හස්‌තයක්‌


ක්‍රිකට්‌ ආයතන ඉහළ පෙළේ නිලධාරියකුගේ සහාය ලබා ගනිමින් තමන්ට එල්ල වී තිබෙන චෝදනා සියල්ලෙන් නිදහස්‌ වීමට මුදලට තරග පාවාදුන්නේ යෑයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන් තිදෙනා දැඩි උත්සාහයක නිතරව සිටින බවත් එම හේතුව මත අදාළ පරීක්‍ෂණය දිනෙන් දින කල්යැම සිදුවන බවත් මේ වන විට ක්‍ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්‌වී තිබේ.

ගාමිණී දිසානායක, මොරිස්‌ ඩිලාද සිල්වා සහ සාගර ගාල්ලගේ යන විනිසුරුවන් තිදෙනා ක්‍රිකට්‌ තරගාවලියකදී තරග පාවාදීම සම්බන්ධව ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේ තැරැව්කාරයකු සමග කරනු ලබන විනිසුරු ගාස්‌තු පිළිබඳ සාකච්ඡාවක්‌ පිළිබඳව ඉන්දීය රූපවාහිනී මාධ්‍යයක්‌ විසින් කරුණු හෙළි කරන ලදුව මොවුන් තිදෙනාට තරග පාවාදීමේ චෝදනා එල්ල වූහ.

Sunday, April 28, 2013

'කඳුළක සුසුමක සැඟවුණු රාවය' සත්තයි.....! එයා දරුවගේ තාත්තා



"සර් මම කවදා හරි ලෝයර් කෙනෙක්‌ වෙනවා. මං වගේ අසාධාරණයට ලක්‌වුණ ගැහැනුන්ට යුක්‌තිය සාධාරණය ඉෂ්ට කරල දෙන්න මගේ ජීවිතේ වුණත් කැප කරනවා."

ඒ මේ සමාජය තලා පෙලා දැමූ තවත් කාන්තාවකගේ හඬය. නැත. ඇගේ වයස අනුව කියන්නේ නම්, ඒ යෞවනියකගේ බලාපොරොත්තු සහගත හඬය. මේ කතාව සටහන් කිරීමේ පහසුව සඳහා ඇයට අපි නිසංසලා යෑයි කියමු. මේ ජරාජීර්ණ සමාජයේ කාමාශාවෙන් මත් වූ තවත් නරුමයකුගේ පාපී ආශාව නිසා ඇය අද පියෙකු නැති දරු පැටියෙකුගේ මවකව හිඳින්නීය. ඇයට වූ අසාධාරණය නිසා ඇය අද එහෙව් පිරිමි සංහතිය දෙස සැකමුසු බැලුම් හෙලන්නීය.

පිරිමියෙක්‌ මොන වැරැද්දක්‌ කළත් නාල ගෙට ගත්තම ඒ සේරම වැරදි ඉවරයි නමැති කියමන ගැමියන් අතර ප්‍රකටය. ඒ සමාජය තුළම හිඳින ගැහැනිය අතින් සිදුවන නොදැනුවත් වරදකට වුව සමාජයෙන් ඇයට ලැබෙන සමාවක්‌ නම් නැත. ඇය අතින් එවන්නක්‌ සිදු වූ මොහොතේ සිටම ඇය මුළු ජීවිත කාලය පුරා ඊට වන්දි ගෙවීමට සැරසිය යුතුය. පිරිමියකුට මෙන් කාන්තාවකට වැරදුන විට ජීවිතේ යළි හැරෙනු බැරිය. නිසංසලා අප හමුවේ ඉඳ මෙසේ දෝරෙ ගලා යැමට ඉඩ හැරියේ එය නොවේද?

ඒ මවත් පියාත් අසම්මත පෙම් වියරුවට ගොදුරු වූහ.


නිරූපිකාගේ හැසිරීම කතා බහ මෙන්ම ඇගේ ගති පැවතුම් ද කෙළිලොල් තරුණයකු මෙන් විය.

කොට කලිසමත් ටී ෂර්ට්‌ එකත් නිතර ඇඳීමට ප්‍රිය කළ නිරූපිකා ගස්‌ බඩගා පොල් කැඩීම, අතට හසුවන වටිනා දේ සොරා ගැනීම සිය ජීවිකා වෘත්තිය ලෙස කරගෙන ගියාය.

"මේකිගෙ ගෑනු ගතියක්‌ ගෑවිලාවත් නැහැ. පිරිමි කරන දේවල්මයි කරන්නෙ."

ගමේ කොයි කවුරුත් නිරූපිකා ගැන කීවේ එවැනි වදන්ය.

නිරූපිකා හැදී වැඩුණේ පුල්මුඩේ මහසෙන්පුර පහේ කණුව දුෂ්කර ගම්මානයකය. දහඅට වැනි වියේ පසු වූ ඇය බෙහෙවින් දඩබ්බර තරුණියක වූවාය. පාසල් අධ්‍යාපනය අතරමග කඩාකප්පල් කරගත් ඇය විවිධ දුරාචාරවලට යොමු වුණේ කුඩා කල සිටමය.

බිල වැඩිකිරීමේ ඇත්ත මෙන්න! විදුලි බල ලොක්‌කෝ කෝටි ගණනින් ගහලා!


ලංකා විදුලිබල මණ්‌ඩලය පුද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ දී රුපියල් කෝටි ගණනක දූෂණ හා වංචා සිදුව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්‍ෂණයකින් හෙළි වී ඇත.

කැබිනට්‌ මණ්‌ඩලය සහ මහා භාණ්‌ඩාගාරය ලබාදුන් උපදෙස්‌ හා තීන්දු තීරණ කඩකරමින් සිය අභිමතය පරිදි විදුලිබල මණ්‌ඩලය පුද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ දීර්ඝ කාලීන ගිවිසුම්වලට අත්සන් තබා ඇති බව එම පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

Friday, April 26, 2013

පියා සමඟ බෙහෙත් ගන්න ගිය දැරිය රැගෙන ගොස්‌ අතවර කරලා


මාකොළ ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියකට 52 හැවිරිදි තිදරු පියෙකු විසින් ලිංගික අපයෝජනයක්‌ සිදුකර ඇත. මේ සම්බන්ධව පොලිසිය විසින් විමර්ශන කටයුතු කිරීමේදී එම දැරියට 2010 වසරේදී ලිංගික අපයෝජනයක්‌ සිදුකළ 47 හැවිරිදි එක්‌ දරු පියෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ තිදරු පියා දෙකටන ප්‍රදේශයේද එක්‌ දරු පියා මාකොළ ප්‍රදේශයෙද පදිංචිකරුවන් වන අතර ඔවුන් මහර මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Thursday, April 25, 2013

හත් හැවිරිදි දරුවා විකෘති කාමාතුරයෙක් ගෙල ටයිපටියෙන් සිරකර සාහසික ලෙස මරා දමලා.


වයස 7 යි තවම 2 වසරේ...

ටයි පටිය බෙල්ලේ ඔතලා මගේ පුතා මරා දමලා තිබුණා - දරුවාගේ මව හඬමින් කියයි
 
කෑගල්ල වලගම්බා විදුහලේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හත් හැවිරිදි ශිෂ්‍යයකු පැහැරගෙන ගොස්‌ ඇති නාඳුනන පුද්ගලයකු කෑගල්ල උඩකරඬුපොන නිල්මල්ගොඩවත්ත ප්‍රදේශයේදී එම ශිෂ්‍යයාගේ ගෙල ටයිපටියෙන් සිරකර සාහසික අන්දමින් ඝාතනය කර තිබෙනවා.
 
පෙරේදා (23 වැනිදා) දහවල් සිදුවී ඇති මෙම ඝාතනයෙන් කෑගල්ල ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිනවා. මෙසේ ඝාතනයට ලක්‌වූ පුෂ්පකුමාර විඡේකෝන් ශිෂ්‍යයාගේ සිරුර පොලිසිය මගින් පෙරේදා රාත්‍රී සොයාගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබියදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ කෑගල්ල පොලිසිය ශිෂ්‍යයා ඝාතනයට ලක්‌ව තිබූ පාළු නිවස ආසන්නයේ පදිංචිකරුවකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Wednesday, April 24, 2013

ඕෂධීගේ අවුරුදු සිඟිත්තා



මේ දවස්වල කා අතරත් කතාබහට ලක්වන නිළියක් තමයි ඕෂධී හේවාමද්දුම. ඇය මේ දවස්වල ‘අපේක්ෂා’ ටෙලිනාට්‍යයෙන් අප නෙතු ගැටෙනවා. පසුගියදා අපි හැමෝම මහත් හරසරින් සමරපු අලුත් අවුරුද්ද ඕෂධීටත් ඉතාම විශේෂ වුණා.
”සිංහල අලුත් අවුරුද්ද නිමාවුණත් ඒ සුන්දරත්වය තවමත් හිතේ තිබෙනවා. අපේ ගෙදර අයට මෙවර අලුත් අවුරුද්ද විශේෂ වුණා. අපි අලුත් අවුරුද්ද සැමරුවේ අපේ පුංචි පුතා යෝශිත සඳකැන් එක්කයි. පුතාට තවම මාස 6යි.

දුමින්දට ඇප ලැබෙයි

Duminda2011 ඔක්තෝබර් අට වැනි දා භාරත ලක්ෂ්මන්ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අද(24)ඇප ලබා දී ඇතැයි වාර්තා වේ.කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි. කොළඹ නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීදුමින්ද සිල්වා

රන්මාලය කඩාගෙන පැන්න කොල්ලකරු දුම්රියටම බිළිවෙයි

කළුතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන්ගත් මගී කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලය කොල්ලකා ගල්කිස්‌ස දුම්රිය ස්‌ථානය අසලදී දුම්රියෙන් පිටතට පැන්න රන්මාල කොල්ලකරුවකු අසල බැම්මක වැදී ධාවනය වූ එම දුම්රියටම යටවී මරුමුවට පත්වී තිබේ.

21 වැනිදා සවස 3.00 ට පමණ මෙම සිද්ධිය වී ඇතැයි ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිසිය පවසයි. කොල්ලකරුගේ හිස හා ශරීරය පොඩි පට්‌ටම් වී තිබිණැයි පොලිසිය කියයි.

ශ්‍රී ලාංකික යුවළ ඉතාලියේදී මරුට ඝාතනදැයි පොලිස්‌ පරීක්‍ෂණ



මියගිය ලාල් සහ සාගරිකා

ඉතාලියේ කටානියා නගරයේ විසූ ශ්‍රී ලාංකික යුවළක්‌ ඉකුත් 20 දා පස්‌වරුවේ පිළිස්‌සී මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ මාරවිල පොලිස්‌ වසමේ කටුනේරියේ සරත් ප්‍රේමලාල් (45) සහ මයුරි සාගරිකා (42) යන දෙදෙනායි. මොවුනට 14 හැවිරිදි පුතෙක්‌ද සිටී.
මොවුන් දැනට වසර 18 කට පමණ පෙර ඉතාලියේ රැකියා සඳහා ගොස්‌ ඇති අතර දරුවා ඉපදී ඇත්තේ ඉතාලියේදීය. සිද්ධිය වූ අවස්‌ථාවේ ඔහු දහම් පාසල් පන්තියකට ගොස්‌ සිට ඇත.

මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන සිසිලියා පොලිසිය එරට මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ සාගරිකා මියයන විට ඇයගේ අත්පා සහ ගෙළ බැඳ තිබූ බවයි. මේ නිසා ඇය ඝාතනයට ලක්‌වී ඇත්ද යන්න ගැනද සැකයක්‌ පහළ වී තිබේ.

Tuesday, April 23, 2013

ගීතාගේ තර්ජනයට විරෝධය පා ඇල්පිටියේ මන්ත්‍රීවරු කළුපටි බඳිති

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයකුට මරණීය තර්ජන එල්ල කළේ යෑයි කියන සිද්ධියකට විරෝධය දක්‌වා ඊයේ (23 දා) පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්‌වීමට එ.ජ.නි.ස. සියලුම මන්ත්‍රීවරු කළුපටි පැළඳ සහභාගි වූහ.

කාසල් රෝහලේ අයිසීයූ එක වසයි විෂබීජයක්‌ පැතිරිලා! රෝගී වූ මවක්‌ හදිසියේ මරුට!




විෂබීජයක්‌ පැතිර යැමේ භීතියකින් කොළඹ කාසල්a රෝහලේ දැඩි සත්කාර ඒකකය (අයිසීයූ) ඊයේ (23 වැනිදා) වසා දමන ලදී.

 
දරුණු උණ රෝගයකින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවක මිය යැම සහ එම රෝගයෙන්ම තවත් මවක බරපතළ ලෙස රෝගීවීම හේතුකොට ගෙන මෙසේ හදිසියේ ම එම ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීන් ක්‍රියා කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ කොළඹ කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකයට විෂබීජයක්‌ ඇතුළුවීම හේතුවෙන් වසා දැමූ බවයි. ඒ පිළිබඳ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පර්යේෂණ සිදුÊකරන බවත් ඔවුහු කීහ.

Monday, April 22, 2013

රත්‍රං මිල බසී


මේ වනවිට රත්‍රං පවුමක මිල රු. 45,000 ක්‌ පමණ දක්‌වා අඩුවී ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

මේ වසර (2013) මුලදී රන් පවුමක මිල රු. 50,000 ක්‌ පමණ විය. මේ අනුව පසුගිය කාලය තුළ රන් පවුමක මිල රු. 5000 කින් පමණ අඩු වී තිබේ.

මේ නිසා රන් භාණ්‌ඩ අලෙවිය ඉහළ ගොස්‌ ඇති බවත් ඉහළ මිලක්‌ ලබාදී රන් භාණ්‌ඩ උකස්‌ ගත් බැංකු රැසක්‌ දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් වාර්තා වේ. රත්රන් මිල අඩුවීම නිසා බැංකු විසින් රන් භාණ්‌ඩ උකස්‌ ගැනීමේදී ලබාදෙන මුදල ද මේ වනවිට අඩුකර තිබේ.

මරදාන සහ පංචිකාවත්තේ ගණිකා තිප්පළ දෙකක්‌ වටලයි විදෙස්‌ කතක්‌ ඇතුළු 8 ක්‌ දැලේ


මරදාන ටෙක්‌නිකල් හන්දියේ සහ පංචිකාවත්ත පාරේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක්‌ පෙරේදා (20 වැනිදා) වැටලූ පොලිස්‌ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්‌ඨාසය එම ගණිකා නිවාසයන්හි සිටි පකිස්‌තානු ජාතික කාන්තාවක්‌ ඇතුළු කාන්තාවන් හය දෙනෙකු සහ ඒවායේ කළමනාකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පුල්මුඩේ අඹු සැමි යුවළ මරා දමා ක¹නට පැන්න කෙල්ල අල්ලයි

පුල්මුඩේ, මහසෙන්පුර, පහේ කණුව ප්‍රදේශයේ අඹු සැමි යුවළක්‌ තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර පලා ආ බවට සැකකරන 18 හැවිරිදි තරුණියක ගණේමුල්ල - ජා ඇල මාර්ගයේ උතුරු බටගම ප්‍රදේශයේදී ක¹න පොලිසිය මගින් පෙරේදා (20 වැනිදා) පස්‌වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

ඝාතනය සිදු කිරීමෙන් පසු එම යුවළගේ දියණියන් දෙදෙනා ද මෙම සැකකාර තරුණිය භාරයේ සිටියදී ඔවුන්ව ද අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

පෙරේදා (19 දා) සවස මෙලෙස ඝාතනය කර තිබුණේ එච්. එම්. සූරියබණ්‌ඩාර (34) සහ එස්‌. ජීවනී අනුරාධිකා (36) යන අඹු සැමි යුවළයි. 

මෙම අඹු සැමි යුවළට දහසය හැවිරිදි එච්. එම්. ඉමල්කා සහ දස හැවිරිදි එච්. එම්. සෙව්වන්දි නමින් දියණිවරුන් දෙදෙනකු ද සිටින බව හෙළිවිණැයි පොලිසිය පවසයි.

බිරිඳට ඇසිඩ් ගසා සැමියා දිවි නසා ගනී


අනුරාධපුර - කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්‌ අතර ඇති වූ බහින්බස්‌වීමක්‌ දුරදිග යැමෙන් සිය බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ල කළ සැමියා සයනයිඩ් දියර පානය කොට දිවි හානි කරගෙන ඇත.

අනුරාධපුර කුරුන්දන්කුලම මිහින්තලා පාරේ පුංචිකුලමේ පදිංචිව සිටි හතළිස්‌පස්‌ හැවිරිදි ආර්. ඇම්. පුණ්‍යසිරි කුමාර නමැති ඔරලෝසු කාර්මිකයකු මෙසේ මියගොස්‌ ඇත.

Sunday, April 21, 2013

සිය සැමියාගේ ජනනේන්ද්‍රිය කපා කුණු කූඩයට විසිකළ කාන්තාව



සිය සැමියාගේ ජනනේන්ද්‍රිය කපා කුණු කූඩයට විසිකළ කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙනි.
උපතින් වියට්නාම ජාතිකයකු වන ඇයගේ නම කැතරින් කියුය.
සැමියාගේ රාත්‍රී ආහාරයට නිදිපෙති එකතු කර ඔහු නිදිගන්වා ඇති ඇය අගල් 10 ක් පමණ දිගු පිහියකින් සැමියාගේ ජනනේන්ද්‍රිය කපා වෙන්කර ඇතැයි සදහන්ය.ජනනේන්ද්‍රිය යළි සිරුරට බද්ධ කළ නොහැකි තරමටම විනාශ කිරීමට ඇය කටයුතු කර ඇත.

කෝලි - ගම්භීර් අතර ගැටුමක්


කෝලි - ගම්භීර් අතර ගැටුමක්

අයි.පී.එල්.තරගාවලියේ උණුසුම වැඩිවෙද්දී ඊට සහභාගිවන ක්‍රිඩකයන් අතරත් නොයෙක් ගැටුම් ඇතිවෙනවා.
පසුගියදා කල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායකගෞතම් ගම්භිර් හා රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිලේ නායකවිරාත් කෝලි අතරත් මේ විදිහට ගැටුමක් ඇතිවුණා.
මේ ගැටුමට මුල පිරුණේ දෙපිල අතර පැවැති තරගයේ දී විරාත් කෝලිගේ දැවීයාමෙන් පසුවයි.

ක්‍රිකට් ජයෙන් ප්‍රීටිගේ ප්‍රීතිය ඉතිරෙයි


ක්‍රිකට් ජයෙන් ප්‍රීටිගේ ප්‍රීතිය ඉතිරෙයි

ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් හෙවත් අයි. පී. එල්. ක්‍රිකට් වසන්තය නැවතත් උදාවෙලා. මෙහි දස්කම් පාන සමහර ක්‍රිකට් කණ්ඩායම්වල අයිතිකරුවන් වන්නේ බොලිවුඩ් සුපිරු තරු බව නොදන්නේ කවුරුන් ද? මේ තරගාවලියට එක්ව සිටින ‘කිංස් ලෙවන් පන්ජාබ්’ ක්‍රිකට් කණ්ඩායමේ සම අයිතිකරුවන් වන්නේ සුරූපී නිළි ප්‍රීටි සින්ටා සහ ව්‍යාපාරික නෙස් වාඩියායි.
මීට වසර කීපයකට කලින් නෙස්, ප්‍රීටිගේ පෙම්වතා වී සිටියා. ඒත් පසුව මේ දෙදෙනා දුරස් වුණා. ඒ වුණත් තම තමන්ගේ බැංකු ගිණුම්වලට ගලා එන ධනස්කන්ධය නිසාදෝ අයි. පී. එල්. තරගාවලියේ දී මේ දෙදෙනා එකට එකතු වී ‘කිංස් ලෙවන් පන්ජාබ්’ පිලට දිරිය ලබා දෙනවා.

සෙලිනා ගෝමස් ගේ අලුත්ම පෙම්වතා කවුරුන්දැයි ඔබ දන්නවාද?


සෙලිනා ගේ අලුත්ම පිම්ම

සෙලිනා ගෝමස් ගේ අලුත්ම පෙම්වතා කවුරුන්දැයි ඔබ දන්නවාද? ඔහු තමයි, රයන් ගොස්ලින්. කැනේඩියානු නළුවකු වන රයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක්. ඔහුගේ වයස අවුරුදු 32යි.
ඒත් සෙලිනාගේ වයස තවම අවුරුදු 20යි. සමහරු පවසන්නේ රයන්, සෙලිනාට වඩා අවුරුදු 12කින්ම වැඩිමහලු නිසා ඔහු සෙලිනාට නොගැළපෙන බවයි.
රයන්ට සෙලිනාව හමුවන්නට කලින් වෙනත් පෙම්වතියක් සිටියා. ඇය, ඊවා මෙන්ඩිස්. ඇය ඇමෙරිකානු චිත්‍රපට නිළියක්. මෝස්තර නිරූපණ ශිල්පිනියක්. ඊවා සහ රයන් අතර ද නොගැළපීමක් තිබුණා. එය ද වයස් පරතරයක්.

සිනා කතා - 02


පියා කවුද?


පද්මිණි තම පවුලේ වෛද්‍යවරයා හමුවීමට ගියේ දින කීපයක් තිස්සේ පැවැති කෑම අරුචිය සහ වමනයට ප්‍රතිකාර ලබා ගැනීමටය. ඇය හොඳින් පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇගේ රුධිර සහ මුත්‍රා ද පරීක්ෂා කළේය.
එම පරීක්ෂණ වාර්තා කියවද්දී ඔහුගේ ඇස් අසාමාන්‍ය ලෙස විවර විය. කලබලයට පත් හෙතෙම මෙසේ කීවේය.
“මළා...!”
“ඇයි... ඇයි ඩොක්ටර්?” පද්මිණි විමසුවේ ද තැති ගනිමිනි.

Saturday, April 20, 2013

විදුලි බිල අඩු නොකළොත් දැවැන්ත වැඩ වර්ජනයක්‌ දේශපාලන පක්‍ෂ හා වෘත්තිය සමිති පෙරමුණ ගනී


පාරිභෝගිකයාට දරාගත නොහැකි අන්දමට විදුලි ගාස්‌තු ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට එරෙහිව විරෝධය පළකරමින් මහා වැඩ වර්ජනයක්‌ කැඳවීමට දේශපාලන පක්‍ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන, රැසක්‌ තීරණය කර ඇත. 

රාජ්‍ය, පෞද්ගලික හා වතු අංශයේ සමස්‌ත සේවකයන් මෙම වැඩ වර්ජනයට ඒකාබද්ධ කර ගැනීම එම සංවිධානවල අරමුණ වී තිබේ.

අසාධාරණ ලෙස ඉහළ දැමූ විදුලි බිල අඩු කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක්‌ මෙතෙක්‌ නොදැක්‌වීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීමට තීරණය කළ බව වෘත්තීය සමිති රැසක නායකයෝ  පැවැසූහ.

වරදට සමාව කුමටද දැන්

බොදු ගොවි රූමත් චරිතවත් දියණියට සුදුසු සහකරුවකු සොයයි.... මෙවැනි මංගල දැන්වීම් අපි පුවත්පත් මගින් ඕනෑ තරම් දැක ඇත්තෙමු. මෙම දැන්වීම්වල රූමත් චරිතවත් ලෙස සඳහන් කිරීමට විශේෂ හේතුවක්‌ ඇත. මංගල යෝජනාවලදී බොහෝ මනාලයන් සොයන්නේ කිසිදිනෙක පිරිමියකුගේ අතින්වත් අල්ලා නැති ප්‍රේම සම්බන්ධයක්‌වත් පවත්වා නැති නොයිඳුල් තරුණියකි. ගැහැනුන් සියයක්‌ සමඟ වුව ඇසුර පැවැත්වූ පිරිමියකු නහවා ගෙට ගත් විට පිරිසිදු යෑයි අපේ ගැමියෝ පවසති. නමුත් ගැහැනු දරුවකුට එවන් හිමිකමක්‌ නැත. ඇය එක්‌ පිරිමියකු සමඟ හෝ ඇසුරක්‌ පැවැත්වුවහොත් ඉන් පසු ඇය පිවිතුරු නැත. එනිසා අප වැනි ආසියානු රටවල පවතින සමාජ සංස්‌කෘතිය අනුව දියණියක්‌ ඇසක්‌ මෙන් රැකගත යුතුය. බටහිර රටවල මෙන් පිරිමින් දෙතුන්දෙනා ඇසුර අපගේ සංස්‌කෘතියට අනුව ගැළපෙන්නේ නැත. එවැනි කාන්තාවන්ට අපගේ සංස්‌කෘතිය අනුව පවසන්නේ "සල්ලං වූ ගෑණු" ලෙසය.

කොටි නායකයන්ටත් තහනම් වූ අහම්බෙන් හමුවු ප්‍රභාකරන්ගේ සුපිරි බංකරය


ප්‍රභාකරන් මියගොස්‌ වසර හතරකට ආසන්න වෙතත්, තවමත් ඔහු විසූ නිවාස හමුවීම එක්‌ අතකින් පුදුමය. මානව හිමිකම් ගැන කතා කරනවා යෑයි කියන පිරිස්‌ හා දෙමළ වර්ගවාදීන් නිතර කියන පරිදි අද උතුර හා නැගෙනහිර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ හමුදා ආධිපත්‍යය යටතේය. ඒ පළාත්වල අඟලෙන් අඟල හමුදාවය. එම පළාත්වල සිටින්නකු ශරීර කෘත්‍යයකට එළියට බැස්‌සොත් එතැනද හමුදාවය.

මේ කියන කතා සත්‍ය නම්, ප්‍රභාකරන් පදිංචි වී සිටි නිවාස දැන් හමුවන්නේ කෙසේද? අඩියෙන් අඩියට හමුදාව, වසර ගණනාවක්‌ සිටියා නම් මේවා නොදැක සිටින්නේ කෙසේද? ප්‍රභාකරන්ගේ නිවාස මේ කාලයේ සොයා ගැනීමෙන් පෙනී යන එක්‌ කරුණක්‌ වන්නේ මානව හිමිකම්කාරයෝ හා දෙමළ වර්ගවාදීන් දොඩවන තරමේ හමුදා ආධිපත්‍යයක්‌ උතුර හා නැගෙනහිර පළාත්වල නැති බවය.

අගමැති දිමුගෙන් බය හිතෙන කතාවක්‌..

සිංහල හින්දු අලුත් අවුරුදු දින කිහිපය කාට කාටත් කාර්ය බහුල දින කිහිපයක්‌ ලෙස ගෙවී ගියේය. වඩාත්ම කැපී පෙනෙන විශේෂත්වය වූයේ රජයේ දේශපාලනඥයෝ මෙන්ම විපක්‍ෂයේ ද බොහෝ දේශපාලනඥයෝ මෙවර තම තමන්ගේ ගම්බිම් ප්‍රදේශවලට ගොස්‌ අවුරුදු සමරන්නට මූලිකත්වය දී තිබීමයි. ඒ අතර සමහරු සිටියේ පිටරටවලය. තවත් සමහරු ගම්බිම්වලය. සුපුරුදු පරිදි කොළඹටම වී අවුරුදු ගත කළ පිරිසක්‌ ද සිටියහ.......

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අවුරුදු දින කිහිපය සුපුරුදු පරිදි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් ජනතාව අතරට ගොස්‌ ගත කර දැමුවේය. එහිදී පවුලේ සියලුම දෙනා එකට එකතු වී කටයුතු කිරීමට මුල්තැනක්‌ දී තිබීමද විශේෂත්වයකි.

පහර කෑමට ලක්‌වූ විදුහල්පතිවරයාට බරපතළ තුවාල


පාතදුම්බර දොරගමුව මහ විදුහලේ විදුහල්පති ඩබ්. ජී. කරුණාරත්න මහතාට එම විදුහලේ සිසුවකුගේ පියකු විසින් මහමගදී පහරදීමේ සිද්ධිය පිළිබඳව වත්තේගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

විදුහල්පතිවරයා පසුගිය දිනක විදුහලේ සුළු සේවකයකු සමග වාර විභාග ප්‍රශ්න පත්‍ර ගෙන ඒමට සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය නතර කළ පුද්ගලයකු විදුහල්පතිවරයාට පහරදී තිබේ.

අතින් පයින් පහර කෑමට ලක්‌වූ විදුහල්පතිවරයාට බරපතළ තුවාල සිදුවීම නිසා ඔහු සමග සිටි සේවකයා විසින් විදුහල්පතිවරයා වත්තේගම රෝහලට ගෙන ගොස්‌ ඇතුළත් කර තිබේ.

සතිය ඔබට

Friday, April 19, 2013

විදුලිය නිසා ජලයත් නගිනවා කවදාද - කෙසේද කියන්න තවම බෑ - මණ්‌ඩලයේ ලොක්‌කෙක්‌ කියයි


විදුලි ගාස්‌තු ඉහළ යැම නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජල ගාස්‌තු ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ඊයේ (18 වැනිදා) 'දිවයින'ට අනාවරණය කළේය.

විදුලි ගාස්‌තු ඉහළ දැමීම හේතුවෙන් ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්‌ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන දහසක පමණ අමතර වියදමක්‌ දැරීමට සිදුවන බවත් මෙම වියදම් පියවා ගැනීමට ජල බිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක්‌ නොමැති බවත් එම නිලධාරියා පැවැසීය.

මේ වන විට ජල ඒකකයක්‌ නිෂ්පාදනය කිරීමට ජල සම්පත් මණ්‌ඩලයට රුපියල් හතළිස්‌පහක පමණ පිරිවැයක්‌ දැරීමට සිදුව ඇත. එහෙත් මණ්‌ඩලය ජල පාරිභෝගිකයකුගෙන් ඒකකයක්‌ සඳහා අය කරනු ලබන්නේ ඊට වඩා අඩු මුදලකි.

Thursday, April 18, 2013

ගැලවෙන්න ආ ගැහැනු දරුවන්ට අතවර කළ පාලකයා කොටුවෙයි


චාවාකච්ෙච්රි කයිතඩි ප්‍රදේශයේ පිහිටි ගැලවීමේ හමුදා ඒකකයේ රඳවා සිටි ගැහැනු දරුවන් 15දෙනකු විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්‌කළ බව කියන එම ඒකකයේ පාලකවරයා චාවකච්ෙච්රි පොලිසිය මගින් පෙරේදා (16 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පාලකවරයාගෙන් සිදුවන අතවරවලින් බේරීම සඳහා දෙමළ ජාතික ගැහැනු දරුවන් 15 දෙනකු ඉකුත් 15 වැනිදා චාවාකච්ෙච්රි ගැලවීමේ හමුදා ඒකකයෙන් පලාගොස්‌ තිබිණි.

Wednesday, April 17, 2013

අත්අඩංගුවට ගත් ගම්පහ නගරාධිපති ශරීර සහ මුදල් ඇප මත මුදාහරී

පොලිස්‌ නිලධාරින් දෙදෙනකුට පහරදී බැණ තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ගම්පහ නගර සභාපති එරංග සේනානායක මහතා ඊයේ (17 වැනිදා) දහවල් ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් නිමල් රණසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌දහස බැගින් වූ ශරීර ඇප දෙකක්‌ සහ රුපියල් පහළොස්‌ දහසක මුදල් ඇපයක්‌ මත මුදා හරිනු ලැබීය.

 ගම්පහ පොලිසියේ නිලධාරින් දෙදෙනකු පෙරේදා රාත්‍රි (16 දා) 8.30 ට පමණ ගම්පහ යක්‌කල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී නගර සභාපතිගේ රියෑදුරු ආරක්‍ෂිත හිස්‌ වැස්‌මක්‌ නොමැතිව යතුරු පැදියක්‌ ධාවනය කරමින් ඒ අසල වූ සුපිරි වෙළඳ සැලකට පැමිණ ඇත.

බොස්‌ටන් බෝම්බය අල්කයිඩා වැඩක්‌ බව සනාථයි

තිදෙනකු ජීවිතක්‍ෂයට පත් කරමින් තවත් 183 දෙනකුට තුවාල සිදුකළ ඇමරිකාවේ බොස්‌ටන් බෝම්බ පිපිරීම මෙහෙයවා ඇත්තේ අල්කයිඩා සංවිධානය බව දැන් සනාථ වී ඇත.

අල්කයිඩා සංවිධානයේ නිල සඟරාව විසින් ඇමරිකානු ක්‍රීඩා උත්සවවලට ප්‍රහාර එල්ල කිරීම වැදගත්ම මෙහෙයුමක්‌ යෑයි සඳහන් කර තිබූ බව ඇමරිකානු එෆ්. බී.අයි පොලිසිය විසින් හෙළිකර තිබේ.

බොස්‌ටන් බෝම්බ ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ ඉවුම් පිහුම්වලට ගන්නා ප්‍රෙෂර් කුකර් නමැති උදුනකි.

සංගීත සංදර්ශනයෙන් පසු පෙම්වතා පෙම්වතිය කෙළෙසා පාළු ළිඳකට තල්ලුකරලා!


සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි ගමනේදී සිය පෙම්වතිය පාළු වත්තකට ගෙනගොස් කෙළෙසා ළිඳකට දැමූ පෙම්වතෙක් ඇතුළු 3 තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මීරිගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 

මීරිගම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක ඊයේ රාත්‍රී පැවැත් වූ බව කියන සංගීත සංදර්ශනයක් නැරඹීමට මෙම තරුණිය සිය පෙම්වතා සමග ගොස් ඇතැයි පොලීසිය කියයි. 

Tuesday, April 16, 2013

එතෙර සියලු චෝදනාලාභීන් දඬුවම් ලබද්දී ශ්‍රී ලංකා විනිසුරු තිදෙනා තවමත් නිදැල්ලේ

විනිසුරුවන් මුදලට තරග පාවාදීමේ සිද්ධියමුදලට තරග පාවාදුන්නේ යෑයි චෝදනා ලබා සිටි පාකිස්‌තානු විනිසුරුවන් දෙදෙනකුට තරග විනිශ්චය තහනම් කිරීමට පාකිස්‌තානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය පියවර ගෙන තිෙරී.

තහනම් කළ විනිසුරුවන් දෙදෙනා අතර ටෙස්‌ට්‌ තත්ත්වයේ පසුවූ නදීම් ගෞවුරි විනිසුරුවරයාද සිටින අතර ඔහුට වසර 4 ක තරග තහනමක්‌ද දේශීය තරග මාලාවේ විනිසුරුවරයකු වන අනිස්‌ සිද්දික්‌ට වසර 3 ක තරග තහනමක්‌ද පැනවීමට තීරණය වී තිෙරී. නදීම් ගෞරි පාකිස්‌තානය වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 5 කට, එක්‌දින තරග 43 කට සහ විස්‌සයි විස්‌ස තරග 4 කදී විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිෙරී.

පියාගේ සැප කාරය තුළ සිරවුණු පස්‌ හැවිරිදි පුතු මරු තුරුලට

කොච්චිකඩේ පොලිස්‌ වසමට අයත්, තෝප්පුව ග්‍රාමසේවා වසමේ පදිංචිව සිටි පස්‌ හැවිරිදි දරුවකු සිය පියාගේ නවීන පන්නයේ මෝටර් රථය තුළ සිරවී සිහිසුන්ව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 11 දා මරණයට පත්වී තිබේ.

මෙලෙස මියගොස්‌ ඇත්තේ තෝප්පුව - කොච්චිකඩේ තිදෙනකුගෙන් සමන්විත පවුලේ බාලයා වූ සන්දීප් කෞශල්‍ය ප්‍රනාන්දු නමැති දරුවායි.

මේ දරුවා පියාගේ නවීන පන්නයේ මෝටර් රථය තුළට ගොස්‌ දොර අගුළු දමා ගැනීම නිසා හුස්‌ම ගැනීමේ අපහසුතාවට පත්වී ඇතැයි පරීක්‍ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන තිබේ. දරුවා ආගිය අතක්‌ නොමැතිවීම නිසා ඔහු සෙවීමේ යෙදී සිටි ඤාතීන්ට දරුවා මෝටර් රථය තුළ සිරවී ඇතැයිs අවබෝධ වී තිබේ. කුළුගෙඩිවලින් ගසා වීදුරු කඩා දරුවා පිටතට ගන්නා විටත් ඔහු සිහිමුර්ඡාවෙන් පසුවී ඇත. පළමුව මීගමුව රෝහලට ඇතුළත් කර ඇති දරුවා පසුව ජාතික රෝහලට මාරුකර යවා තිබේ. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 11 දා ඔහු මරණයට පත්වී ඇත.

Monday, April 15, 2013

බිරිඳගේ අනියම් සම්බන්ධතාවය විසඳා ගන්න දරුවාට වසදී මව සහ පියාද වස බීලා...


පළමුව පැණි බීම යෑයි කියා තම පුතුට දීතිබෙනවා...

පවුලේ අඹු සැමියන් අතර ඇතිවූ සැකයක්‌ විසඳාගත නොහැකිව සිය දරුවාටද වස පොවා සිය දිවි හානිකර ගැනීමට ගත් උත්සාහයක්‌ ව්‍යර්ථවී තිදෙනාම මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියෙන් මාතලේ දුම්කොලවත්ත ප්‍රදේශයේ පදිංචි මව, පියා සහ තුන් හැවිරිදි දරුවා රෝහල්ගත කර
තිබෙනවා. මාස කීපයක සිට සැමියා තුළ ඇතිවූ බිරිඳගේ ඥතියකු සමඟ ඇතැයි කියන අනියම් සම්බන්ධතාවක්‌ පිළිබඳව ඇතිවූ සැකයක්‌ මෙම වස පෙවීමට හේතුවී තිබෙනවා.

ශාරුක්ට, ෆාරාට නඩු


මන මෝහනීය රැඟුමින් බොලිවුඩ් ලොව වර්ණවත් කළ මනීෂා කොයිරාළට පසුගිය මාස කීපය මහා අපල කාලයක් වී තිබුණා. ඇය බෙහෙවින්ම ගිලන් වී සිටියා. ඇයට වැලඳී තිබුණේ පිළිකා රෝගයක්. විවාහ වී ටික කලකින්ම සැමියා ගෙන් වෙන් වී සිටි ඇයට වැලඳුණු මේ පිළිකාවත් සමඟම ඇය දැඩි අසරණ තත්ත්වයට පත්වුණා. ඒ වුණත් ඇය ළඟින් සිටියේ පවුලේ සමීප ඥාතින්.
මනීෂාට ප්‍රතිකාර කෙරුණේ ඇමරිකා එක්සත් ජනපදයේදීයි. නිව්යෝක් නුවර රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇයගේ රෝගී තත්ත්වය පසුගිය සතිය වන විට යථා තත්ත්වයට පත්වූ බවයි ආරංචි. ඇයට වැලඳී තිබුණු රෝගී තත්ත්වය බොහෝ දුරට මර්දනය කරන්නට වෛද්‍යවරුන්ට හැකිවී තිබුණා. නැවතත් ඇයට සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරගෙන යන්නට තරම් යහපත් තත්ත්වයක් උදාවෙලා.

යූසුෆ් පතාන්ගේ විවාහ මංගලෝත්සවය


අයි.පී.එල්. අලුත් වීරයෙක්

ක්‍රිකට් ලෝකය උඩුයටිකුරු කළ ඉන්දියා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලිය පසුගියදා ආරම්භ වුණා. එහි දෙවැනි තරගය පැවැත්වුණේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.
පළමුව පන්දුවට පහරදුන් බැංග්ලෝර් පිලට දැවැන්ත අභියෝගයක් එල්ල කරමින් කඩුලු 3ක් බිඳ දැමූ මුම්බායි පිලේ අපූරු වේගපන්දු යවන්නකු ගැන එදා රාත්‍රියේ හැමෝම කතාවුණා.

මට ඒ දවස තාම මතකයි


ඇය බුවිනි චාපා දියලගොඩ. බුවිනි අපගේ රංගන ක්‍ෂේත්‍රයට පෑයූ නවක තරුවක් ලෙස හැඳින්වීම නිවැරදිය. ඇය දක්ෂ රංගන ශිල්පිනියක වන වත්සලා දියලගොඩගේ නැඟණියයි. බුවිනි මේ දක්වා දායක වී ඇති නිර්මාණ සංඛ්‍යාව විශාල නොවූව ද එම නිර්මාණ කීපය තුළින් තම රංගන හැකියාව මනාව පෙන්වීමට ඇය සමත්ව ඇත. “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද බුවිනි එක්කර ගන්නේ ඇයගේ නවතම තතු විමසා බලන්නටය.
ඔබ රංගන ශිල්පිනියක් වෙන්න සිහින මැවූ කෙනෙක්ද?
ඔව්. රංගනයට ඒමේ ආශාවක්, පුංචි හීනයක් මගේ හිතේ කොනක තිබුණා. මගෙ ගම කඩුවෙල. පාසල් ගියේ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට. පාසලේ දී මම කලාවට සම්බන්ධ වුණා. උසස් පෙළට ඉගෙනගත්තේ නාට්‍ය හා රංග කලාව, නර්තනය කියන විෂයයන්. පාසල් නාට්‍ය තරගාවලියකදී පාසලේ හොඳම නිළිය වෙන්නත් මට අවස්ථාව ලැබිල තියෙනවා.

සිනා කතා


දෙකම එක වගෙ


සූරසේන තම බිරියගේ කාර්යාලයට ආවේ ඇයත් සමඟ මළ ගෙදරක යාමට ය. සැමියා තමා සේවය කරන අංශයේ වාඩි කරවා, හැඩ වැඩ වීමට රජිතා බාත්රූම් එකට රිංගා ගනිද්දී සූරසේන, රජිතා පාවිච්චි කරන ටයිප් රයිටරය දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටිනු දුටු, අල්ලපු මේසයේ වීරක්කොඩි සිනාසෙමින් මෙසේ ඇසීය.
“මොකෝ මිස්ටර් සූරසේන ටයිප්රයිටරය දිහා බලාගෙන ලොකු කල්පනාවක?”
“නෑ, මං මේ කල්පනා කළේ මිස්ටර් වීරක්කොඩි මේ ටයිප් රයිටරෙයි අපෙ රජිතයි කොයිතරම් සමාන ද කියල.” සූරසේන කීවේය.

හොඳම හාදුවට හොඳයිලු


ඇන්ජලිනා නෙත් පාදයි

සුපිරි නිළි ඇන්ජලිනා ජොලී, සමාජ සේවයට වඩාත් ළැදියි. ඇයගේ අතහිත නිතරම යෙදවෙන්නේ අසරණ දරු දැරියන් වෙනුවෙන්. පසුගියදා ඇය තවත් අසරණ දැරියන් රැසකගේ නෙත් පෑදීමේ මහඟු කටයුත්තක් ආරම්භ කළා. ඒ, ගැහැනු ළමයින් වෙනුවෙන් පාසලක් ඉදි කිරීමෙන්.
මේ පාසල ඉදිවුණේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේයි. මෙහි දැනට සිසුවියන් 200 ක් 300 ත් අතර පිරිසක් අධ්‍යාපනය ලබමින් සිටිනවා. ඇන්ජලිනා පවසන්නේ තමන්ගේ නමින් ක්‍රියාත්මක වන සමාජ සේවා පදනම මඟින් ආරම්භ කරන ලද මේ බාලිකා පාසලේ වැඩ කටයුතු සාර්ථකව සිදු කෙරෙන බවයි.
ඇන්ජලිනා ගේ මෙම සමාජ සේවා පදනම ආරම්භ කර ඇති පාසල් පිහිටුවීමේ වැඩ සටහනෙහි මුල්ම පියවර මෙයයි. මේ කටයුතු සඳහා මුදල් ලබා ගන්නේ බාහිර පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් නොවෙයි. තමන් සතු වටිනා ඇඳුම් ආයිත්තම් අලෙවි කිරීමෙන්.

අලුත් අවුරුද්දේ අපි



සර්වාභරණයෙන් සැරසී සිටින තාරකා වකටත් වඩා උපන් ඇඳුමින් සැරසුණු තාරකාවකට එක් රැයකින් ලොවම දෑස් තමන් වෙත ආන්දෝ ලනාත්මක ලෙස රඳවා ගත හැකියි. 

වීනා මලික් චරිතය ලොවම හඳුනා ගත්තේ ඇය පුංචි තිරයේ සහ රිදී තිරයේ තාරකාවක වී බොහෝ කලකට පසුය. ඒ ‘ෆෝ හිම් මැගසින්’ (එෆ් එච් එම්) කවරයට නූල් පොටක් හෝ නැතිව පෙනී සිටීම නිසාය. එෆ් එච් එම් යනු පිරිමින් සඳහා නිකුත්වන ජනප්‍රිය අන්තර් ජාතික සඟරාවකි.

2012 දී එෆ් එච් එම් සඟරාවෙන් ඇය ලොව සරාගී කතුන් සිය දෙනා අතර විසිහය වැනියා ලෙස ශ්‍රේණිගත කෙරුණි. ඒ ඇන්ජලිනා ජොලී, මෙගන් ෆොක්ස්, පැරිස් හිල්ටන්, කිම් කාඩෂියන් යන සුපතළ තාරකාවන් සමඟ තරග වදිමිනි.

ඇත්තටම කොටකෙතන සිදුවූයේ කුමක්ද?


කහවත්තේ ධර්මසිරි නිදහස් වූ හැටි... 

පසුගිය කාලයේදී රටේ වැඩියෙන්ම කතාබහට ලක්වූ ගම කොට කෙතනය දිගින් දිගටම සිදුවූ කාන්තා ඝාතන රැල්ල ඊට හේතුව විය. 

ආන්දෝලනාත්මක කොටකෙතන පළමු ද්විත්ව ඝාතනයේ තෙවැනි හා සිව්වැනි සැකකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීම පසුගිය 2 වැනිදා සිදුවිය.වසරකුත් දෙසතියක පමණ කාලයක් අඛණ්ඩව බන්ධනාගාරගත කර සිටි ලොකුගම්හේවගේ ධර්මසිරිට ද මෙහිදී නිදහස ලැබුණි. 

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාව නියෝජනය කළ මන්තී‍්‍රවරයෙකි. අඛණ්ඩව මාස ගණනාවක්ම ප‍්‍රාදේශීය සභා රැස්වීමට සහභාගි නොවූ නිසා ඔහුගේ මන්තී‍්‍රධුරය අභියෝගයට ලක්විය.

මාතලේ ඒ සමූහ මිනීවළ හැර තවත් සමූහ මිනී වළවල් තිබේ...


මිහිකත අවසානයේ තමන් දරා සිටි බරින් නිදහස්‌ වූයේ අනපේක්‍ෂිත අන්දමටය. මාතලේ රෝහල් භූමියේ ජීවවායු ඒකකයක්‌ ඉදිකිරීමට පොළව කැණිමේදී ලංකා ඉතිහාසයේ දැවැන්තම සමූහ මිනීවළ මිහිකත මෙලෙස ලෝකයට විවර කළාය. පසුගිය වසරේ නොවැම්බර් 26 වෙනිදා සිට පුරා මාස 02 ක්‌ පුරා ඒ සම්බන්ධව විවිධ මත පළවිය. නමුත් ඒ මත සියල්ල ප්‍රතික්‍ෂේප කරමින් 87 - 90 කාලය තුළ සිදුවූ යම් සිදුවීමකින් සිදුවූ දෙයක්‌ බවට අදාළ වාර්තා පදනම් කර ගනිමින් මාතලේ මහේස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරිය අවසානයේදී විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.


මාතලේ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අර්ත් ජයසේන සහ මහාචාර්ය රා- සෝමදේව මහතා ලංකාවේ ප්‍රථමවරට සමූහ මිනීවළක්‌ පිළිබඳව විශිෂ්ට විශ්ලේෂණයක්‌ සිදුකළහ. මහාචාර්ය රා- සෝමදේව මහතා සිය වාර්තාවේ 'නමුත් කවරෙකු විසින් හෝ කුමන හේතුවක්‌ නිසා පුද්ගලයන් 154 දෙනෙකුට නිදහසේ මියයාමට ඇති අයිතියත් උදුරාගෙන ඇති බව මාගේ වෘත්තීය සීමාවෙන් ඔබ්බෙහි සිට කල්පනා කරන විට මගේ හදවතට දැනෙමින් තිබේ.' ලෙස සඳහන් කර තිබේ.

නෙහාරගෙයි මේනකගෙයි ලව් එක මාධ්‍යට වසන් කල හේතුව මෙන්න...



වෙලාවකට නෙහාරාගේ ආදරය මට කරදරයක්...මේනක

මේනක වෙනත් නිළියන් එක්ක රඟපාද්දී මට ලොකුම ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා...නෙහාරා

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් පුවත් මවන්නේ බොහෝ කලක සිටය. වරින්වර ඔවුන් දෙපොළ ගැන විවිධ කටකතා ක්ෂේත්‍රය පුරා පැවතිණ. ඒවාට මේනක, නෙහාරා පිළිතුරු බඳින්නට ද පසුබට නොවූහ.

මේනක - නෙහාරා විවාහයට සූදානම් වනවා...මේ ඔවුන් පිළිබඳ දැන ගන්නට ලැබුණු අලුත්ම පුවතය. එහි සත්‍ය අසත්‍යතාවය ගැන අපි ඔවුන් ගෙන් සෘජුවම විමසුවෙමු. මේනක ඒ සඳහා පළමුව අදහස් දැක්වීමට ඉදිරිපත්
වුනා.


මේනක ඇත්තද ඒ කතාව?