Thursday, June 27, 2013

gossip lanka - දැරිය කෙළෙසා දෑවැදිත් ඉල්ලලා

බාලවයස්කාර දැරිවියක් මව්පියන්ට හොර රහසේ පැහැර ගෙන ගොස් ඇය සමග මාස 09 ක කාලයක් අඹු - සැමියන් ලෙස ගත කර පසුව දෑවැද්ද ඉල්ලමින් ඇයට පහර දෙන බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 15 ක බාලවයස්කාර දැරිවියක්වය.  පැහැර ගැනීමට ලක්වී ඇති දැරිවිය සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.එහි ප්‍රතිපලයක් ලෙස පසුගිය වසරේ සැප්තැම්බර් මස 02 වැනි දින සැකකර දැරිවියව ඇයගේ මව්පියන්ගේ බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් ඇත.
මාසයක පමණ කාලයක් සැකකරුගේ පියා පදිංචිව සිටින කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක දෙදෙනා ජීවත්වී ඇති අතර ඉන් පසුව තවත් මාස 02 ක කාලයක් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඥතියෙකුගේ නිවසේ ගත කර ඇත.පසුව දෙදෙනාම වෙන්නප්පුව - කොලින්ජාඩියේ පිහිටි සැකකරුගේ මවගේ නිවසට පැමිණ ඇත.

gossip lanka - මට සිහිය එනවිට හිටියේ ගිලන් රථයේ : බිරිඳ හා නංගී මියගිය බව උදේ දැනගත්තා

train-acci3අපි ‍පොසොන් බලන්න ගියේ හරිම සතුටින්. අපි යද්දී අලුත්ගමට මහ වරුසාව. තොරණක් බලන්න කියල හරස් පාරකට වාහනය හරවනවා මතකයි. මට ඊට පසුව සිදුවූ දේ මතක නැහැ. මට බිරිඳ හා නැගණිය අහිමි වුණා යැයි පසුගියදා (25) රාත්‍රියේ අලුත්ගම ගනේගම අනාරක්ෂිත හරස් මාර්ගයේදී සිදුවූ වෑන් - දුම්රිය ගැටුමෙන් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටින තාරක බටුවන්තුඩාව (අවු. 23) යන අය කීය.
සිද්ධියෙන් මිය ගියේ කළුතර දොඩම්ගොඩ  අඹගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ ඉෂාරා බිනරමලී බටුවන්තුඩාව, කළුමැදිරිය කංකානම්ගේ රාණි (අවු. 54), ජාවිගොඩගේ රශ්මි කවිශානි (අවු. 20), ජාවිගොඩගේ ලක්මි මධුෂානි (අවු. 23), ජයවර්ධන මහමුදලිගේ ධම්මිකා (අවු. 32), දසනායක මුදියන්සේලාගේ දිනේෂිකා මදුෂානි (අවු. 12) යන අයයි.
වාහනයේ රියැදුරු සුනිල් ශාන්ත, ඔහුගේ පුත් කසුන් ජයවර්ධන (අවු. 07), කේ. වංශපාල (අවු. 52), කළණ (අවු. 18) තාරක බටුවන්තුඩාව (අවු. 23) යන අය මෙම සිද්ධියෙන් තුවාල ලබා සිටියි.
සිද්ධියෙන් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහ‍ලේ ප්‍රතිකාර ලබන තාරක බටුවන්තුඩාව (අවු. 22) තවදුරටත් අදහස් දක්වමින්.