මරණාසන්න මොහොතකදී අපේ සිත අපේ කයෙන් නික්ම යාමක් වැනි හැඟීමක් ඇති විය හැකි බව මීට පෙර විස්තර කළෙමු. නමුත් මරණාසන්න අත්දැකීමක් (Near death experience) යනු ඉහත කී පරිදි ශරීරයෙන් පරිබාහිර අත්දැකීමක් (Out of body experience) නොවේ. මරණාසන්න මොහොතකදී අපේ සිත අපේ කයෙන් නික්ම යාමක් වැනි හැඟීමක් ඇති විය හැකි බව මීට පෙර විස්තර කළෙමු. නමුත් මරණාසන්න අත්දැකීමක් (Near death experience) යනු ඉහත කී පරිදි ශරීරයෙන් පරිබාහිර අත්දැකීමක් (Out of body experience) නොවේ. මරණාසන්න තත්ත්වයට පත්ව නැවත සුවය ලැබූ අය එම අවස්ථාවේදී මුහුණ දුන් අත්දැකීම් විවිධ අයුරින් විස්තර කරති. එබඳු රෝගීන් සිය ගණනක් පරීක්ෂා කර බලා ඔවුන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා රැස්කරගත් තොරතුරු පදනම් කර ගනිමින් විවිධ
පර්යේෂකයන් විසින් නොයෙකුත් ආකාරයේ මරණාසන්න අත්දැකීම් මාලාවක් ලැයිස්තු ගත කර තිබේ. මෙයින් වඩාත්ම වැදගත් වන්නේ 1980 වසරේදී කෙනත් රින්ග් (Kenneth Ring) නම් පර්යේෂකයා විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද මරණාසන්න අත්දැකීම් දහයකින් සමන්විත වූ Weighted core experience index නම් වූ විස්තර මාලාවයි.