16 දා යුග දිවියට ඇතුළත් වූ රූමත් තිස් හැවිරිදි තරුණියක් මනාලයාගේ නිවසේදී පෙරේදා (17 දා) රාත්‍රි එහි වගා ළිඳක මියගොස් සිටියදී රාත්‍රි 10.45 ට පමණ කන්තලේ පොලිසිය පැමිණ ගොඩගන්නා ලදී.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළිමතලාව දන්තුරේ පදිංචි රූමත් කුඹුරේගෙදර චම්පිකා උදයකාන්ති (30) නමැත්තියකි.
කන්තලේ 84 ප්‍රදේශයේ පදිංචි වැලි ජාවාරම්කරුවකු වන ජයවීර පටබැඳිගේ දුමින්ද රෝෂාන් (33) යන අය සමග ඉකුත් 16 දා මියගිය අය විවාහ වී ඇත්තේ කපුකමක් මාර්ගයෙන් වන අතර ඊට මාස දෙකකට ආසන්න කාලයකට වඩා දිගු ඉතිහාසයක් නොමැත
අලුත්ගම ප්‍රදේශය හරහා පෙරේදා (16 වැනිදා) සවස අධික වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟින් පසු වහළයේ ගැලවී ගිය ටකරන් තහඩු සෑදීමට වහළයට නැග්ග 31 හැවිරිදි එක්දරු පියෙකු වහළය මත සවිකර තිබූ ඇන්ටනා වයරය දිගේ ඇදී ආ විදුලි සර වැදීමෙන් එම ස්ථානයේදීම මරණයට පත්විය.
දෙමටගොඩ ආරාමය පෙදෙසේ නිවසක් ඉදිරිපිටදී සිය සැමියා විසින් බිරිඳගේ ශරීරයේ සිව්පොලකට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි.
පෙරේදා (16 වැනිදා) රාත්‍රී 10.00 ට පමණ සිදුවූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්වී ඇත්තේ විඡේකුමාරි මනෝමනී (22) නමැති තිදරු මවකි.
හයිබි්රඞ් මෝටර් රථයක් ජපානයෙන් ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ 26ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් මත ජනප්‍රිය නිළියක් හා නර්තන ශිල්පිනියක් වන නිලන්ති ඩයස් ගේ සැමියා වන නිරෝෂන් ක්‍රිෂාන්ත ෆොන්සේකා නැමැත්තාට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාවරෙන්තු නිකුත්කර ඇතැයි වාර්තා අප වෙත වාර්තා වෙනවා.
මෙලෙස වංචා කරන ලද මුදල මසකට රුපියල් 4,50,000 බැගින් මාස හයක් තුළ ගෙවීමට අධිකරණයේදී වූ පොරොන්දුව මත එහි වාරිකය ගෙවීම සඳහා නියමිතව තිබූ පසුගිය 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත්කර තිබෙනවා.
ප්‍රේක්ෂකයෝ පිස්සු වැටිලා...
තමන්ගේ අග පසඟ පෙන්නන්නන් අතර පූනම් පාන්ඩේ කියන්නේ කියන්නේ අලුත් කෙනෙක් නෙමෙයි.
පසුගිය සඳුදා publicity stunt එකකට හරි එහෙමත් නැත්නම් "අහිංසක කමට හරි" පූනම්ගේ ගින්දර වගේ ඇඟ පසඟ පෙන්නලා tweeter එකේ පින්තූයක් upload කරලා තිබුණා.
රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා යන ජනප්‍රිය ගායන ශිල්පි යුවළගේ නිවසට කඩා වැදී එම යුවළගේ හිසකෙස් කපා වධ හිංසා කොට මරණ තර්ජන එල්ල කරන ලද එවකට ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ (පීඑස්ඩි) නියුතුව සිටි පොලිස් නිලධාරීන් 11 දෙනකු පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් අද (18 වැනිදා) විවාහ දිවියට එළඹේ.
බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්වෙන මැතිව්ස්ගේ විවාහ උත්සවය සඳහා වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් ඇතුළු දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් රාශියක් සහභාගිවීමට නියමිතය.
මම කිසිම දිනයක ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවකට හෝ වයඹ පළාත් සභා මැතිවරණයට හෝ ඉදිරිපත් වන්නේ නැහැ. එවැනි කතාවක් රට පුරාම ප්‍රචාරය වෙනවා. ඒක අමූලික බොරුවක්. ලෝකයේ ගුරු වෘත්තියට වඩා ශේ්රෂ්ට වෘත්තියක් තවත් නැහැ. මේක තවත් කාන්තා හිංසනයක් පමණයි.
ඔස්ට්‍රේලියානු ජාතික ඒ.ජේ. මිලර් සහ ඔහුගේ පෙම්වතිය වන මේරි සුසෑන්ලක් දෙදෙනා යළි උපත ලද ජේසුස් වහන්සේ සහ මේරි මැන්ඩලීන් බවට දිව්රා සහතික වෙති. ඔවුන් මෙම ප්‍රකාශය කළේ ඔස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවක ‘අද උදය’ (Today Morning) නැමැති වැඩ සටහනේදීය. “මා ජේසුතුමා වි සිටි කාලයේ මට කුරුසයේ ඇණ ගහනවා මට හොඳට මතකයි.” මිලර් කීවේය. “ මගේ නම ජීසස්. නමුත් බොහෝ දෙනා මට මේ නමින් අමතන්න මැලිකමක් දක්වනවා.” රූපවාහිනි වැඩ සටහනේ නිවේදකයින් වන ඊමොක් හාල්ටිස් සහ රූත් ලැන්ග්ස්ෆොඩ්ට ඔහු පැවසීය. මේ සත්‍ය ප්‍රකාශ කරන හැම විටම වාගේ මිනිස්සු මාව විහිළුවට ගන්නවා. මේ ප්රශ්නය පළමු වැනි ශත වර්ෂයේදීත් තිබුණා. දැනුත් එහෙමයි.