මරදාන ප්‍රදේශයේ ලැඟුම් හල් තුනක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථාන තුනක් වැටලූ මාලිගාවත්ත පොලිසිය තරුණ කාන්තාවන් 27 දෙනකු ඇතුළු 30 දෙනකු පෙරේදා (31 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
කාමර කුලියට දෙන මුවාවෙන් මෙම ලැඟුම්හල්වල ගණිකා නිවාස පවත්වාගෙන ගිය කළමනාකරුවන් තිදෙනකුද අත්අඩංගුවට ගත් පිරිස අතර ඇත.
Thursday, August 1, 2013
Gossip lanka - රතුපස්‌වල යුද පිටියක් වෙයි විරෝධතා විසුරුවයි මරණ 1යි; 20කට තුවාල
වැලිවේරිය රතුපස්‌වල කර්මාන්ත ශාලාවකට එරෙහිව ගම්වාසීන් ඊයේ (01 වැනිදා) සිදුකළ විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීමට යුද හමුදාව හා පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර, කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශවාසියකු මියගොස් තවත් 20 දෙනකුට අධික පිරිසකට තුවාල සිදුවී ඇත.
තුවාල ලැබූ අය අතර වැලිවේරිය පොලිස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්. කේ. උපාලි මහතාද වෙයි. වැලිවේරිය රතුපස්‌වල ඇතුළු ගම් දොළහක ජනතාවගේ පානීය ජලය අපවිත්‍ර වීමට බලපාන බව කියන කර්මාන්ත ශාලාව වසා දමන ලෙසට එම ප්‍රදේශවාසීහු ඊයේ (01 වැනිදා) සවස නුවර - කොළඹ පාරේ බැලුම්මහර හා කඩුවෙල නුවර පාරේ වැලිවේරිය හා රතුපස්‌වල යන ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවයන් සිදුකර තිබේ.

Gossip Cricket - "අපි ආත්මාර්ථකාමී නෑ" - සංගක්‌කාර
අයි. පී. එල්. වැනි තරගාවලිවලට ක්‍රීඩා කිරීමේදී රට ගැන නොසිතමින් ක්‍රීඩා කරන්නේ යෑයි විටෙක චෝදනා හැගුණද ඒ සියල්ල සත්‍ය නොවන බව සඳහන් කරන ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර, කණ්‌ඩායමේ සියලූම සාමාජිකයින් රට ගැන තිබෙන වගකීම එලෙසම තබා ගනිමින් කටයුතු කිරීමට වගබලාගෙන සිටින බව සඳහන් කර සිටියේය.
Subscribe to:
Posts (Atom)