Wednesday, May 15, 2013

ගුවන් නියමුවන් දෙදෙනා මෝස්තර නිරූපණ ශිල්පිණියක් නියමු කුටියට ගෙන්වා ගෙන


ගුවන් යානය ස්වයංක‍්‍රීය නියමු පාලනයට යොමු කරලා...

වරෙකට එකා බැගින් ශිල්පිණිය සමග ඡායාරූප අරන්... 

ගුවන් යානය පියාසර කරමින් තිබෙන අතරතුර නියමු කුටියට ගෙන්වා ගත් මෝස්තර නිරූපණ ශිල්පිනියක හා ඡායාරූප වලට පෙනී සිටි වියට්නාම ජාතික ගුවන් නියමුවන් දෙදෙනෙකුට වැඩ වැරදී ඇත. මේ ඡායාරූප ගන්නා අවස්ථාවේදී යානය තිබී ඇත්තේ පොළොවේ සිට අඩි දහස් ගණනක් උඩිනි.

ඡායාරූප වලට පෙනී සිටින අවස්ථාවේ ගුවන් යානය ‘‘ස්වයංක‍්‍රීය නියමු‘‘ පාලනය යටතේ පැවැත ඇතැයි සදහන්ය. ස්වයංක‍්‍රීය නියමු පාලනයේදී ගුවන් යානය ස්වයංක‍්‍රීයවම හැසිරවීම සිදුවන අතර එය සිදුකරන්නේ ගුවන් යානයේ පරිගණක පද්ධතිය මගිනි.


ගුවන් යානය ස්වයංක‍්‍රීය නියමු පාලනයට යොමු කළ විට ගුවන් නියමුවෙක් යානය පාලනය කිරීමට අවශ්‍ය නොවේ.එසේ වුවද ස්වයං පාලනයට ගුවන් යානය යොමු කර විවේක ගැනීමේ අවසරයක් කිසිදු ගුවන් නියමුවෙකුට ලබා නොදෙයි.