Saturday, June 8, 2013

ජනප්‍රිය නළු සුරාජ් මාපාගේ චරිතය ඝාතනය කිරීමේ වෑයමක්

නළු නිළියන් රැසකට යැවූ එස්.එම්.එස්. පණිවුඩයක් ගැන ‍පොලිසි යයි 

නිර්නාමික දුරකථන ඇමතුම් හා කෙටි දුරකථන පණිවුඩ මගින් මරණීය තර්ජන එල්ල කිරීමත්, නොයෙකුත් චරිත ඝාතන සිදුකිරීමත් නිසා නීතියේ පිහිට පතන පුද්ගලයින් පිළිබඳ පුවත් නිබඳ වාර්තා වේ. මෙවැනි අර්බුදයකට ලක්වීම හේතුවෙන් අපේ ජනප්‍රිය කලාකරුවකුටද පසුගියදා නීතියේ පිහිට පතන්නට සිදුවිය. ටෙලිනාට්‍ය සහ සිනමා නළුවකු ලෙසත් නර්තන ශිල්පියෙකු ලෙසත් නමක් දිනා සිටින සුරාජ් මාපා පසුගියදා නීතිය හමුවට ගියේ කෙටි දුරකථන පණිවුඩ හේතුවෙන් තමාට වූ අසාධාරණයක් නිසාය. මෑත කාලයේදි සුරාජ් පිළිබඳ සඳහන් කෙටි දුරකථන පණිවුඩ කලාලොවේ සිටින බොහෝ අයට ලැබි තිබිණි. මෙම නිර්නාමික කෙටි දුරකථන පණිවුඩ තුළ සුරාජ්ගේ චරිත ඝාතනය වන ආකාරයේ  කරුණු සඳහන් වූ අතර එම සාවද්‍ය තොරතුරු තුළින් සුරාජ්ගේ අතිශය පෞද්ගලික ජීවිතයට විශාල මඩ ප්‍රහාරයක් එල්ල කොට තිබිණි. මේ කරුණු පිළිබඳ සුරාජ් ‍පොලීසියට පැමිණිලි කළ අතර මිරිහාන ‍පොලීසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගත්තේය. මෙම සිදුවීම ගැන වැඩිදුර විමසීමට අප සුරාජ් ඇමතුවෙමු.
සුරාජ් මොකක්ද මේ සිදුවීම? 
මා ගැන වැරදි සඳහන් කරලා කලා ලෝකේ නළු නිළියන් මගේ හිතවතුන් ඇතුළු විශාල ප්‍රමාණයකට එස්.එම්.එස්. පණිවුඩ යවා තිබුණා.
මෙය සිදුකර තිබුණේ එකම අයෙකු විසින්. ඉතින් මම ඒ ගැන ‍පොලීසියට පැමිණිලි කළා.
පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගත් බව ආරංචියි.? 

නිළියක් වෙන්නට ගිය රූමත් යුවතිය ලක්ෂ ගණනකුත් අහිමිකරගෙන දරුගැබකුත් සමග අතරමං වෙයි

මේ කතාවේ පළමුවැනියා නයෝමිය. ජීවිතය ජයගන්නට ඇය තෝරා ගත්තේ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයයි. ඇයට ඒ මාර්ගය විවර විය. ඒ අනුව ටෙලි නාට්‍ය කීපයක හා රූප රචනා කළ ගීත කිහිපයකට පෙනී සිටීමේ වරම ඇයට ලැබුණි. එහෙත් දැන් ඇය අප්පෙක් නැති දරුවෙකු බිහි කිරීමේ අරමුණින් කල් ගෙවන්නීය. ඒ නිළියක වන්නට ගිය ඇය, චීවරධාරියෙකු ලෙස පෙනී සිටි නරුමයෙකුට රැවටුණු නිසාය.
නිළියක වන්නට ගොස් ජීවිතය වරද්දා ගත් දෙවැන්නා චේතනාය. ඇයත් නයෝමි සේම රැවටිලිකාරයෙකුට හසු වූවාය. ඒ චිත්‍රපට  නිෂ්පාදකවරයෙකුටය. 
මේ කතන්දර දෙකටම සම්බන්ධ නඩු දැන් උසාවිය හමුවේ විභාග වෙමින්  පවතී. ඒ නිසාම නයෝමිත් , චේතනාත් මුහුණ දුන් අත්දැකීම් අප ඔබට කියන්නේ එම නීති රාමුව තුළ සිටිමින්ය.
නයෝමි සුරූපිනියකි. අප මුලින් පැවසූ පරිදි ඇය ටෙලි නාට්‍ය පහක සහ රූප රචනා කළ ගීත මෙන්ම වෙළෙඳ දැන්වීම්වලද පෙනී සිටියාය. 
මුල් විවාහයේ දරුවෙකු සමග තනිවී සිටි ඇය නිළියක් වන්නට සිතුවේ  ඒ විනාශ වී ගිය අතීතයට වඩා වර්තමානය සහ අනාගතය යහපත් කර ගැනීමට  වුවමනා වූ නිසාය. 
මට පැහැදිලිව පෙනුණා ඒ ගමන හොඳ වෙන බව. මම මගේ අම්මාවත් කැමති කරවාගෙන  ඒ ගමන ඇරඹුවා. ඒත් බොරුකාරයෙකු නිසා මගේ ජීවිතේ විනාශ වුණා.

කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ කොල්ලන්ට බලපිය කියලයි. - රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්. කුමාර

ඇහැලියගොඩ පදිංචි රත්නපුර රෝහලේ සේවය කරන 34 හැවිරිදි විවාහක හෙදියක පසුගියදා රාත්‍රි සේවයට යමින් සිටියදී සවස 7.10 ට පමණ රෝහල හන්දියේ සිට රෝහල දෙසට පා ගමනින් ගොස්‌ ඇත. 

ඒ අවස්‌ථාවේ අතරමග තරුණයන් කිහිප දෙනකු පාරේ සිට ඇති අතර, එක්‌ අයකු ඇයගේ කලව මිරිකා තිබේ. මේ අතවරය නිසා හෙදිය ඉදිරියට යද්දී ඇය පසුපසින් ත්‍රිරෝද රථයක්‌ පැමිණ ඇති අතර, එම ත්‍රිරෝද රිය තුළ ඇයට ලිංගික අතවර කළ පුද්ගලයාද සිට ඇත. ඇය අසලින් ත්‍රිරෝද රිය හරවා ගෙන ගොස්‌ ඇත. 

ඒ අවස්‌ථාවේ ඇය ත්‍රිරෝද රථයේ අංකය සටහන් කරගෙන තිබේ. පසුව ඇය විසින් රත්නපුර පොලිසියට කළ පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක වසන්ත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකරුවන් රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් සේනානායක මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී  රත්නපුර මහෙස්‌ත්‍රාත් කේ. ඩී. එල්. කුමාර කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. 

දියවැඩියාව පාලනයට ඖෂධීය පානයක්‌

ඉන්සියුලින් ලබා ගත යුතු දරුණු දියවැඩියා රෝගී තත්ත්වයක්‌ පාලනය කළ හැකි සාර්ථක ඖෂධීය පානයක්‌ දේශීය අමුද්‍රව්‍යයන් යොදා ගෙන සකස්‌ කිරීමට ඉන්දියාවේ මුම්බායිහි පදිංචි වෛද්‍ය ටෝනි අල්මේදා හා වෛද්‍ය ශෂිකාන්ත් එස්‌. සෙත් යන වෛද්‍යවරු දෙපළ සමත්ව සිටිති.

පුළුල් වශයෙන් පරීක්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුව සාර්ථක ලෙස අත්හදා බලා ඇති මෙම ඖෂධීය පානය ස්‌වාභාවික දේශීය අමුද්‍රව්‍යයන් යොදාගෙන නිවසේදීම සකස්‌ කර ගත හැකි වීම නිසා එය කිසිසේත් සිරුරට හානිකර නොවන බව එම වෛද්‍යවරු කියා සිටිති. මෙම ඖෂධීය පානය සකස්‌ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයන් වනුයේ 1. තිරිඟු ඇට ග්‍රෑම් 100, 2. ඇරැබික්‌ නමැති ගසෙහි අඩංගු ගම් විශේෂය ග්‍රෑම් 100 (මෙය වෙළෙඳසල්වලින් ලබාගත හැකිය.) 3. බාර්ලි ග්‍රෑම් 100, 4. කළුදුරු (කළුන්ජි) ග්‍රෑම් 100

නැදුන්ගමුවේ හස්‌තියා බුදුන් වඳී






බැලුම්මහර නැදුන්ගමුව පාරේ සපුමල්උයන පාර අභියස නිලුපුලී බණ්‌ඩාර මහත්මියගේ දායකත්වයෙන් සමාධි පිළිමය සහිත බුදුකුටියක්‌ නිමවා ඇත.