Wednesday, July 10, 2013

NEWS - පුතු මියගිය පසුත් දින පහක්‌ම අම්මා බත් කවලා


මියගිය සිය පුතුට නිවසේදී දින පහක්‌ තිස්‌සේ ආහාර කැවූ මවක පිළිබඳව නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

සිද්ධිය සැකවින් මෙසේය. නුගේගොඩ ගංගොඩවිල, පරණ කැස්‌බෑව පාරේ නිවසක 60 හැවිරිදි මවක හා 27 හැවිරිදි පුතකු පමණක්‌ පදිංචි වී සිට ඇත. මෙම පුතු මානසික ආබාධයකින් පෙළෙමින් සිට තිබේ. මව ද යම් මානසික ආබාධයකින් පෙළෙන්නියක වූවාය.

GOSSIP LANKA - තැපැල් නිලධාරිනියගෙ නිරුවත් ඡායාරූප වීඩියෝ ගත කරලා

තැපැල් දෙපාර්තමේන්තු නිලධාරිනියක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනඟාගෙන ඉතාම සූක්‍ෂම ලෙස ඇගේ නිරුවත් දර්ශන සහිත වීඩියෝ පටයක්‌ නිර්මාණය කර එය බෙදාහරින බව කියමින් තර්ජනය කර ඇයට විවිධ අතවර කළ තරුණයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර තරුණයා අරාබි රටක බර වාහන රියෑදුරකු ලෙස සේවය කරන අතර මොහු නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරිනියගේ නිරුවත් දර්ශන සහිත වීඩියෝ පටය බෙදා හරින්නට සූදානම් වෙද්දී අත්අඩංගුවට පත්ව තිබේ.