සිංහල හින්දු අලුත් අවුරුදු දින කිහිපය කාට කාටත් කාර්ය බහුල දින කිහිපයක් ලෙස ගෙවී ගියේය. වඩාත්ම කැපී පෙනෙන විශේෂත්වය වූයේ රජයේ දේශපාලනඥයෝ මෙන්ම විපක්ෂයේ ද බොහෝ දේශපාලනඥයෝ මෙවර තම තමන්ගේ ගම්බිම් ප්‍රදේශවලට ගොස් අවුරුදු සමරන්නට මූලිකත්වය දී තිබීමයි. ඒ අතර සමහරු සිටියේ පිටරටවලය. තවත් සමහරු ගම්බිම්වලය. සුපුරුදු පරිදි කොළඹටම වී අවුරුදු ගත කළ පිරිසක් ද සිටියහ.......
මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ අවුරුදු දින කිහිපය සුපුරුදු පරිදි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් ජනතාව අතරට ගොස් ගත කර දැමුවේය. එහිදී පවුලේ සියලුම දෙනා එකට එකතු වී කටයුතු කිරීමට මුල්තැනක් දී තිබීමද විශේෂත්වයකි.
අලුත් අවුරුදු
ජනාධිපති මහින්ද රාජපක්ෂ අවුරුදු කන්නට සිතාගෙන තංගල්ල බලා ගමන් ගන්නේ ඉකුත් 12 වැනි සිකුරාදා හවස කල්වේලා ඇතිවය. එහි ටික වේලාවක් සිටින විට ජනාධිපතිවරයාට එක් අවාසනාවන්ත මරණයක් ගැන ආරංචියක් ලැබිණි. පසුගියදා කොළඹ, ගාල්ල අධිවේගී මාර්ගයේදී රිය අනතුරක් නිසා මියගිය ව්‍යාපාරිකයා එම ප්‍රදේශයේ අයෙකි. ඔහුගේ පියා ජනපති මහින්දගේ ද මිත්රයෙකි. මේ නිසා ජනාධිපතිවරයා අවුරුද්ද පසෙක තබා එම මළගෙදරට ද ගොඩ වී පවුලේ අය සමග දුක බෙදා ගන්නටද අමතක නොකළේය.
12 වැනිදා රාත්‍රිය කාල්ටන් මැදුරේ ගත කළ ජනාධිපතිවරයා 13 වැනිදා දවසත් කාල්ටන් නිවසට වී විවේකීව සිටියේ තමන්ව හමුවන්නට විශාල පිරිසක් කාල්ටන් නිවසට පැමිණෙන නිසාය.
එදින ජනාධිපතිවරයා හමුවන්නට කාල්ටන් නිවසට තවත් විශේෂ පුද්ගලයෙක් පැමිණියේය. ඒ අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්නය. අගමැතිවරයා පවුලේ සියලුම දෙනා සමග පැමිණ ජනාධිපතිවරයා මුණගැසී ඉතා උණුසුමින් බොහෝ වේලාවක් කතාබහ කරමින් සිsටියේය. තමන්ට දැන් ඉතාම සුව බව අගමැතිවරයා ජනාධිපතිතුමන්ට කීවේය. එදින රාත්‍රියේ නැකැත්වලට වැඩ අතහැරීමෙන් පසු ජනාධිපතිවරයා ආගමික වත් පිළිවෙත්වල යෙදී සිටියේ පවුලේ සියලුම දෙනා සමඟ ය. ජනාධිපති ආර්යා ශිරන්ති මැතිනිය, නාමල්, යෝෂිත, රෝහිත යන සියලුම දෙනා ජනාධිපතිවරයා සමග සිටීම මෙවර විශේෂත්වයකි.
පසුවදා උදෙන්ම ජනාධිපතිවරයා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අකුරටම ඉටු කරමින් පවුලේ අය සමඟ කාල්ටන් නිවසේ රැඳී සිටියේය. සියලු ජනමාධ්‍ය ආයතන එම අවස්ථාව රට පුරා ප්‍රචාරය කරමින් කාල්ටන් නිවසේ රැඳී සිටීම ද විශේෂත්වයකි. ජාතික රූපවාහිනිය එම අවස්ථාවට මෙහෙයුම් නිවේදක ලෙස යොදවා තිබුණේ වජිර ජයවර්ධනය. එහෙත් වජිර සිටියදී, රටේ රාජ්‍ය නායකයා චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන සුවිශේෂී අවස්ථාව ආවරණය කරමින් නිවේදන කටයුතු කිරීමට වෙනත් තරුණියක් යොදවාගෙන තිබිණි. එබඳු අවස්ථාවකට ආධුනිකකම් පෙන්නුම් කළ ඕ ජාතියම බලා අසා සිටියදී භාවිත කළ ඇතැම් නුසුදුසු වචන කාගේත් අවධානයට ලක්වූ බවද පෙනිණි.
අලුත් අවුරුදු මේසය අලෙවි කරන්නට ජනාධිපතිවරයාගේ කාල්ටන් නිවසට පැමිණි විශේෂම අමුත්තා වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඔහු සිය බිරිඳ දුව පුතා හා ලේලියද කැටුව පැමිණ සිටීම විශේෂත්වයකි.
ඊට අමතරව කාල්ටන් නිවසෙත් ආහාර අනුභවයට හා ජනාධිපතිතුමන් සමඟ ගනුදෙනුවට මැති ඇමැතිවරු දේශපාලනඥයෝ හා සාමාන්‍ය ජනතාව මෙන්ම හිතවතුන් විශාල පිරිසක් එදා උදයේ කාල්ටන් නිවසට පැමිණ සිටීම විශේෂත්වයකි.
අවුරුදු දවසේ දහවල් ආහාරය සඳහා ජනාධිපති මහින්දගේ පවුලේ සියලුමදෙනා එක්රැස් වූයේ මැදමුලන මහ ගෙදරටය. ජනාධිපති මහින්දට සියලුම දෙනා බුලත් දී වැඳ නමස්කාර කළත් ජනාධිපතිවරයා බුලත්දී වැඳ නමස්කාර කරන එකම පුද්ගලයා සිටියේ මැදමුලන නිවසේය. ඒ කතානායක චමල් රාජපක්ෂය. ජනාධිපතිවරයා මැදමුලනට ගිය වහාම කළේ පවුලේ සියලුම දෙනා සමග එම චාරිත්‍රය ඉටු කිරීමය.
එම අවස්ථාවට සහභාගි වී චමල් රාජපක්ෂට ආචාර කර රාජපක්ෂ පවුලේ අය සමග දිවා ආහාර ගන්නට විශාල පිරිසක් පැමිණ සිටියහ.
අවුරුදු බෝනස්
එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ කිසිවෙක් මෙම සිංහල අලුත් අවුරුදු දින කිහිපය තුළ ලංකාවේ සිටියේ නැත. එජාප නායක රනිල් සිය බිරිඳ මෛත්‍රී සමග විදේශ සංචාරයකට සූදානම් වෙමින් සිටියේය. පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක ද පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු කිහිපයකට විදේශගත වෙන්නට බලා සිටියේ ය. එහෙත් ඊට පෙර කළ යුතුකම් කිහිපයක් ඉටු කරන්නට එජාප නායකයො අමතක නොකළහ.
තිස්ස පසුගිය 10 වැනිදා සිරිකොත කාර්ය මණ්ඩලයේ සේවය කරන 54 දෙනා වෙනුවෙන් සිරිකොත පරිශ්‍රයේ අලුත් අවුරුදු සාදය පවත්වනු ලැබීය. සියලුම සේවක සේවිකාවන් වෙනුවෙන් තෑගිභෝග ප්රදානය කළ ඔහු අවුරුදු බෝනස් දීමනාවද ලබා දුන්නේය. පක්ෂයේ නායකයාගේ සුබ පැතුම් පණිවිඩය කියවා සියලුම දෙනා වෙනුවෙන් සූදානම් කළ දිවා ආහාරය පිළිගැන්වීය. එදා දවල් වරුවම ගත කළේ සිරිකොත සේවක සේවිකාවන් සමඟය. පිරිස කා බී විනෝද වී එකිනෙකාට සුබපැතීමෙන් අනතුරුව විසිර ගියේ හදපිරි සතුටකින් යුතුවය.
සිරිකොත නිලධාරීන්ටත් නිවාඩු දුන් නිසා ඉන් පසුව පක්ෂයේ කිසිදු විශේෂ දේශපාලන කටයුත්තක් නොකෙරිණි. එජාප මන්ත්‍රීවරු මෙන්ම සියලුම දේශපාලනඥයන් ගම්බිම් බලා විසිර ගියහ. එජාප නායක රනිල් මෛත්‍රී සමග 12 වැනිදා උදෙන්ම තායිලන්තය හරහා ලාඕසය බලා පිටත්ව ගියේය. මහ ලේකම් තිස්ස 11 වැනිදා ජපානය බලා පිටත්ව ගියේය.
ලාඕසයේදී රනිල් උත්සාහ ගත්තේ එහි ඇති ථෙරවාදී බෞද්ධ සිද්ධස්ථාන නරඹන්නටය. 13, 14 දින දෙකම රනිල් සිටියේ එහි ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථාන අතරය. පළමුව එම තැන් පිළිබඳ පත පොතින් කරුණු එක්රැස් කර හැදෑරූ ඔහු පසුව ඒ එකක් නෑරම නරඹන්නට කාලය යෙදවීය.
තිස්ස ජපානයට ගියේ එහි එජාප විදේශ ශාඛා සමිතියේ ප්රතිසංවිධාන කටයුත්තකටය. පළමුව ඔහු එහි නව නිලධාරී මඬුqල්ල පත් කර සාමාජිකත්වය විධිමත් කළේය. ඉන් අනතුරුව එහි අනාගත වැඩ සැලසුම් සකස් කර ගත්තේය. පක්ෂයේ සාමාන්‍ය දේශපාලන න්‍යාය පත්‍රයට අනුගතව ජපානයේ විදෙස් ශාඛාව වැඩ කළ යුතු අන්දම ඔහු සැලසුම් කළේය. ඉන් අනතුරුව ජපන් ශාඛාවේ නියෝජිත පිරිස තිස්ස වෙනුවෙන් දිගු හෙළිකොප්ටර් චාරිකාවක් ද සංවිධානය කළහ. ටෝකියෝ නගරයේ සිට පටන් ගත් මෙම චාරිකාව ඔස්සේ තිස්ස ජපානයේ තිබෙන සුප්‍රකට අසාඩා ගිනිකන්ද බලන්නට යැමද විශේෂ සිද්ධියක් විය.
.....................................................
අවුරුදු දා දිවා ආහාරය මැදමුලන නිවසෙන් ලබාගත් රාජපක්ෂ පවුලේ උදවිය එදා හවස තම තමන්ගේ වැඩ රාජකාරි සඳහා විසිර ගියහ. ජනාධිපති මහින්ද මැදමුලන ගමේ මඳ වේලාවක් ඇවිදිමින් සිට අසල්වාසීන්ට කතා බහ කර යළිත් කාල්ටන් නිවසටම පැමිණියේය. එදින රාත්‍රියේත් ප්‍රදේශවාසීන් හා නෑ හිතවතුන් විශාල පිරිසක් ජනාධිපතිවරයා හමුවන්නට කාල්ටන් නිවසට පැමිණ සිටියහ.
නානු මංගල්‍යය
මෙවර හිස තෙල් ගෑමේ මහෝත්සවය ද හරි අපූරු චමත්කාරයක් සහිත උත්සවයක්ම විය. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන මෙම උත්සවය මෙවර පැවැත්වුණේ කතරගම කිරිවෙහෙර අභියසදීය.
සාමාන්‍යයෙන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් හිසතෙල් ගෑම සඳහා නානු සකස් කරනුයේ වෛද්‍ය ශාස්ත්‍රානුකූල හා සාම්ප්‍රදායික වත් පිළිවෙත් රාශියක් යටතේය. එම නානු ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම බෙදා හරිනු ලබන අතර මෙවර ඊට අමතරව රටපුරා පන්සල් 10,000 කට සහ දේශීය වෛද්‍යවරු 15,000 කටද බෙදා හැර තිබීම විශේෂ සිද්ධියකි.
ජනාධිපතිතුමන් ඇතුළු පවුලේ උදවිය සහභාගි වන නානු මංගල්‍යය සඳහා යොදා ගනු ලබන්නේ එම නානුවල අග්‍ර ඵලයයි. එම නානු බඳුන කිරිවෙහෙර සංකීර්ණයට වැඩම වූයේ ද අපූරු පෙරහැරකිනි. පහත රට සාම්ප්රදායානුකූල නර්තන හා ගායන ඇතුළත් කර තිබූ පෙරහැරෙන් නානු වැඩම වූයේ සාම්ප්‍රදායික තෙල් වැඩමවීමේ කවි ගායනා රාශියක්ද මධ්‍යයේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ 6.41 ට තිබූ හිසතෙල් ගෑමේ උත්සව අවස්ථාවට හරියට 6.40 ට පැමිණියේය. විශේෂ මණ්aඩපය මත සිට ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ට හිසතෙල් ගානු ලැබුවේ කතරගම කිරිවෙහෙරාධිපති ආචාර්ය අලුත්aවැවේ සෝරත හිමිපාණන් විසිනි. ඌව පළාතේ මහ ඇමැති ශෂීSන්ද්‍ර රාජපක්ෂ, ඌව ආණ්ඩුකාර නන්ද මැතිව්, අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, සාලින්ද දිසානායක, පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. නානු මංගල්‍යයේ ඉතිහාසය වර්තමානය හා සාඩම්බර වත් පිළිවෙත් හා සාම්ප්‍රදායන් සිහියට නංවමින් උත්සවයේ මෙහෙයුම් නිවේදක ලෙස කටයුතු කළේ අසේල බණ්ඩාරනායකය.
පළමුව කිරිවෙහෙරට සුදු නෙළුම් මල් වට්ටියක් පූජාකර දෙවනුව නානු මංගල්‍යයට සහභාගි වී ජනාධිපතිsවරයා තෙවනුව ගියේ අලි ඇතුන්ගේ හිසතෙල් ගැල්වීමටය. එය කිරීමට ජනාධිපතිවරයා හිසතෙල් අතැතිව සූදානම් වෙද්දී අලි ඇතුන් පළතුරු වට්ටි ගැනීමට හොඬය දිගු කිරීම නිසා ජනාධිපතිතුමන්ට උන්ගේ හිස තෙල් ගැල්වීමට මහත් පරිශ්‍රමයක් දරන්නට ද සිදුවිය....
ජනාධිපතිවරයා කිරිවෙහෙර පරිශ්‍රයේ රැඳී සිටිමින් බොහෝ වේලාවක් හිසතෙල් ගෑමේ ජාතික උත්සවයට පැමිණ සිටි ජනතාව සමග කතා බහ කළේය. එය ජනතාව මෙන්ම ජනාධිපතිතුමන්ට ද මහත් සොම්නස ගෙනදුන් කාරණයක් බව පෙනෙන්නට තිබිණි.
එදා උදෑසන ආහාරය ජනාධිපතිතුමන් වෙනුවෙන් සූදානම් කර තිබුණේ කිරිවෙහෙර අභියස විහාරයේය. කිරිබත් ඇතුළු අලුත් කැවිලිවලින් එම ආහාර මේසය වර්ණවත් කර තිබිණි.
ජනාධිපතිවරයා කිරිබත් කෑමෙන් අනතුරුව කතරගම සියලු දේවාල වැඳ පුදාගන්නට අමතක නොකළේය.
කතරගම මුස්ලිම් දේවස්ථානය ජනාධිපති මහින්දගේ අවධානය දිනාගත් තවත් තැනකි. ඔහු එතනට ද ගොඩවී මුස්ලිම් පූජකවරු හමු වී අලුත් අවුරුද්දට සුබ පතා කතාබහ කළේය.
කතරගම දියවඩන නිලමේවරයාගේ වලව්ව ජනාධිපතිවරයාගේ සිත් දිනාගත් තවත් තැනකි. ජනාධිපති මහින්ද එතනට ගොඩ වී තේ කෝප්පයක් බී තවත් තැන් ගණනාවකට යැම සඳහා පිටත්ව ආවේය. මේ සියලුම තැන්වලට ජනාධිපතිවරයාගේ සෙවනැල්ලක් මෙන් නාමල් රාජපක්ෂ ද පැමිණීම විශේෂත්වයකි.
කතරගමින් මත්තලට පැමිණි ජනාධිපතිවරයා මත්තල ගුවන්තොටේ අලුත් තත්ත්වය විමසා බැලුවේය. ඉන්පසුව ඇඹිලිපිටිය නගරයේ පන්සලකට ද ගියේය.
මේ අතරතුර ප්‍රදේශයේ දේශපාලනඥයන් කිහිපදෙනකුගේ නිවෙස්වලට අලුත් අවුරුද්දේ ගොඩවදින්නට ද ජනාධිපතිවරයා අමතක නොකළේය. අජිත් රාජපක්ෂ මේ අය අතර එක් අයෙකි.
ඒ අතරතුර රූපවාහිනි සංස්ථාවේ විධායකයකු වන ගාමිණී රාසපුත්රම්ගේ නිවසට ද ජනාධිපතිවරයා අහම්බෙන් ගොඩ වූයේය. එම නිවසේ බිත්තියේ එල්ලා තිබුණ සුවිශේෂී ඡායාරූපයක් ජනාධිපතිවරයාගේ අවධානයට ලක්විය. එහි තිබුණේ ජනාධිපති මහින්ද, ජනාධිපති චන්ද්‍රිකා, චමල් රාජපක්ෂ හා කමලා රණතුංග එකට එක්ව සිටිමින් ගනු ලැබූ ඡායාරූපයකි.
ඔයා ළඟ හොඳ පරණ ෙµdටෝ තියෙනවා නේ. මං ළඟවත් මේවා නැහැ... හරිම වටිනවා.. ජනාධිපතිවරයා කීවේය.
මේ ලොකු වටයෙන් පසු ජනාධිපතිවරයා එදා රාත්‍රිය නැවත කාල්ටන් මන්දිරයේම ගත කළේය. පසුදා උදෑසන යළි තංගල්ල නගරයේ ගොඩනැඟිලි කිහිපයක් විවෘත කිරීමක් තිබිණි. ඩිලාන් පෙරේරා, මහින්ද අමරවීර හා නාමල් රාජපක්ෂ මේ උත්සවයට පැමිණ සිටියහ.
ජනාධිපති මහින්ද සිය දිගු අලුත් අවුරුදු සවාරිය ඉවර කර නැවත කොළඹ ආවේ 16 වැනිදා සවසය. ඒ වනතුරුම ඔහු සිටියේ පවුලේ උදවිය හා ප්‍රදේශයේ ජනතාව සමඟ එකට එක්වෙමින් අවුරුදු සතුට භුක්ති විඳිමින් යෑයි කිවහොත් නිවැරැදිය.
සජිත් එයි
පසුගිය සතියේ ඉන්දීය මහ කොමසාරිස්ගේ නිවසේ එක්තරා විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි. එයට ලංකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ට මෙන්ම විශේෂ නිලධාරීන්
රැසකටම ආරාධනා කර තිබිණි. ඊට අමතරව ඉන්දීය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ද පැමිණ සිටියහ.
ඉන්දියාවෙන් පැමිණි මන්ත්‍රී කණ්ඩායමේ සැලකිල්ලට ලක් වූ එක්තරා දේශපාලනඥයෙක් එතන සිටියේය. ඒ සජිත් ප්‍රේමදාසය. සජිත් සමඟ ඔවුන් ඉතා උනන්දුවෙන් දේශපාලන ප්‍රශ්න ගැන කතාබහ කරන්නට පටන් ගත්හ.
ඔයගොල්ලන්ගේ රටේ ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා. ආණ්ඩුව ජනතාවාදී නැති බව පේනවා. මිනිස්සු ඉන්නේ ජීවන බරෙන් මිරිකිලා. ඔයාලට පුළුවන් නේ ලොකු හඬක් නගන්න රජයේ මේ ක්‍රියාපිළිවෙළට විරුද්ධව. ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැගූ ප්‍රශ්නයට සජිත් පිළිතුරු දුන්නේ තරමක් කල්පනාකාරීවය.
ඉන්දියාවේ ඔයගොල්ලෝ ලෝකයට හොඳ ආදර්ශයක් දීල තියෙනවා. ඔයාලා රට ඇතුළේ මොන මොන දේශපාලන මතිමතාන්තර වාද විවාද තියාගත්තත් ඒ ප්‍රශ්න පිට ගිහින් කතා කර කර රට හෑල්ලු කරන්නේ නැහැනේ. ඒ ආදර්ශය අපිත් ගන්නවා. අපිත් අපේ රට ඇතුළේ තියෙන ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදීව රට ඇතුළේම විසඳ ගන්න උත්සාහ කරනවා මිස පිටට දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මම අනිත් අය ගැන කියන්නේ නැහැ. නමුත් මගේ ප්‍රතිපත්තිය තමයි ඒක.
ඔයාට දැන් ඔයාලයි පක්ෂයෙනුත් අභියෝග එල්ලවෙලා කියල අපි දන්නවා. එහෙම තියෙද්දි ඔයාලයි පක්ෂය ඇතුළේ ඔයාගේ අනාගතය මොනව වෙයිද? ඔයාට මොනවද වෙන්නේ...
මටද.... මට වෙන්නේත් කවදාහරි රටේ නරේන්ද්‍ර මූඩිට වුණු දේම තමයි. ඇයි එයාට මොනවා වෙලාද.... ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තරමක් වික්ෂිප්තව විමසා සිටියහ.
නරේන්ද්‍ර මූඩි කියන්නේ ඔයාලයි භාරතීය ජනතා පක්ෂයේ ඉන්න ජනප්‍රියම තරුණ නායකයා. නමුත් බී. ඡේ. පී. එකේ පරණ නායකයෝ මූඩිට ඉදිරියට එන්න දෙන්නේම නැහැ. මේ මට වගේම තමයි. ඒත් මූඩි ජනතාව අතර ජනප්‍රියයි. පරණ නායකයෝ කාටවත් නැති ජනප්‍රියත්වයක් ඔහුට තියෙනවා.
දැන් ඔන්න තව මාස 10 කින් එනවා ඉන්දියාවේ මහ මැතිවරණයක්. හැබැයි ඒකට මුහුණ දෙන්න පුළුවන් ජනප්‍රිය තරුණ නායකයෙක් බී. ඡේ. පී. එකට නැහැ. ඒක නිසා බී. ඡේ. පී. එක ගිහින් මූඩි ඉදිරියේ දණ ගහලා ඔහුට කියනවා අගමැති අපේක්ෂකයා ලෙස තරග වදින්න කියලා. අන්න ඒ වගේ තීරණාත්මක මොහොතක අපේ පක්ෂයටත් අනාගතයේදී මාව අවශ්‍ය වේවි. අන්න එදාට මම කරලියට එනවා. සජිත් කීවේය.
සජිත්ගේ කලාපීය දේශපාලන දැනුම පිළිබඳ ඉන්දීය මන්ත්‍රීවරු ඔහුට ප්‍රශංසාව පළ කළ අතර මූඩිගේ අනාවැකිය ගැන කිසිවක් නොකියා ඉන්නටත් වග බලා ගත්හ.
කැබිනට්
පසුගිය සතියේ අලුත් අවුරුදු සාම්ප්‍රදායික සාමාජීය කටයුතු අතර දේශපාලන කටයුතු කිසිවක් සිදු නොවීම විශේෂත්වයකි. එහෙත් පසුගිය 18 වැනිදා බ්‍රහස්පතින්දා දවසේ ශ්‍රීලනිපයට හා රජයට වැදගත් දේශපාලන කටයුතු කිහිපයක් පමණක් සිදුව තිබිණි. ඉන් එකකි කැබිනට් රැස්වීම...
ජනාධිපති මහින්ද රාජපක්ෂ කැබිනට් රැස්වීමට පෙර අමාත්‍යවරුන්ට අලුත් අවුරුද්දේ අලුත් තේ මේසයකින් සංග්‍රහ කළේය. කැබිනට් රැස්වීම පටන් ගත්තේ ඉන් අනතුරුවය.
කැබිනට් රැස්වීමේදී කතාබහ කළ අමාත්‍යවරු වැඩිපුර කතා කළේ අලුත් අවුරුද්දේ ජනතාවට ලැබුණ අවුරුදු තෑග්ග ගැනය. ඒ වූ කලී අලුත් ක්‍රමයට අනුව සැකසෙන ලයිට් බිලයි. එය පිළිබඳ ඇමැතිවරු අතර ද එක් එක් මට්ටමේ විවේචන තිබූ බැවින් ඒ ගැන කරුණු පැහැදිලි කර ගැනීමක් එහිදී සිදුවිය.
මේ සඳහා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කිහිපදෙනෙක් පැමිණ කරුණු ඉදිරිපත් කළහ.
ඊළඟට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සිංහල අලුත් අවුරුදු සමයේ රටේ පැවැති බඩු මිල හා තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරිපත් කළේය. එහිදී බඩු මිල හොඳින් රට පුරා පාලනය වී තිබූ බව පෙන්වා දුන් බැසිල් නිසි කළමනාකරණය ඊට හේතුවක් වී තිබූ බව පෙන්වා දුන්නේය. අමාත්‍යවරු එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දුට ප්‍රශංසා කරමින් කතා කළහ.
මේ අයුරින් ඇදී ගිය කැබිනට් රැස්වීම වැඩි වේලාවක් තිබුණේ නැත. ඉතා ඉක්මනින් ඇමැතිවරු විසිර ගියේ එදින සවස තවත් කටයුත්තක් සඳහා අරලියගහ මන්දිරයට පැමිණීමට අවශ්‍යව තිබූ නිසාය.
විධායක කමිටුව
හවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්විණි. ඊට ශ්‍රීලනිපයේ විශාල පිරිසක් සහභාගිව සිටියහ.
එහිදී පසුගිය කාලයේ පක්ෂයේ වැඩපිළිවෙළ හා ප්‍රගතිය ගැන කතා කරමින් මෛත්‍රිපාල සිරිසේන විශේෂ කතාවක් කළේය. ඒ අතර අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න ඉතා උස් ස්වරයෙන් හා ලොකු ජවයකින් වේගවත් කතාවක් කළේය. එම කතාව දෙස මවිත වී සමහරු බලා සිටියේ අගමැතිවරයා පිළිබඳ තරමක භීතියකිනි. සමහරු කීවේ එම වේගය හා ජවය ඔහුට පසුගිය කාලයේ තිබූ අසනීප තත්ත්වයට ඔරොත්තු නොදෙන බවකි. එහෙත් මට දැන් හොඳටම සනීපයි කියන සැඟවුණ පණිවුඩය අමාත්‍යවරුන්ට දෙන්නට අගමැතිවරයා උත්සාහ කළ බව එම කතාව තුළ තිබිණි.
බැසිල් රාජපක්ෂ "රට නඟන නිල් රැල්ල" ගැන හා පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන කටයුතුවල ප්‍රගතිය ගැන විශේෂ කතාවක් කළේය. පසුගිය කාලයේ ලක්ෂ 5 ක් පමණ වී තිබූ පක්ෂ සාමාජිකත්වය මෙම වැඩපිළිවෙළ තුළ ලක්ෂ 21 ක් දක්වා වර්ධනය කර ගැනීමට පුළුවන් වූ බව බැසිල් පෙන්වා දුන්නේය.
ලක්ෂ 17 ක්ම සාමාජික කාඩ්පත් අලෙවි වී ඇති බව මෙහිදී සැලකිල්ලට ගැනිණි.
සියලුම ආසනවල සාමාජික ප්‍රවර්ධන කටයුතු සතුටුදායක බව කියමිනි. එහෙත් දුමින්ද සිල්වාගේ කොලොන්නාවත් µයිසර් මුස්තාපාගේ අකුරණ ආසනයත් සතුටුදායක මට්ටමක නැති බව සාකච්ඡාවට ගැනිණි.
මෙහිදී ජනාධිපතිවරයා තවත් කරුණු කිහිපයක් පෙන්වා දුන්නේය. සාමාජික ප්‍රවර්ධන කටයුතු සාර්ථක වුවත් පක්ෂයේ අනුබද්ධ ශාඛා සමිතිවල සැලකිය යුතු ප්‍රගතියක් නැති බව ඔහු කීවේය.
තරුණ සංවිධානය, කාන්තා සංවිධානය මීට වඩා ප්‍රාණවත් විය යුතුයි. දැන් බලන්න අනුබද්ධ නීතිඥ සංගමය. මුළු ලංකාවෙම නීතිඥයෝ 14,000 ක් විතර ඉන්නවා. නමුත් අපේ පක්ෂයේ නීතිඥ සංගමයේ ඉන්නේ 400 යි. කොහොමද ඒක ගැන අපි සතුටු වෙන්නේ. ඒවා ප්‍රාණවත් කරල ගන්න අලුත් වැඩපිළිවෙළක් හදන්න. ජනාධිපති කීවේය.
සර්... සාමාජික ප්‍රවර්ධන කටයුතුවලට අපිට ලැබිල තියෙන කාලය හොඳටම මදි. මාසයක්වත් උවමනායි එහෙම වැඩක් සාර්ථකව කරන්න... උපාලි කොඩිකාර මැසිවිලි නඟන්නට විය.
ඔය දීපු කාලය හොඳටම ඇති වැඩක් කරන මිනිහෙකුට. ජනාධිපති උපාලි දෙස නොරිස්සුම් බැල්මක්a බලමින් කීවේය.
මේ අයුරින් ඇදී ගිය මධ්‍යම කාරක සභා රැස්වීම ද ටික වේලාවකින් අවසන් විය. පැමිණ සිටි සියලුම දෙනා වෙනුවෙන් අරලියගහ මන්දිරයේ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.
No comments:
Post a Comment