මාස තුනකට සැරයක් සභාවට ඇවිත් යන චිත්රපට නිළි අනර්කලී ආකර්ෂා මන්ත්රිවරියට සභා රිති ටික උගන්වන්නැයි දකුණු පළාත් සභා රැස්වීමේ දී එජාප මන්ත්රි විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු මන්ත්රීවරුන් පිරිසක් සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලා සිටියහ. ඊයේ (25) සභාව රැස් වූ අවස්ථාවේදී අශෝක ධනවංශ (එජාප) මහතා නැගී සිට විපක්ෂ නායක රනිල් වික්රමසිංහට මහතාට බලපිටියේ දී එල්ල වූ මැර ප්රහාරයට විරෝධය පළ කරන්නට විය. එම අවස්ථාවේ අනර්කලී ආකර්ෂා මන්ත්රිවරිය නැගී සිට ධනවංශ මහතාගේ කතාවට බාධා කරමින් එජාපයේ අර්බුද ගැන විමසන්නට පටන් ගැනීමත් සමග මන්ත්රිවරුන් ඇයට උසුළු විසුළු කරන්නට වූහ.
Wednesday, June 26, 2013
gossip lanka news - බාර්නි සහ බෙටී පියාඹන පීරිසියකින් විත් පහැර ගැනීමේ සිද්ධිය
1961 සැප්තැම්බර් 19 වෙනදා ඇමෙරිකාවේ නිව් හැම්ෂයර්හි සිදු වූ මේ අරුම පුදුම සිද්ධිය පියාඹන පීරිසි හෝ පිටසක්වළින් පැමිණි මිනිසුන් පිළිබඳව පැහැදිලිව වාර්තාවූ ප්රථම වතාව වීය.
බාර්නි කළු ජාතිකයෙකි. බෙටී සුදු ජාතික කාන්තාවකි. නිව් හැම්ප්ෂයර්හි පදිංචි මේ කළු සුදු යුවළ විවේකයක් ගත කිරීම සඳහා කැනඩා මායිමේ පිහිටි නයගරා ඇල්ල අවට ප්රදේශයේ සැරිසරා ඇල්ලේ සිටි නරඹා මොන්ටි්රයෙල් නගරයේද සැරිසරා ආපසු නිවෙස බලා පැමිණෙමින් සිටියහ. බාර්නි ඇමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට සේවය කළ අතර බෙටී සමාජ සේවිකාවක් වූවාය.
වෙලාව රාතී්ර 10.30 පමණ ඇත. ඔවුන්ගේ රිය 1957 වසරේ නිෂ්පාදිත ''බෙල් ෂෆර්” වර්ගයේ වාහනයක් වීය. පාරේ වාහනයක් හමුවුයේ ඉඳහිටය. බාර්නි වාහනය පදවන අතර බෙටී අහස දෙස නෙත් යොමුකර ගෙන පැමිණියේ ''ගුටිං ස්ටාර්ස්” (විදින තරු) දැක ගන්නටය. හදිසියේ ඇගේ නෙත ගැටුණේ හඳට පහතින් ජුපිටර් තරුව සමීපයෙන් ඇති ආලෝකයක් වෙතය. ''උල්කාපතයක්ද?” ඇගේ හිතට කුහුලත් ඇතිවිය. මොහොතකින් එය උල්කාපතයක් නොවන බව ඇයට වැටහිණි.
Subscribe to:
Posts (Atom)