Sunday, June 2, 2013

පිහිටක්‌ වෙතොත් පින්

මිනුවන්ගොඩ එල්ලංගල අංක 221 ලිපිනයෙහි පදිංචි ඡේ. ආර්. අමරසිංහ, සුරංගනී ඩයස්‌ යන අයගේ පුත් ඡේ. අවිශ්ක සුපුන් (14) දැනට ආබාධිත තත්ත්වයෙන් පසුවේ.

උපතේ පටන්ම මොළේ දකුණු පෙදෙසෙහි ස්‌නායු ආබාධයකින් පෙළෙන මෙම දරුවා රිඡ්වේ ළමා රෝහලෙන් කුඩා කල පටන්ම ප්‍රතිකාර කිරීම නිසා මේ වන විට අපහසුවෙන් හෝ ඇවිදගෙන යා හැකි තත්ත්වයකින් පසුවේ.

දැනට මිනු/ නිල්පනාගොඩ රජයේ විද්‍යාලයේ ඇති විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉගෙනීම ලබන ඔහු පාසලෙන් ඉදිරිපත් වන කලා තරගවලින් ජයග්‍රහණ ලබමින් කලා කුසලතාවන්ගෙන් හා ක්‍රීඩා තරගයෙන්ද ජයග්‍රහණ ලබා සිටී. ඔහු කාර්මික ක්‍රියාවන්ට විශේෂ ඇල්මක්‌ දක්‌වයි. 

අපේ විවාහයට දින නියම කරගෙන ඉවරයි - නෙහාරා පීරිස්

නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ පසුගිය කාලයේදී අපගේ කලා ක්ෂේත්‍රයේ පුවත් මවන්නන් බවට පත් වෙලා සිටියා. ඔවුන් ගැන ආරංචි වුණු අලුත් ම තොරතුර තමයි ඔවුන් දෙදෙනා හෙට අනිද්දා ම විවාහ වෙන්න සූදානම් වන බව. නෙහරා කෙතරම් කාර්ය බහුල වුණත් ඇය මේ දිනවල මොන්ටිසෝරි පාඨමාලාවක් හදාරන බවත් අපට දැනගන්න ලැබුණා. නෙහාරාගේ පෞද්ගලික ජීවිතයේ සහ කලා ජීවිතයේ අලුත් ම තොරතුරු දැනගන්න පසුගිය දිනෙක අප ඇය හමුවුණා.
ඉතින් නෙහාරා මොනවද අලුත් තොරතුරු?
හොඳින් ඉන්නව. මේ දවස්වල මම ‘අම්මාවරුනේ’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ‘දෙරණ’ නාළිකාවේ ‘ටී පාටි’ වැඩසටහන මෙහෙයවන්නත් දායක වෙනවා. ඒ වැඩත් එක්ක තමයි කාලය ගෙවෙන්නේ. ඒ වගේ ම මම මේ දවස්වල මොන්ටිසෝරි පාඨමාලාවක් හදාරනවා. ඒකෙ ට්‍රේනින් වලටත් මේ දවස්වල යනවා. මම හරි ම ආශාවෙන් තමයි මේ මොන්ටිසෝරි පාඨමාලාව හදාරන්නෙ.