කෝලි - ගම්භීර් අතර ගැටුමක්
අයි.පී.එල්.තරගාවලියේ උණුසුම වැඩිවෙද්දී ඊට සහභාගිවන ක්‍රිඩකයන් අතරත් නොයෙක් ගැටුම් ඇතිවෙනවා.
පසුගියදා කල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායකගෞතම් ගම්භිර් හා රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිලේ නායකවිරාත් කෝලි අතරත් මේ විදිහට ගැටුමක් ඇතිවුණා.
මේ ගැටුමට මුල පිරුණේ දෙපිල අතර පැවැති තරගයේ දී විරාත් කෝලිගේ දැවීයාමෙන් පසුවයි.
ඒ මොහොතේ කෝලි දවාගැනීමේ ප්‍රීතිය භුක්ති විඳීමින් සිටි ගම්භීර් ඇතුළු ක්‍රීඩකයන් සිටි ස්ථානයට ගිය කෝලි තම දැවීයාම සම්බන්ධව අදහසක් ප්‍රකාශ කිරීම නිසා ගම්භීර්ට කේන්ති ගිහින්.
කොහොමවුණත් පසුව දෙදෙනාටම ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය අවවාද කොට තිබුණා.
ෂරපෝවාගෙන් සුගර්පෝවා චුවිංගම්
සුරූපි ටෙනිස් ශූරියක වන රුසියාවේමරියා ෂරපෝවා පසුගියදා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා.
ඒ තමා සුගර්පෝවා චුවිංගම් ව්‍යාපාරය. කුඩා ළමයින් ඉලක්ක කරගෙන ආරම්භ කළ මේ ව්‍යාපාරය ෂරපෝවාගේම අදහසක්.
සුකිරි රසැති චුවිංගම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදහස ෂරපෝවාගේ සිතට නැගුණේ මීට වසරකට පෙරයි.
නිතර නිතර ක්‍රීඩාවේ නිරතවන ඇය පුරුද්දකට වාගේ චුවිංගම් හපන්නට පුරුදුව සිටියා. ඒ වගේ වෙලාවක තමයි මේ අදහස ඇයට පහළවෙලා තියෙන්නේ.
ෂරපෝවාගෙම දෙතොල්වල හැඩයට අනුව සකස් කරනු ලැබූ සුගර්පෝවා චුවිංගම් මේ වනවිට අමෙරිකාවේ හා ඔස්ට්‍රේලියාවේ වෙළෙඳපොළට යවා අවසන්.
පානෙල්ට ඇප දෙයි
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රාත්‍රී ප්‍රියසම්භාෂණයකට සහභාගිවෙමින් සිටි දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩක වේන් පානෙල් පසුගියදා ඉන්දියා පොලිස් අත්අඩංගුවට පත්වුණා.
අයි.පී.එල්. තරගාවලියට සහභාගිවීමට ඉන්දියාවට පැමිණි පානෙල් මෙවැනි නීතිවිරෝධී ප්‍රියසම්භාෂණයකට සහභාගිවීමට පෙලැඹුණේ ඔහුගේ ඉන්දියා මිතුරන් කීපදෙනකුගේ කීමටයි.
කොහොමවුණත් පානෙල්ගෙන් පැය තුනකට අධික වේලාවක් ඉන්දියා පොලිසිය ප්‍රශ්න කළ බවයි ආරංචි.
පසුව ඔහු දකුණු අප්‍රිකානු නීතිඥවරයකු මාර්ගයෙන් උසාවියට ඉදිරිපත්වී ඇප ලබාගත්තා.
23හැවිරිදි පානෙල් නිදහස් වුණේ රුපියල් දසදහසක ඇප මුදලක් මතයි.
පානෙල් සහභාගිවී සිටි ඒ උත්සවයට පැමිණි තවත් පුද්ගලයන් 86දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඉන් වැඩි පිරිසක් විදේශකයන්.
උමේෂ් යාදෙව්ගේ හදිසි විවාහය
ඉන්දියා පිලේ වේගපන්දු යවන ක්‍රිඩක උමේෂ් යාදෙව් පසුගියදා හදිසියේම විවාහ ගිවිසගැනීම කාගෙත් කතාබහට ලක්වුණා.
දිල්ලි නුවර මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන 24 හැවිරිදි ටානියා වදාවා සමග විවාහ ගිවිසගත්තේ නාග්පූර් නුවර පැවැති උත්සවයකදීයි.
මේ උත්සවයට සහභාගිවුණේ දෙන්නගේ පවුලේ සාමාජිකයන් විතරයි.
අයි. පී. එල්. තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට ක්‍රීඩා කරන යාදෙව් ඒ අතරතුරයි හදිසියේම නාග්පූර් ගියේ.
අයි.පී.එල්.නිමාවූ සැණින් ඒ කියන්නේ මැයි මාසයේ 29වැනිදා විවාහ වන බව පසුව 26 හැවිරිදි යාදෙව් කියා සිටියා.
No comments:
Post a Comment