Saturday, October 26, 2013

News sri lanka - පැකර්ට එරෙහිව උසාවි ගිය ඔස්‌ටේ්‍රලියාවේ ලොකුම සූදු අන්තුවා * ලංකාවේ කැසිනෝවලට වෙනම දණ්‌ඩ නීති සංග්‍රහයක්‌

මෙයට අවුරුදු අටකට පෙර ඔස්‌ටේ්‍රලියාවේ කැන්බරා ටයිම්ස්‌ පුවත්පතේ වැදගත් ප්‍රවෘත්තියක්‌ පළවිය. ඒ මගින් කියෑවුණේ ලෝකයේ සාර්ථකම කැසිනෝ ව්‍යාපාරිකයන් ගෙන් අයකුවන ඡේම්ස්‌ පැකර්ට අයත් Crown කැසිනෝවට 2005 පෙබරවාරි මැදදී පැමිණි Harry Kakavas (හැරී කකාවස්‌) නමැති ධනවත් ව්‍යාපාරිකයෙක්‌ ඩොලර් 10000 ක්‌ හෙවත් ලංකාවේ මුදලින් රුපියල් දහතුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌ ඔට්‌ටු තබා ක්‍රීඩාව පටන් ගත් හැටිය. ඔහු දැමූ ඩොලර් 10,000 ට ඩොලර් 30,000 ක්‌ හෙවත් ලංකාවේ මුදලින් රුපියල් හතලිස්‌ කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ ලැබිණි. ඔහු ඒ මුදල් සියල්ල පරාජයට පත්විය. එතැන් පටන් පසුදින එළිවනතුරු ඔහු ඔට්‌ටු ඇල්ලූ මුදල් සියල්ල පරාජයට පත්විය. සුන්වූ බලාපොරොත්තු ඇතිව ගෙදර ගිය හැරී කකාවස්‌ බැංකුවෙන් ඩොලර් 10000 ක්‌ රැගෙන පසුදින විත් මුල් දිනයේ පැරදුනු දහදාහද, දෙවැනි දිනයේදී ඔට්‌ටු දැමූ දහදාහද තවත් අමතර දහදාහක්‌ද යනාදී වශයෙන් ඩොලර් තිස්‌දහක්‌ම දිනාගෙන මහත් සතුටින් ගෙදර ගියේය. පසුවදාද ක්‍රවුන් කැසිනෝවට ආ ඔහු පෙරදින දිනූ ඩොලර් තිස්‌දහසක්‌, තවත් ඩොලර් තිස්‌දහසකුත් පැරදී ශෝකයෙන් සහ පරාජිත ස්‌වභාවයෙන් ගෙදර ගියේය.

Gossip lanka - මෙරට ජාතික ආරක්‍ෂාව සම්බන්ධව ක්‍රියා කිරීමට විග්නේශ්ට අයිතියක්‌ නෑ

විග්නේශ්වරන්ට හිමිකමක්‌ නැතැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ද්‍රවිඩ මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ ජනාධිපති, ආරක්‍ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිසිය හා ආරක්‍ෂක මණ්‌ඩලය බව ඒ මහතා අවධාරණයෙන් පළ කළේය.

gossip lanka - ජයසූරියගෙන් වෙන්වීමට දෙවැනි බිරිය සැන්ඩ්‍රා උසාවි යයි

ප්‍රවීන ක්‍රිකට්‌ ක්‍රීඩක, මෑතදී රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයකට පත්වූ මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාගෙන් නීත්‍යනුකූලව වෙන්වීම සඳහා ඔහුගේ විවාහක බිරිඳ එස්‌. කේ. සැන්ඩ්‍රා ටානියා රෝස්‌මේරි ද සිල්වා මහත්මිය නීතිඥවරියක මාර්ගයෙන් ඊයේ (25 වැනිදා) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කළාය. 

ටානියා රෝස්‌මේරි සනත් ජයසූරියගේ දෙවැනි විවාහක බිරියයි. ඔහුට දාව ඇයට දරුවන් තිදෙනෙකි. බිරිඳ ළඟ සිටින දරුවන් තිදෙනාගේ නඩත්තුව සඳහා රුපියල් කෝටි 20 බැගින් සහ ඇගේ නඩත්තුවට වෙනම රුපියල් කෝටි 20 ක්‌ ඔහුගෙන් එකවර ලබාදෙන ලෙසද ඇය නඩුවෙන් ඉල්ලා ඇත.