දෙන්න පි්රයේ...
’ස්වාමීනි මේ තැනැත්තා කිසිම හේතුවක් නැතුව මගේ සේවා දායකයාගේ රෙකෝඩ් බාර් එකේ වීදුරු දොර පයින් ගහලා කඩලා තියෙනවා.’ පැමිණිල්ලේ නීතිඥයා විත්ති කූඩුවට අත දිගු කරමින් කීවේය.
’අත් දෙකම නැති ආබාධිතයෙක් වන ඔබ ඇයි මෙහෙම ප්රචණ්ඩ විදියට හැසිරුණේ?’ විනිශ්චයකරු විත්තිකාරයා දෙස තියුණු බැල්මක් හෙළමින් ඇසීය.
’ස්වාමීනී, මම ඔය කියන රෙකෝඩ්බාර් එක ඉස්සරහ පාරේ යද්දි මේගොල්ලෝ ඕනෙ නැති සින්දුවක් දැම්මා මට පල් එකට. ඒක ඇහුණාම මට උන්නා මළා පෙනුණේ නැහැ. ඒකයි මම එහෙම කළේ.’ විත්තිකරු කෝපයෙන් කීවේය.
’මොනවා...! මොකද්ද ඒ සින්දුව?’ විනිශ්චයකරු විස්මයෙන් විමසීය.
’දෙන්න පි්රයේ දෑතට ඔය දෑත.’ විත්තිකරු පිළිතුරු දුන්නේ දත්මිටි කමිනි.