Friday, April 19, 2013
විදුලිය නිසා ජලයත් නගිනවා කවදාද - කෙසේද කියන්න තවම බෑ - මණ්ඩලයේ ලොක්කෙක් කියයි
විදුලි ගාස්තු ඉහළ යැම නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජල ගාස්තු ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (18 වැනිදා) 'දිවයින'ට අනාවරණය කළේය.
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන දහසක පමණ අමතර වියදමක් දැරීමට සිදුවන බවත් මෙම වියදම් පියවා ගැනීමට ජල බිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් එම නිලධාරියා පැවැසීය.
මේ වන විට ජල ඒකකයක් නිෂ්පාදනය කිරීමට ජල සම්පත් මණ්ඩලයට රුපියල් හතළිස්පහක පමණ පිරිවැයක් දැරීමට සිදුව ඇත. එහෙත් මණ්ඩලය ජල පාරිභෝගිකයකුගෙන් ඒකකයක් සඳහා අය කරනු ලබන්නේ ඊට වඩා අඩු මුදලකි.
Subscribe to:
Posts (Atom)