පාසල් ශිෂ්‍යාවන් එකොළොස්‌දෙනකු අපයෝජනයට ලක් කළබව කියන විදුහල්පතිවරයකු ගල්කිරියාගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන කැකිරාව වැඩබලන දිසා මහෙස්‌ත්‍රාත් එස්. එම්. ඩබ්ලිව්. කොරසගල්ල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කළේ ගල්කිරියාගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති උදුරුව පදිංචි ඒ. එම්. පී. දිසානායක නමැත්තාය.
Sunday, May 12, 2013
ඇඳුම් ඉරාගෙන පපුව සූරාගෙන අසල්වැසියා අතවර කළැයි බොරු පැමිණිල්ලක් කළ කාන්තාව මාස 3 ක් හිරේට
තම සහෝදරයකුට කියා යටිබඩ පෙදෙස විකාගෙන පපුව කතුරකින් සූරාගෙන ගවුම් හා යට ඇඳුම් ඉරාදමාගෙන බරපතළ ස්‌ත්‍රී දූෂණයක් කළ බවට අකුරැස්‌ස පොලිසියට ව්‍යාජ පැමිණිලි කර ඇති බව ඔප්පුවීම හා වරද පිළිගැනීම නිසා එම තැනැත්තියට මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් බරපතළ වැඩ ඇතිව මාස තුනක සිර දඬුවමක් හා රුපියල් 1500 ක දඩයක්‌ද එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 02 ක සිරදඬුවම්ද නියම කළ බව පොලිසිය පවසයි.
මෙසේ සිරදඬුවම් නියමවූයේ අකුරැස්‌ස පරදුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවකටය.
අසල්වැසි ඉඩමේ පදිංචි පුද්ගලයා සමග ඉඩම් ආරවුලක් ඇතිකරගත් මෙම කාන්තාව 2013.3.3 වැනිදා මෙම අසල්වැසි ඉඩමේ අයිතිකරු විසින් තමාට අතවර කළ බව පවසමින් රෝහල් ගතවී ඇත.
Subscribe to:
Posts (Atom)