Monday, April 15, 2013

සිනා කතා


දෙකම එක වගෙ


සූරසේන තම බිරියගේ කාර්යාලයට ආවේ ඇයත් සමඟ මළ ගෙදරක යාමට ය. සැමියා තමා සේවය කරන අංශයේ වාඩි කරවා, හැඩ වැඩ වීමට රජිතා බාත්රූම් එකට රිංගා ගනිද්දී සූරසේන, රජිතා පාවිච්චි කරන ටයිප් රයිටරය දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටිනු දුටු, අල්ලපු මේසයේ වීරක්කොඩි සිනාසෙමින් මෙසේ ඇසීය.
“මොකෝ මිස්ටර් සූරසේන ටයිප්රයිටරය දිහා බලාගෙන ලොකු කල්පනාවක?”
“නෑ, මං මේ කල්පනා කළේ මිස්ටර් වීරක්කොඩි මේ ටයිප් රයිටරෙයි අපෙ රජිතයි කොයිතරම් සමාන ද කියල.” සූරසේන කීවේය.

“මොනවා? ඒ කොහොම ද?” වීරක්කොඩි පුදුම වෙමින් ඇසීය.
“ඇයි මිස්ටර් වීරක්කොඩි අපේ රජිත ගෙන් වැඩක් කරගන්ඩත් ඇඟිල්ලෙන් ඇනලම කියන්ඩ ඕනැනෙ.” සූරසේන කීවේය.

මොනවා ගන්ඩ ද?

චමරි ටීචර් ලංකා ඉතිහාසයේ සුවිශේෂ චරිත ගැන පන්තියේ ළමයින්ට කියා දෙමින් සිටියා. ඈ ඒ වෙලේ විස්තර කරමින් සිටියේ උතුවන්කන්දේ සූර සරදියෙල් ගැන.
“ලකී කියනවා බලන්ඩ සරදියෙල් පොහොසත් මිනිස්සුන්ගෙ දේවල්ම කොල්ල කෑවේ ඇයි?” ටීචර් පන්තියේ පිටුපස පේලියක සිටි සිසුවකු දිහාට ඇඟිල්ල දිගු කරමින් ඇහැව්වා.
“දුප්පත් මිනිස්සු ළඟ කොල්ල කන්ඩ දෙයක් තිබුණෙ නැති හින්දා ටීචර්.” ලකී උත්තර දුන්නා.

කවුද ඇවිත්

“අයියෙ... අයියෙ අන්න අපේ ගෙදරට කවුදෝ කට්ටියක් ඇවිත්.” තම නිවෙස පිටුපස ලන්දේ තම සොහොයුරා සමඟ සෙල්ලම් කරමින් සිටි නැගණිය කීවාය.
“ඇයි නංගි මෙතනට අපේ ගේවත්, ගෙදරට එන පාරවත් පේනවයැ. ඔයා කොහොමද දන්නෙ ගෙදරට කට්ටියක් ආවයි කියල.’ අයියා, නැගණිය දෙස පුදුමයෙන් බලා ඇසුවේය.
“ඇයි ඔයාට ඇහුණෙ නැද්ද දැන් ටිකක් කලින් අපෙ අම්මා තාත්තට බොහොම ආදරෙන් කතා කරනවා.” නැගණිය කීවාය.

පල් මෝඩයෙක්

“රාලහාමි, කවුදෝ පල් මෝඩයෙක් මට බලහත්කාරකමක් කළා.” පොලීසියේ පැමිණිලි අංශය වෙත ගිය අයේෂා එහි සිටි පොලිස් නිලධාරියා හට පැමිණිලි කළේය.
“තමන් කොහොමද දන්නෙ ඒ මිනිහා පල් මෝඩයෙක් කියල.” පොලිස් නිලධාරියා ඇසුවේ පුදුම වෙමිනි.
“ඇයි රාළහාමි ඒ මිනිහට හැමදේම කියලා දෙන්ඩ සිද්ධ වුණේ මටනෙ.” අයේෂා කීවාය.

No comments:

Post a Comment