Saturday, April 20, 2013
විදුලි බිල අඩු නොකළොත් දැවැන්ත වැඩ වර්ජනයක් දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති පෙරමුණ ගනී
පාරිභෝගිකයාට දරාගත නොහැකි අන්දමට විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට එරෙහිව විරෝධය පළකරමින් මහා වැඩ වර්ජනයක් කැඳවීමට දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන, රැසක් තීරණය කර ඇත.
රාජ්‍ය, පෞද්ගලික හා වතු අංශයේ සමස්ත සේවකයන් මෙම වැඩ වර්ජනයට ඒකාබද්ධ කර ගැනීම එම සංවිධානවල අරමුණ වී තිබේ.
අසාධාරණ ලෙස ඉහළ දැමූ විදුලි බිල අඩු කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් නොදැක්වීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීමට තීරණය කළ බව වෘත්තීය සමිති රැසක නායකයෝ පැවැසූහ.
වරදට සමාව කුමටද දැන්
බොදු ගොවි රූමත් චරිතවත් දියණියට සුදුසු සහකරුවකු සොයයි.... මෙවැනි මංගල දැන්වීම් අපි පුවත්පත් මගින් ඕනෑ තරම් දැක ඇත්තෙමු. මෙම දැන්වීම්වල රූමත් චරිතවත් ලෙස සඳහන් කිරීමට විශේෂ හේතුවක් ඇත. මංගල යෝජනාවලදී බොහෝ මනාලයන් සොයන්නේ කිසිදිනෙක පිරිමියකුගේ අතින්වත් අල්ලා නැති ප්‍රේම සම්බන්ධයක්වත් පවත්වා නැති නොයිඳුල් තරුණියකි. ගැහැනුන් සියයක් සමඟ වුව ඇසුර පැවැත්වූ පිරිමියකු නහවා ගෙට ගත් විට පිරිසිදු යෑයි අපේ ගැමියෝ පවසති. නමුත් ගැහැනු දරුවකුට එවන් හිමිකමක් නැත. ඇය එක් පිරිමියකු සමඟ හෝ ඇසුරක් පැවැත්වුවහොත් ඉන් පසු ඇය පිවිතුරු නැත. එනිසා අප වැනි ආසියානු රටවල පවතින සමාජ සංස්කෘතිය අනුව දියණියක් ඇසක් මෙන් රැකගත යුතුය. බටහිර රටවල මෙන් පිරිමින් දෙතුන්දෙනා ඇසුර අපගේ සංස්කෘතියට අනුව ගැළපෙන්නේ නැත. එවැනි කාන්තාවන්ට අපගේ සංස්කෘතිය අනුව පවසන්නේ "සල්ලං වූ ගෑණු" ලෙසය.
කොටි නායකයන්ටත් තහනම් වූ අහම්බෙන් හමුවු ප්රභාකරන්ගේ සුපිරි බංකරය
ප්රභාකරන් මියගොස් වසර හතරකට ආසන්න වෙතත්, තවමත් ඔහු විසූ නිවාස හමුවීම එක් අතකින් පුදුමය. මානව හිමිකම් ගැන කතා කරනවා යෑයි කියන පිරිස් හා දෙමළ වර්ගවාදීන් නිතර කියන පරිදි අද උතුර හා නැගෙනහිර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ හමුදා ආධිපත්‍යය යටතේය. ඒ පළාත්වල අඟලෙන් අඟල හමුදාවය. එම පළාත්වල සිටින්නකු ශරීර කෘත්‍යයකට එළියට බැස්සොත් එතැනද හමුදාවය.
මේ කියන කතා සත්‍ය නම්, ප්රභාකරන් පදිංචි වී සිටි නිවාස දැන් හමුවන්නේ කෙසේද? අඩියෙන් අඩියට හමුදාව, වසර ගණනාවක් සිටියා නම් මේවා නොදැක සිටින්නේ කෙසේද? ප්රභාකරන්ගේ නිවාස මේ කාලයේ සොයා ගැනීමෙන් පෙනී යන එක් කරුණක් වන්නේ මානව හිමිකම්කාරයෝ හා දෙමළ වර්ගවාදීන් දොඩවන තරමේ හමුදා ආධිපත්‍යයක් උතුර හා නැගෙනහිර පළාත්වල නැති බවය.
මේ කියන කතා සත්‍ය නම්, ප්රභාකරන් පදිංචි වී සිටි නිවාස දැන් හමුවන්නේ කෙසේද? අඩියෙන් අඩියට හමුදාව, වසර ගණනාවක් සිටියා නම් මේවා නොදැක සිටින්නේ කෙසේද? ප්රභාකරන්ගේ නිවාස මේ කාලයේ සොයා ගැනීමෙන් පෙනී යන එක් කරුණක් වන්නේ මානව හිමිකම්කාරයෝ හා දෙමළ වර්ගවාදීන් දොඩවන තරමේ හමුදා ආධිපත්‍යයක් උතුර හා නැගෙනහිර පළාත්වල නැති බවය.
අගමැති දිමුගෙන් බය හිතෙන කතාවක්..
සිංහල හින්දු අලුත් අවුරුදු දින කිහිපය කාට කාටත් කාර්ය බහුල දින කිහිපයක් ලෙස ගෙවී ගියේය. වඩාත්ම කැපී පෙනෙන විශේෂත්වය වූයේ රජයේ දේශපාලනඥයෝ මෙන්ම විපක්ෂයේ ද බොහෝ දේශපාලනඥයෝ මෙවර තම තමන්ගේ ගම්බිම් ප්‍රදේශවලට ගොස් අවුරුදු සමරන්නට මූලිකත්වය දී තිබීමයි. ඒ අතර සමහරු සිටියේ පිටරටවලය. තවත් සමහරු ගම්බිම්වලය. සුපුරුදු පරිදි කොළඹටම වී අවුරුදු ගත කළ පිරිසක් ද සිටියහ.......
මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ අවුරුදු දින කිහිපය සුපුරුදු පරිදි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් ජනතාව අතරට ගොස් ගත කර දැමුවේය. එහිදී පවුලේ සියලුම දෙනා එකට එකතු වී කටයුතු කිරීමට මුල්තැනක් දී තිබීමද විශේෂත්වයකි.
මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ අවුරුදු දින කිහිපය සුපුරුදු පරිදි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් ජනතාව අතරට ගොස් ගත කර දැමුවේය. එහිදී පවුලේ සියලුම දෙනා එකට එකතු වී කටයුතු කිරීමට මුල්තැනක් දී තිබීමද විශේෂත්වයකි.
පහර කෑමට ලක්වූ විදුහල්පතිවරයාට බරපතළ තුවාල
පාතදුම්බර දොරගමුව මහ විදුහලේ විදුහල්පති ඩබ්. ජී. කරුණාරත්න මහතාට එම විදුහලේ සිසුවකුගේ පියකු විසින් මහමගදී පහරදීමේ සිද්ධිය පිළිබඳව වත්තේගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
විදුහල්පතිවරයා පසුගිය දිනක විදුහලේ සුළු සේවකයකු සමග වාර විභාග ප්‍රශ්න පත්‍ර ගෙන ඒමට සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය නතර කළ පුද්ගලයකු විදුහල්පතිවරයාට පහරදී තිබේ.
අතින් පයින් පහර කෑමට ලක්වූ විදුහල්පතිවරයාට බරපතළ තුවාල සිදුවීම නිසා ඔහු සමග සිටි සේවකයා විසින් විදුහල්පතිවරයා වත්තේගම රෝහලට ගෙන ගොස් ඇතුළත් කර තිබේ.
Subscribe to:
Posts (Atom)