Monday, August 19, 2013

NEWS LANKA - දියතලාව කඳුළු ගඟක්‌ වේ පාපතරයකු අතින් මිලින වූ මල් කැකුළක්‌



දියතලාව ඇල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි අටහැවිරිදි කුඩා දැරියක ඝාතනය කර කුඹුරක පැලක දමා සිටියදී පෙරේදා (18 දා) රාත්‍රියේ දියතලාව පොලිසිය විසින් මළ සිරුර සොයාගෙන ඇත.

මෙසේ මරා දමා ඇත්තේ දියතලාව ඇල්ලගම ඉරේෂිකා මලිති සත්සරණි (08) නමැති දියතලාව ඇල්ලගම මහ විදුහලේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි.

NEWS LANKA - ගුවන් හමුදා සෙබළිය චමෝදි මධුෂිකා වෙඩි තැබීමකින් මිය යැම ලබන මාසයේ විවාහ වෙන්න සිටි අක්‌කා මඟුල් මුදු පවා හදලයි තිබුණේ - සොහොයුරා නදීර සංජන කියයි

මගේ අක්‌කා ලබන මාසේ විවාහ වෙන්න හිටියේ එයාලා මඟුල් මුදු පවා හදලා තිබුණේ. මේ වුණු සිදුවීම ගැන අපට හිතාගන්නවත් බෑ. ත්‍රිකුණාමලය, මාබල් බීච්, වෙරළ තීරයේ පිහිටි නිවාඩු නිකේතනයකදී වෙඩි තැබීමෙන් මියගිය චමෝදි මධුෂිකා ප්‍රේමතිලකගේ සොහොයුරා වන නදීර සංජන ප්‍රේමතිලක එසේ පැවසීය.


විසි දෙහැවිරිදි චමෝදි තිදෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය වන අතර ඇයට පාසල් වයසේ පසුවන එක්‌ සොහොයුරකු සහ සොහොයුරියක ද සිටිනවා.

GOSSIP LANKA - පන්සීයක්‌ ගෙන පැයක්‌ නිල් වීඩියෝ පෙන්වන ස්‌ථානයක්‌ පිටකොටුවෙන් අල්ලයි

පිටකොටුව කදිරේෂන් වීදියේ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වන ස්‌ථානයක්‌ වැටලූ පොලිස්‌ මූලස්‌ථාන සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්‌ඨාසය එහි හිමිකරු හා විශාල ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයක්‌, නවීන පන්නයේ ඩීවීඩී යන්ත්‍රයක්‌, අසභ්‍ය දර්ශන සහිත සංයුක්‌ත තැටියක්‌ ඇතුළු තවත් උපකරණ රැසක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය එම ස්‌ථානය වටලන අවස්‌ථාවේ අසභ්‍ය වීඩියෝ පටයක්‌ පෙන්වමින් තිබී ඇති අතර එය පුද්ගලයන් දසදෙනකු නරඹමින් සිටි බවත්, ඔවුන්ගෙන් ප්‍රශ්න කර මුදාහැරි බවත් පොලිසිය සඳහන් කරයි.

GOSSIP LANKA - කොටගල 'හිල්කූල්' රත්වෙයි තොණ්‌ඩමන්-දිගම්බරන් ආධාරකරුවෝ ගැටෙති

 

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්‌ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු ජාතික සංගමයේ ආධාරකරුවන් අතර ඊයේ (19 වැනිදා) කොටගල කොමෂල් ප්‍රදේශයේදී ඇති වූ ගැටුමකින් වාහන 10කට සහ හෝටලයකට අලාභ හානි සිදුවී කිහිපදෙනකු තුවාල ලබා ඇත.