Sunday, July 21, 2013

Gossip lanka - නිකවැරටියේ දෙදරු මවට කුවේටයේදී ඉඳිකටු ගිල්ලවා දස වද දී ගෙදර එවයි

ශ්‍රී ලාංකික කාන්තාවකට කුවේට්‌ රටේදී ඉඳිකටු ගිල්ලවා මාස ගණනාවක්‌ නිරාහාරව කාමරයක දමා විවිධ වද හිංසා පමුණුවා යළි දිවයිනට එවා ඇත.

ආණමඩුව තම්මැන්නාගම ප්‍රදේශයේ තම දියණියගේ නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින ඇය 40 හැවිරිදි ඇලපාත හල්මිල්ලවැව නිකවැරටිය ප්‍රදේශයේ දෙදරු මවක වන එච්. එම්. රේණුකා බණ්‌ඩාර මැණිකේය.

මෙරට ඒජන්සිකරුවකු විසින් කෑම හා රසකැවිලි සෑදීමට දන්නා බවට ව්‍යාජ ලියකියවිලි සකසා කුවේටයේ නිවසක භාරකරුවකුට තමා භාරදුන් බව රේණුකා මහත්මිය කියයි. එම නිවසේදී තමා සෑදීමට නොදන්නා කෑම සෑදීමට අණකළ විට ඒවා කළ නොහැකි බව පැවසූ පසු නොයෙක්‌ වද හිංසා සිදුකරමින් තමාට පහර දුන් බව ඇය පවසයි.