Tuesday, April 23, 2013

ගීතාගේ තර්ජනයට විරෝධය පා ඇල්පිටියේ මන්ත්‍රීවරු කළුපටි බඳිති

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයකුට මරණීය තර්ජන එල්ල කළේ යෑයි කියන සිද්ධියකට විරෝධය දක්‌වා ඊයේ (23 දා) පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්‌වීමට එ.ජ.නි.ස. සියලුම මන්ත්‍රීවරු කළුපටි පැළඳ සහභාගි වූහ.

කාසල් රෝහලේ අයිසීයූ එක වසයි විෂබීජයක්‌ පැතිරිලා! රෝගී වූ මවක්‌ හදිසියේ මරුට!




විෂබීජයක්‌ පැතිර යැමේ භීතියකින් කොළඹ කාසල්a රෝහලේ දැඩි සත්කාර ඒකකය (අයිසීයූ) ඊයේ (23 වැනිදා) වසා දමන ලදී.

 
දරුණු උණ රෝගයකින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවක මිය යැම සහ එම රෝගයෙන්ම තවත් මවක බරපතළ ලෙස රෝගීවීම හේතුකොට ගෙන මෙසේ හදිසියේ ම එම ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීන් ක්‍රියා කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ කොළඹ කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකයට විෂබීජයක්‌ ඇතුළුවීම හේතුවෙන් වසා දැමූ බවයි. ඒ පිළිබඳ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පර්යේෂණ සිදුÊකරන බවත් ඔවුහු කීහ.