Tuesday, April 16, 2013

එතෙර සියලු චෝදනාලාභීන් දඬුවම් ලබද්දී ශ්‍රී ලංකා විනිසුරු තිදෙනා තවමත් නිදැල්ලේ

විනිසුරුවන් මුදලට තරග පාවාදීමේ සිද්ධියමුදලට තරග පාවාදුන්නේ යෑයි චෝදනා ලබා සිටි පාකිස්‌තානු විනිසුරුවන් දෙදෙනකුට තරග විනිශ්චය තහනම් කිරීමට පාකිස්‌තානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය පියවර ගෙන තිෙරී.

තහනම් කළ විනිසුරුවන් දෙදෙනා අතර ටෙස්‌ට්‌ තත්ත්වයේ පසුවූ නදීම් ගෞවුරි විනිසුරුවරයාද සිටින අතර ඔහුට වසර 4 ක තරග තහනමක්‌ද දේශීය තරග මාලාවේ විනිසුරුවරයකු වන අනිස්‌ සිද්දික්‌ට වසර 3 ක තරග තහනමක්‌ද පැනවීමට තීරණය වී තිෙරී. නදීම් ගෞරි පාකිස්‌තානය වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 5 කට, එක්‌දින තරග 43 කට සහ විස්‌සයි විස්‌ස තරග 4 කදී විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිෙරී.



ඉන්දීය රූපවාහිනී නාලිකාවක්‌ විසින් ක්‍රිකට්‌ විනිසුරුවන් මුදලට තරග පාවාදුන්නේ යෑයි කියන විනිසුරුවන්ගේ නම් ලැයිස්‌තුවක්‌ වීඩියෝ රූප උපයෝගී කරගනිමින් ප්‍රථමයෙන්ම අනාවරණය කරන ලදුව, එයට තහනමට ලක්‌වූ පාකිස්‌තානු විනිසුරුවන් දෙදෙනා සහ ශ්‍රී ලංකාවෙන් විනිසුරුවන් තිදෙනකු සහ බංග්ලාදේශයෙන් එක්‌ විනිසුරුවරයකුට මුදලට තරග පාවාදුන්නේ යෑයි ප්‍රථමයෙන්ම චෝදනා එල්ල කරන ලදී.

අදාළ චෝදනා ලාභී සියලුම විදෙස්‌ රටවල විනිසුරුවන්ට දඬුවම් ලබාදීමට එරට ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය පියවර ගත්තද ශ්‍රී ලංකාවෙන් තරග පාවාදෙනු ලැබූ විනිසුරුවන් ලෙස චෝදනා ලද ගාමිණී දිසානායක, සාගර ගාල්ලගේ සහ මොරිස්‌ වින්ස්‌ටන් යන තිදෙනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මෙතෙක්‌ කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම කැපී පෙනෙන්නක්‌ බවට පත්ව තිබේ.

අදාළ පාවාදීමේ ලැයිස්‌තුවට ඇතුළත් වන එකම බංග්ලාදේශ විනිසුරුවරයා වන නදීර් ෂා වන අතර ඔහුටද වසර 10 ක තරග තහනමක්‌ එරට ක්‍රිකට්‌ ආයතනය විසින් පනවන ලදී.

No comments:

Post a Comment