Sunday, April 21, 2013

සෙලිනා ගෝමස් ගේ අලුත්ම පෙම්වතා කවුරුන්දැයි ඔබ දන්නවාද?


සෙලිනා ගේ අලුත්ම පිම්ම

සෙලිනා ගෝමස් ගේ අලුත්ම පෙම්වතා කවුරුන්දැයි ඔබ දන්නවාද? ඔහු තමයි, රයන් ගොස්ලින්. කැනේඩියානු නළුවකු වන රයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක්. ඔහුගේ වයස අවුරුදු 32යි.
ඒත් සෙලිනාගේ වයස තවම අවුරුදු 20යි. සමහරු පවසන්නේ රයන්, සෙලිනාට වඩා අවුරුදු 12කින්ම වැඩිමහලු නිසා ඔහු සෙලිනාට නොගැළපෙන බවයි.
රයන්ට සෙලිනාව හමුවන්නට කලින් වෙනත් පෙම්වතියක් සිටියා. ඇය, ඊවා මෙන්ඩිස්. ඇය ඇමෙරිකානු චිත්‍රපට නිළියක්. මෝස්තර නිරූපණ ශිල්පිනියක්. ඊවා සහ රයන් අතර ද නොගැළපීමක් තිබුණා. එය ද වයස් පරතරයක්.

ඊවා රයන්ට වඩා වසර කිහිපයකින් වැඩිමහලු තැනැත්තියක්. කොහොම වෙතත්, ඊවා අතහැර සෙලිනාට ළංව සිටින රයන් කාලය ගතකරන්නේ සතුටෙන්ලු. ආයෙමත් සෙලිනාගේ ආදරය ඇයගේ පැරැණි පෙම්වතා, ජස්ටින් බීබර්ට නම් හිමිවන පාටක් නැතිලු.

’මිෂන් ඉම්පොසිබල් 5’ත් එයි

රූපවාහිනී සහ සිනමා ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත් ‘මිෂන් ඉම්පොසිබල්’ කතා මාලාවට තවත් චිත්‍රපටයක් එකතු වන බවයි ජනප්‍රිය නළු ටොම් කෲස් පැවසුවේ.
‘මිෂන් ඉම්පොසිබල් - 5’ යනුවෙන් නම් කෙරෙන මේ චිත්‍රපටයේ රූපගත කිරීම් ලබන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කරන්නට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා.
ඒ වෙනුවෙන් මේ දිනවල වැඩ කටයුතු රැසකට මුල පුරා ඇති බවත් ටොම් පැවසුවේ මෑතකදී පැවැති මාධ්‍ය හමුවකදීයි.
’මිෂන් ඉම්පොසිබල් -5’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ කවුරුන්දැයි ඔහු පැවසුවේ නැහැ. ඒ වුණත් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ තමන් බව නම් ඔහු නොසඟවා කියා සිටියා. මෙය, ඔහුගේ පළමු නිෂ්පාදනයයි. මේ සඳහා විශාල වියදමක් දරන්නටත් ඔහු සූදානම්. මීට පෙර ‘මිෂන් ඉම්පොසිබල් -4’ තිරගත වුණේ 2011 දීයි.

පරණ සපත්තු තාමත් හොඳයි

ජනප්‍රිය නිළි, සාරා ජෙසිකා පාකර් තමන්ගේ පැරැණි සපත්තු ජෝඩු 3ක් වෙන්දේසියේ විකුණන්නට තීරණය කරලා. මේ සපත්තු අධික මුදලකට අලෙවි වනු ඇතැයි සාරාගේ විශ්වාසයයි. ඇය මේවා වෙන්දේසියට ඉදිරිපත් කරන්නේ නිකම්ම සපත්තු හැටියට නම් නොවෙයි.
ලෝක ප්‍රකට ‘සෙක්ස් ඇන්ඩ් ද සිටි’ ටෙලිනාට්‍ය මාලාවක් සම්බන්ධ කරගෙනයි. සාරා පවසන්නේ වෙන්දේසි කෙරෙන මේ සපත්තු පැලඳුවේ ‘සෙක්ස් ඇන්ඩ් ද සිටි’ ටෙලි නාට්‍යවල රඟපාද්දි බවයි. එහෙමනම් කිසිම සැකයක් නැහැ. මේ පැරැණි සපත්තුවලට ඉහළම ලන්සුවක් තැබේවි.
වෙන්දේසිය පැවැත්වෙන්නේ සමාජ සේවාවක් වෙනුවෙන්. සංගීතය, නර්තනය, රංග කලාව සහ චිත්‍ර යන විෂයයන් උගන්වන පාසලක් ඉදිකිරීමට අවශ්‍ය වන මුදල් සොයා ගන්නටයි මේ වෙන්දේසිය පැවැත්වෙන්නේ.
මේ වෙන්දේසියට බ්‍රිට්නි ස්පියර්ස්ගේ මැඩෝනාගේ සහ සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ සපත්තු ද, එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තු ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ පැරැණි සපත්තු වෙන්දේසිය අප්‍රේල් 24 දා නිව්යෝර්ක් හි දී පැවැත්වෙන බවයි ආරංචි.

ලියනාඩෝ ගේ සිව්වැන්නිය

ලියනාඩෝ ඩි කැප්රියෝ මෑතකදී සුන්දර මියාමි වෙරළට ආසන්නව පිහිටි සුපිරි අවන්හලක දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූවා. මේ වෙනුවෙන් ඔහුගේ සමීප මිතුරන් කිහිප දෙනකු එක්වී සිටියා. එක් මිතුරියක් ද ඒ අතර සිටියා. විසිපස්වැනි වියෙහි පසුවන ඇය රූපවන්තියක්. ඇය ගේ නම හීතර් හාන්.
මෝස්තර නිරූපිකාවක් ලෙස නමක් දිනා සිටින ඇය මේ භෝජන සංග්‍රහයට එක්වුණේ ඇයි? ලියනාඩෝ ගේ මිතුරියක් නිසාද? නැහැ. ඇය මිතුරියක් විතරක්ම නොවෙයි. ඔහුගේ පෙම්වතිය නිසයි.
ලියනාඩෝගේ ආදරයට ආදරය කරන ඇය, ඔහුගේ අලුත්ම පෙම්වතියයි. “දැන් නම් ලියනාඩෝගේ ඇස් නිතරම යොමුවෙලා තියෙන්නෙ හීතර් දිහාටයි. මේ දෙන්නා දැන් දවසට කීපවතාවක්ම මුණගැහෙනවා. හරිම සතුටින්, විනෝදයෙන් කාලය ගතකරනවා” ලියනාඩෝගේ හිතවතකු එලෙස කියා සිටියා.
දැනට තිස්අට වැනි වියෙහි පසුවන ලියනාඩෝට මීට කලින් පෙම්වතියන් තිදෙනකු සිටියා.

No comments:

Post a Comment