Sunday, August 11, 2013

Gossip lanka - රන්ජන්ගේ විවාහ නොවීමේ තීරණය පිටුපස තිබෙන අනුවේදනීය ආදර කතාව - පළමුවරට හෙළිකරයි

ජනප්‍රිය නළු රන්ජන් රාමනායකගේ විවාහය ගැන බොහෝ අය ඔහුගෙන් විවිධ අවස්ථාවල ප්‍රශ්න කොට තිබෙන බව ඔබ අප දන්නවා. රන්ජන් මේ ප්‍රශ්නය අහන හැම වෙලාවකදීම ඊට සාර්ථක පිළිතුරක් නොදී පැන යනවා.
ඔය ගොල්ලෝ දන්නවද රන්ජන් එහෙම කරන්නේ ඇයි කියලා. ඒ ඔහු විවාහ නොවන සැබෑ කාරණය ප්‍රසිද්ධියේ කියන්න බැරි හන්දා. 
මේ දවස්වල අප සමාගමේ සහෝදර පුවත්පතක් වන ‘රැජිණ’ පත්තරේ රන්ජන්ගේ ජීවිත කතාව කොටස් වශයෙන් පළ වන නිසා රන්ජන්ට සිදුවෙලා තියෙනවා මතෛක් හෙළි නොකළ තම ජීවිතයට සම්බන්ධ අතිශය පෞද්ගලික කාරණා කියන්න.
රන්ජන් අන්න ඒ වගේ වෙලාවක තමන් විවාහ නොවන්නේ ඇයි යන්න මුල් වරට හෙළි කළා.

Gossip lanka - චිත්‍රපටශාලාවක් තුළ බාලවයස්කාරියක් දූෂණය කිරීමේ පසුබිම් කතාව


මෙය චිත්‍රපටශාලාවක ‘බොක්ස්’ ආසන කුටියක් තුළ සිදුවූ පළමු ස්ත්‍රී දූෂණය නොවන්නට පුළුවන. එසේම මෙය ඒ ආකාරයේ අවසාන ස්ත්‍රී දූෂණයද නොවනු ඇත. නමුත් සිනමාශාලාවල බොක්ස් ආසන කුටිවලට රිංගන තරුණ තරුණියන්ගේ නැතිනම් පෙම්වතුන් පෙම්වතියන්ගේ අනාගතය ඒ තුළින් ලියැවෙන්නේ කෙසේදැයි ‍පොලීසියට ලැබුණු ඒ පැමිණිල්ලෙන්ම පැහැදිලි විය. 
සිය වැඩිමහල් දියණියද කැටුව ඉකුත් සතියේ දිනක ගම්‍පොළ ‍පොලීසියට පැමිණෙන මවක සහ පියෙකු සාමාන්‍යයෙන් ‍පොලීසියකට වාර්තා නොවන  ආකාරයේ පැමිණිල්ලක් කරන්නේ සිනමාශාලාවල ‘බොක්ස්’ නමින් හඳුන්වන,ආවරණය කරන ලද කුටි සම්බන්ධයෙන් විධිමත් නීති රාමුවක අවශ්‍යතාව බලධාරීන්ගේ අවධානයටද යොමුකරමිනි. ඒ ඔවුන්ගේ පහළොස් හැවිරිදි  දියණිය ගම්‍පොළ පිහිටි සිනමාශාලාවක ‘බොක්ස්’ ආසන කුටියකදී ඇගේ  පෙම්වතා අතින් දූෂණයට ලක්වී තිබිම නිසාය.