Wednesday, June 19, 2013

නාවල විවෘත සරසවියේ නීති අංශ ප්‍රධානියට නීති සිසුවාගෙන් මන්නා පිහි පහර! නීති ශිෂ්‍යයා යාපනේ වෛද්‍යවරයෙක්‌

නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාල නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී යශෝදරා කදිරගාමතම්බි මහත්මිය එහි නීති ශිෂ්‍යයකු විසින් ඊයේ (19 වැනිදා) දහවල් එල්ල කරන ලද මන්නා පිහි පහර කිහිපයක්‌ නිසා බරපතළ ලෙස තුවාල ලැබුවාය. 

හතළිස්‌ හැවිරිදි ඇය දැන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඥානසුන්දරම් සුරේJද්‍රජිත් නම් මෙම නීති ශිෂ්‍යයා යාපනයේ සේවය කරන වෛද්‍යවරයකු වන අතර අංශාධිපතිනියට පිහි පහර එල්ල කිරීමෙන් අනතුරුව ඔහුද පෙති වර්ගයක්‌ පානය කර ඇති අතර පසුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

"දිනුම මිස මට වෙන කිම...?" - මහේල



මහේල විසින් විවර කරන ලද ජයග්‍රහණයේ මාවතෙහි තවත් වැදගත් සන්ධිෂ්ථානයක්‌ වූ තිලකරත්න දිල්ෂාන්, ක්‌ලින්ට්‌ මැකේ දවා ගැනීම සඳහා රැකගත් දර්ශනීය උඩ පන්දුව (ඒ.පී.ඡායාරූපයකි)

සෑම තරගයක්‌ම ජය ගැනීමට තමාට අවශ්‍ය බවත් ඒ අනුව තමන් හැම තරගයක්‌ම ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමෙන් පසු පැවසීය.

වඳුරෙක්‌ ගැන පුදුම කතාවක්‌

ලේ පෙරෙමින් සිටි වඳුරා කිලෝමීටර් 70ක්‌ දුරට
ත්‍රිරෝද රථයකින් ගෙනයයි

මුහුණ වසාගෙන සිටි තරුණයා තමන් ගැන
ගුණ වැයුම් ප්‍රතික්‍ෂේප කරයි

පින්තූර හා විස්‌තර කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ


දූෂණය, භීෂණය, වංචාව හොරකම පමණක්‌ නොව සාරධර්මද පිරිහෙමින් පවතින අද වැනි යුගයක ඔබටත් මටත් විශ්වාස කළ නොහැකි, කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි උත්තම ගණයේ සත් ක්‍රියාවක්‌ පෙරේදා (17 දා) හවස 6.30 සිට රාත්‍රි 8.30 වනතුරු කන්තලේ 91 වෙන්ඩ්‍රාසන්පුර ප්‍රදේශයේදී පෙන්නුම් කිරීමට නුවර පේරාදෙනිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්‌ සමත් විය.

වේලාව පෙරේදා (17 දා) හවස 6.30 ට පමණ ඇත. හදිසියේම මෙම ලියුම්කරුගේ නිවසට අහල පහල නිවසක පොඩි එවුන් දෙදෙනකු පවසා සිටියේ පාර හරහා ගමන් කළ වාහනයකට වැදුණු වඳුරෙකු තුවාල ලබා ගසක සිටින බවයි. එමෙන්ම වඳුරා අසල සිටින නොහඳුනන පුද්ගලයෙකු කන්තලේ වනජීවී කාර්යාලයේ නොම්මරය මගෙන් ඉල්ලා එන්න කියූ බවත් ඔවුහු කීහ.