Monday, July 29, 2013

Gossip lanka - පුංචි අම්මාට තුන්මසක දරුගැබක්‌ ඇති බයට පුතා

තරුණියක විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එය විභාග කිරීමට පොලිසියට එන්නැයි කී විට බියට පත්වී වස පානය කර තරුණයකු මිය යැමේ පුවතක්‌ දඹගල්ල රෝහලෙන් අප වෙත වාර්තා වෙනවා.

මියගොස්‌ ඇත්තේ කොල්ලදෙණියේ 5 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි කොණරා-මුදියන්සේලාගේ අසංක හේමන්ත නමැති 
විසිතුන් හැවිරිදි තරුණයෙකි. මියගිය අසංක හේමන්තගේ පියා වන ගුණපාල මහතා පවසන පරිදිසිද්ධිය මෙසේයි.

cricket News - දකුණු අප්‍රිකාවට කඩුලු 8 ක පරාජයක්‌ ශ්‍රී ලංකාව තරගාවලියම දිනයි

ටී. එම්. ඩිල්ෂාන්ගේ 17 වැනි එක්‌දින ශතකය සහ කුමාර් සංගක්‌කාරගේ ලකුණු 91 ක වටිනා ඉනිම හේතු කොට ගෙන දකුණු අප්‍රිකාව සමග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්‌දින තරගයෙන් කඩුලු 8 ක ජයක්‌ අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඊයේ (28 දා) හැකිවිය. මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමග තරග 5 කින් සමන්විත දෙරට අතර එක්‌දින තරගාවලියේ තවත් තරගයක්‌ ඉතිරිව තිබියදීම තරගාවලිය 3/1 ක්‌ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්‌ථාව උදාවිය.

GOSSIP LANKA - මහ ඇමැති බෝඩ් නැහැ දයාසිරි ජයසේකර


කවුද මහ ඇමැති කියලා මම නම් බෝඩ් ගහගන්නේ නැහැ. ජනතාව තමයි මහ ඇමැති තෝරන්නේ" යෑයි දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ජයසේකර මහතා මේ කරුණු ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්‌. බී. නාවින්න මහතාගේ වාරියපොල නිවසේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජයසේකර මහතා මෙසේ ද කීය. මම ජනාධිපතිතුමාට කිව්වේ නැහැ මහ ඇමැතිකම දුන්නොත් තමයි පාර්ලිමේන්තුවෙන් අස්‌වෙන්නේ කියලා. මම ජනාධිපතිතුමාට කිව්වේ මට වැඩ කරන්න අවශ්‍යයි කියලා. ජනාධිපතිතුමත් මධ්‍යම කාරක සභාවත් තීරණය කරයි වයඹ මහ ඇමැති කවුද කියලා. මහ ඇමැතිකම නම් කළේ නැහැ කියලා ගැටලුවක්‌ නෑ.