Saturday, June 29, 2013

Love Road - ඔබේ විවාහ යෝජනාවට කෙනෙක් අකමැති වුණා කියන්නෙ ඔබ නොවටිනා කෙනෙක් කියන එක නෙමේ

මිනිස්සු වැඩි දෙනෙක් විවාහ වෙනව. ඒක සාමාන්‍ය දෙයක්. නිසි වයස ආවම තරුණ තරුණියො විවාහ වෙන්න  සුදුසු කෙනෙක් සෙවීමට උනන්දුවෙනව. සමහරු පෙම් සබඳතා ඇතිකර ගන්නව. තමන්ම තමන්ට ගැළපෙන කෙනකුව හොයාගන විවාහ වෙනව.
තවත් සමහරුන්ට දෙමාපියො වැඩිහිටියො සුදුසු සහකරුවෙක්/ සහකාරියක් හොයනව.
විවාහයක් ගැන හිතනකොට ඇතිවන ලොකුම ප්‍රශ්නය තමයි මෙහෙම තමන්ට බඳින්න සුදුසු කෙනෙක් හොයාගන්න එක. සමහරවිට විවාහ ජීවිතය ගතකරනවට වඩා අමාරුයි බඳින්න කෙනෙක් හොයාගන්න එක.
කපුමහත්තුරු මගින්, මංගල යෝජනා තීරවලින්, දැන හැඳිනුම්කම්වලින් යනාදී නොයෙකුත් ක්‍රමවලින් ගැළපෙන සහකරුවන් සෙවීම සිදුවෙනව.
මේ ගැළපෙන සහකරුවන් සෙවීමේදී සමහරු අකමැත්ත ප්‍රකාශ කරල එවනව. යෝජනා කරන හැමකෙනාම ගැළපෙන්නෙ පෑහෙන්නෙ නෑනෙ. ඒ නිසා තමන්ට නොගැළපෙනව කියල හිතෙනව නම් අකමැත්ත පළ කරන එක පුදුමෙකුත් නෙමේ. වරදකුත් නෙමේ.

gossip India - කුලියට ගැනීමේ පදනම මත කාන්තාවක් යොදවාගෙන තවත් දරුවෙකු ලබාගන්න ෂාරුක් මේ දිනවල සූදානම්

පසුගිය දිනවල ෂාරුක් ඛාන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක් වූ අතර ඒ දෙකම පුද්ගලික සිදුවීම්. ඉන් එකක් සුබවාදී සිදුවීමක් වන අතර අනෙක ෂාරුක්ට අධිකරණයට යන්න සිද්ධවෙන ආකාරයේ සිදුවීමක්. මේ ගැන ඇතුළුව මෙවර ෂාරුක්ගේ අලුත්ම තොරතුරු කියවමු.
පසුගිය දිනයක කරන ලද 
සමීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම තාත්තා වන්නට ෂාරුක්ට අවස්ථාව ලැබුණා. නමුත් ඉන් ටික දිනකට පසු ෂාරුක්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි ලැබුණෙත් මේ පිය පදවිය නිසාම තමයි. ෂාරුක් හා ඔහුගේ බිරිය ගෞරී ගර්භාෂය කුලියට ගැනීමේ පදනම      මත කාන්තාවක්

gossip lanka - ගෙදරින් මැච් එකට ආපු තිසරව අන්තිමට ‍දවසම ‍පොලීසියෙ තියාගෙන

තිසර පෙරේරාගේ පාසල් ක්‍රිකට් පුහුණුකරු හර්ෂ ද සිල්වා කියන කතාවක්... 
නාරංගොඩ ලියනආරච්චිලාගේ තිසර චිරන්ත පෙරේරා එහෙමත් නැතිනම් තිසර පෙරේරා අද ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නැතුවම බැරි ක්‍රීඩකයකු බවට පත් වෙලා. වමතින්  පන්දුවට පහර දෙන තිසරගේ දැවැන්ත පහරවල් බලන්න ක්‍රීඩා ලෝලීන් දක්වන්නේ දැඩි කැමැත්තක්. 2009 අවුරුද්දේ දෙසැම්බර් 24 වෙනිදා ඉන්දියාවේ කොල්කටා  හිදී ඉන්දියාවට එරෙහිව එක්දින තරගයකින් පළමු පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹූ තිසර එම තරගයේදී ලකුණු 31 ක් රැස් කළා. මේ වන විට ප්‍රවීණ ක්‍රිකට් තරුවක් බවට පත්ව සිටින තිසරගේ පාසල් සමයේ දස්කම් ගැන කතා කරන්න අපි ඔහුගේ පාසල් සමයේ (මරදාන ශාන්ත ජෝසප් විදුහල) ක්‍රිකට් පුහුණුකරු වූ හර්ෂද සිල්වා මුණ ගැසුණා.
“තිසර ශා. ජෝසප් විද්‍යාලයට ආවේ  වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉඳලා. එතකොට තිසරට වයස අවුරුදු 15ක් විතර ඇති.

gossip lanka - ආර්ථික අවපාතයෙන් ගණිකාවන්ගේ ගාස්‌තු පහලට බැහැලා...

හේතුව විදේශ ශිෂ්‍යාවනුත් ගණිකාවෝ වෙලා...

ඩෙබී බටහිර එංගලන්තයේ වාසය කරන කාන්තාවකි. ඇය අබිසරු ලියකි. ඇය ගණිකා මඩමක්‌ පවත්වාගෙන යන්නේ කුලියට ගත් තට්‌ටු නිවාසයකය. 

ඇය දිනකට ගනුදෙනු කරුවන් දෙදෙනකුට හෝ තිදෙනකුට සේවා සපයයි. නමුත් මීට වසරකට පෙර ඇය දිනකට ගනුදෙනුකරුවන් අටක්‌ හෝ නවයක්‌ සතුටු කළාය.නමුත් වර්තමානයේ ආර්ථික අර්බුදය නිසා ලොව පැරණිතම රැකියාවද අර්බුදයකට ලක්‌ව තිබෙනවා. එම නිසා ඩෙබී සිය ගාස්‌තුවද අඩුකර තිබෙනවා.