Monday, October 7, 2013

බෝට්‌ටු චාරිකාවෙන් අපට තාත්තා අහිමි වුණා බෝට්‌ටුව පෙරළී මියගිය පියාගේ දියණිය වැළපෙයි

"තාත්තා ඔය ගමන යන්න හදිසියෙ ලෑස්‌ති වුණේ. අම්මත් තාත්ත එක්‌ක ගියා. බෝට්‌ටු ගමනෙදි අම්ම ඉස්‌සෙල්ලා යවල තාත්ත ඊට පස්‌සෙයි ගිහින් තියෙන්නෙ.

විනෝද චාරිකාවක්‌ අතරතුර බෝට්‌ටුවක්‌ පෙරළීමෙන් මියගිය යූ. දයානන්ද පෙරේරා (66) මහතාගේ දියණිය වන මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ ආචාරිණී කිසන්තා පෙරේරා මහත්මිය "දිවයින"ට එසේ පැවැසුවාය.

GOSSIP LANKA - මම නායකත්වයේ ඉන්නේ පක්‍ෂයේ උන්නතිය උදෙසායි එජාප නායක රනිල් කියයි

මම පක්‍ෂ නායකත්වයේ තවදුරටත් රැඳී සිටින්නේ පක්‍ෂයේ උන්නතිය වෙනුවෙනුයි. මට මුහුණදීමට සිදුවූ දෙයට වෙන කෙනකු මුහුණ දුන්නා නම් ඔහු පක්‍ෂය දමා යනවා. 

එජාපය විනාශ කරන ආණ්‌ඩුවේ සහාය ලබන කුමන්ත්‍රණවලට හසු නොවී ඉවසිලිවන්තව ක්‍රියා කරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලනවා යෑයි එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 වැනිදා) ඇහැලියගොඩදී පැවසීය.

ඇහැලියගොඩ එජාප බල මණ්‌ඩල රැස්‌වීමක්‌ අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව කීය.