Thursday, June 20, 2013

ක්‍රිකට්‌ පිටියට පැන්න කොටි හිතවාදීහු "බයිට්‌" වෙති

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (20 දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක වන අතරතුරදී කොටි කොඩි හා විරෝධතා පුවරු රැගත් කොටි හිතවාදීහු පස්‌ දෙනෙක්‌ ක්‍රීඩා පිටියට කඩා වැදුණහ. 

සිය පවුලද අතහැර නැවත දිනේෂා සමග සොර සැමියා චරිතය රඟපාන චන්දන

පසුගිය දිවයින පුවත් පතක එනම් 2011/06/13 තිබු පරිදි චන්දන පුෂ්පලාල් ලියන ගුණවර්ධන නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට පමුණුවා සිට පසුව අධිකරණය හමුවට පමුණුවා සිටි දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංග රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා නියම කිරීම ගැන සම්බන්ධව එම දිනවල  ඔස්සේ තොරතුරු ගෙන එන ලද අතර මේ වනවිට මෙම තැනැත්තිය කෙසේ හෝ යලිත් එම ව්‍යාපාරිකයා සමග වාසය කරන බව දැනගැන්මට ලැබී තිබෙනවා.

මේ පුංචි සමනලියත් ඔබේ උදව් ඉල්ලනවා

r14-1නෙතුකි දුව අපි ඉස්සරහ වාඩිවෙලා හිනාවෙනවා. දැන් ඇගේ වයස අවුරුදු 2යි. මේ වයසේ ඉන්න දරුවෝ හුඟක් හුරතල්. නෙතුකි දුව තුළිනුත් ඒ බව හොඳින් පෙනෙනවා.
ඒත් අවාසනාවක හැටි. අපට නෙතුකි එක්ක කතා කරන්න බැහැ. ඒ අපි අහන කිසිම දෙයකට උත්තර දෙන්න තරම් නීරෝගීකමක් ඇය තුළ නැති නිසා. ඒ නෙතුකි උපතින්ම ශ්‍රවණාබාධිත දරුවකු හින්දා.
“අපි කවදාවත් හිතුවේ නැහැ අපට ලැබුණු දරුවා මෙහෙම දරුවෙක් වේවි කියලා”
අවුරුදු එකහමාරක් විතර වෙනකම් අපි කිසිම වෙනසක් ඇගෙන් දුටුවේ නැහැ. සාමාන්‍ය ළමයෙක් විදිහට තමයි ඇය උන්නේ”
නෙතුකි දුවගේ අම්මා අනුෂ්කා රසාංජලී අපි එක්ක කිව්වා.
අනුෂිකා වෘත්තියෙන් ගණකාධිකාරිනියක් හැටියට පෞද්ගලික සමාගම වැඩ කළා. මේ නිසා බොහෝ වේලාවට ඇයට දරුවා ළඟ ඉන්න බැරි වුණා.
ඒත් වැඩ ඇරිලා ගෙදර ආපසු ඇය නෙතුකි ළඟින් හෙල්ලුණේ නැහැ.
“අපි වැඩ ඇරිලා ගෙදර එන්නේ මෝටර් සයික‍ලේ. ඉතිං ඒ සද්දෙට සාමාන්‍යයෙන් පුංචි අවධානය යොමු කරනවනේ. ඒත් අපේ දුව ඒකට ප්‍රතිචාර දැක්වූවේ නැහැ. මෙන්න මේ නිසා තමයි අපි හලාවත රෝහලට ගිහින් දුවව පෙන්නුවේ”

පෙම්වතාගේ නිවසට යන්න පොලිසියෙන් අවසර ඉල්ලයි

තම මව්පියන් තමන්ට හිරිහැර කරන නිසා පෙම්වතාගේ නිවසට යාමට අවශ්‍ය බව කියමින් 15 හැවිරිදි පාසල් සිසුවියක් තමන්ගේ අනාගත නැන්දම්මා සමග දකුණු කළුතර පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබේ. සුදෝ සුදු පාසල් නිල ඇඳුමකින් සැරසී පොලිසියට පැමිණි සිටි ඇය