පියා කවුද?
පද්මිණි තම පවුලේ වෛද්‍යවරයා හමුවීමට ගියේ දින කීපයක් තිස්සේ පැවැති කෑම අරුචිය සහ වමනයට ප්‍රතිකාර ලබා ගැනීමටය. ඇය හොඳින් පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇගේ රුධිර සහ මුත්‍රා ද පරීක්ෂා කළේය.
එම පරීක්ෂණ වාර්තා කියවද්දී ඔහුගේ ඇස් අසාමාන්‍ය ලෙස විවර විය. කලබලයට පත් හෙතෙම මෙසේ කීවේය.
“මළා...!”
“ඇයි... ඇයි ඩොක්ටර්?” පද්මිණි විමසුවේ ද තැති ගනිමිනි.
“මම තාත්තා කෙනෙක් වෙන්ඩයි යන්නෙ.” වෛද්‍යවරයා දාඩිය පිසදමමින් කීවේය.
ඉතුරු වෙයි ද?
කළමනාකරුවකු බඳවා ගැනීම සඳහා එම සමාගමෙන් පළ කළ පුවත්පත් දැන්වීමකට අනුව පැවැති සම්මුඛ පරීක්ෂණයට ජයසිංහ පෙනී සිටියේය.
“හොඳයි අපි මිස්ටර් ජයසිංහව මේ තනතුරට තෝරා ගත්තොත් ඔබ මේ තනතුර වෙනුවෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?” සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ඔහු ගෙන් ඇසුවේය.
“මම වැඩ කරපු කොම්පැනිය මට මාසෙකට රුපියල් පනස්දාහක් ගෙව්වා. අර්ථ සාධක අරමුදලට මගෙන් සියයට පහක් කපලා ඒ ගොල්ලො සියයට 15 ක් දැම්මා. අවුරුද්දට මාස 03 ක පඩි බෝනස් විදියට දුන්නා.
අවුරුද්දකට සැරයක් පිටරට සංචාරයකට ඕන කරන සියලුම පහසුකම් දුන්නා, මාසෙක නිවාඩුවකුත් එක්ක.”
“ඔයතරම් පහසුකම් දුන්න කොම්පැනියකින් ඇයි මිස්ටර් ජයසිංහ අයින් වෙන්න හිතුවේ?” සභාපතිවරයා ඇසුවේ විමතියෙනි.
“මං අයින් වුණෙ නැහැ.
ඒ කොම්පැනිය බංකොළොත් වුණා.” ජයසිංහ කීවේය.
පණු බේත්
ඩාන්සින් ස්ටාර් තරගයක් රූපවාහිනියේ විකාශය වෙමින් පැවතුණි. නිවෙසේ සැවොම සාලයේ වාඩිවී රූපවාහිනිය වෙත නෙත් දල්වා බලා සිටි අතර නිවෙසේ සුරතලේට ඇති කරන බල්ලා සහ බැළලිය ද සාලයේ සිටියෝය.
ඒ වන විට රූපවාහිනියේ පෙන්වමින් තිබූ දඟර නැටුමක් දුටු බල්ලා, බැළලියට මෙසේ කීවේය.
“ඔයා දන්නවද වැඩක්. ගිය සුමානෙ දවසක්දා මං ඔය විදියට නටනවා දැකලා අපේ මහත්තයා මට පණුබේත් දුන්නා.”
ඒ මොකද?
තම මහගෙදර ගොස් ආපසු එද්දී මව ද කැටුව නිවෙසට ළඟාවූ බිරිය දුටු නන්දවීර, බිරිය පසෙකට කැඳවා රහසින් මෙසේ ඇසීය.
“මම ටෙලිග්‍රෑම් එකතුත් එව්වනෙ යෝදියේ, අම්මත් එක්ක එන්ඩ එපා ය කියල. ඉතින් අහවල් දේකට ද අම්මා එක්ක ආවේ?”
“අම්මා තකහනියක් ආවේ ඒ මොකද කියල දැනගන්ඩ තමයි.” බිරිය කීවාය.
No comments:
Post a Comment