Monday, April 22, 2013

රත්‍රං මිල බසී


මේ වනවිට රත්‍රං පවුමක මිල රු. 45,000 ක්‌ පමණ දක්‌වා අඩුවී ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

මේ වසර (2013) මුලදී රන් පවුමක මිල රු. 50,000 ක්‌ පමණ විය. මේ අනුව පසුගිය කාලය තුළ රන් පවුමක මිල රු. 5000 කින් පමණ අඩු වී තිබේ.

මේ නිසා රන් භාණ්‌ඩ අලෙවිය ඉහළ ගොස්‌ ඇති බවත් ඉහළ මිලක්‌ ලබාදී රන් භාණ්‌ඩ උකස්‌ ගත් බැංකු රැසක්‌ දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් වාර්තා වේ. රත්රන් මිල අඩුවීම නිසා බැංකු විසින් රන් භාණ්‌ඩ උකස්‌ ගැනීමේදී ලබාදෙන මුදල ද මේ වනවිට අඩුකර තිබේ.



ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් අඩුවීම මීට හේතු වී ඇති අතර රත්‍රංවල මුදල් ආයෝජනය කරන්නන් රත්‍රං ඉල්ලුම අඩු කිරීමත්, රත්‍රං සැපයුම වැඩිවීමත් මේ මිල ගණන් අඩුවීමට හේතු වී තිබෙන බවද වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් තවදුරටත් "දිවයින"ට වාර්තාවේ.

No comments:

Post a Comment