කෙටි කලක් තුළදී රංගන ක්ෂේත්රය හා දේශපාලන ක්ෂේත්රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල “සිහින විලක්” ටෙලි නාට්‍යය තුළින් ආලින්දයට ගොඩවදිනවා. උපේක්ෂා පුවත් මවන්නියක් වුණේ ඇගේ කලා දිවිය, දේශපාලන දිවිය වගේම පුද්ගලික දිවිය ගැනත් මැවුණු විවිධ පුවත් හින්දාමයි. පසුගියදා උපේක්ෂා ගැන අලුත්ම ආරංචියක් අසන්නට ලැබුණා. ඇගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් කරන ලද මුදල් වංචාවක් ගැනයි මේ ප්‍රවෘත්තිය ඇසුණේ. අදාළ පුද්ගලයා විසින් රැකියා දෙන බවට මිනිසුන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇති බවත්, උපේක්ෂාගේ නම පාවිච්චි කරමින් ඔහු මෙම කාර්යය සිදුකළ බවත් ආරංචි මාර්ග පවසනවා. මේ පුවත ගැන දැනගන්න අපි උපේක්ෂාට කතා කළා. ඇය බොහොම හෘදයාංගම විදියට අපේ කතාබහට එකතු වුණා. කතාබහ අතරේ අපි උපේක්ෂාගේ කලා ජීවිතේ තොරතුරු ටිකකුයි, පුද්ගලික ජීවිතේ තොරතුරු ටිකකුයි විමසන්නත් අමතක කළේ නැහැ.
උපේක්ෂා, ඔබේ නම පාවිච්චි කරලා ඔබේ මාධ්‍ය ලේකම් මූල්‍ය වංචාවක් කළාය කියන චෝදනාව ඇත්තද?