ගුණසුන්දරම් ජෙයසුන්දරම් කොළඹ ත‍්‍රස්තවාදී කොට්ඨාසයේ (ටී.අයි.ඞී) පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2007 වසරේ සැප්තැම්බර් මස 9 වැනිදාය. ඒ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදීය.
මොහු අත්අඩංගුවට ගැනීමට මගපෑදී ඇත්තේ මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි කොටි සංවිධානයේ ප‍්‍රබලයකුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මතය.
කටුනායක ගුවන්තොටුපොළේදී මොහු පොලිසියට කොටුවන්නේ විදෙස්ගතව සිට රහසිගතව මෙරටට පැමිණි අවස්ථාවේදීය.
කොටි සංවිධානයේ අවශ්‍යතා මත රහසිගතව මෙරටට පැමිණි ජෙයසුන්දරම් රහස් පොලිසියට කොටුවීම ගැන පුදුමයට පත්වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව මොහුගේ පැමිණීම දැන සිට ඇත්තේ කොටි සංවිධානයේ ඉහළපෙළේ නායකයන් අතරින් කිහිපදෙනකු නිසාය.