විනිසුරුවන් මුදලට තරග පාවාදීමේ සිද්ධියමුදලට තරග පාවාදුන්නේ යෑයි චෝදනා ලබා සිටි පාකිස්‌තානු විනිසුරුවන් දෙදෙනකුට තරග විනිශ්චය තහනම් කිරීමට පාකිස්‌තානු ක්‍රිකට් පාලක මණ්‌ඩලය පියවර ගෙන තිෙරී.
තහනම් කළ විනිසුරුවන් දෙදෙනා අතර ටෙස්‌ට් තත්ත්වයේ පසුවූ නදීම් ගෞවුරි විනිසුරුවරයාද සිටින අතර ඔහුට වසර 4 ක තරග තහනමක්‌ද දේශීය තරග මාලාවේ විනිසුරුවරයකු වන අනිස් සිද්දික්‌ට වසර 3 ක තරග තහනමක්‌ද පැනවීමට තීරණය වී තිෙරී. නදීම් ගෞරි පාකිස්‌තානය වෙනුවෙන් ටෙස්‌ට් තරග 5 කට, එක්‌දින තරග 43 කට සහ විස්‌සයි විස්‌ස තරග 4 කදී විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිෙරී.
Tuesday, April 16, 2013
පියාගේ සැප කාරය තුළ සිරවුණු පස් හැවිරිදි පුතු මරු තුරුලට
කොච්චිකඩේ පොලිස් වසමට අයත්, තෝප්පුව ග්‍රාමසේවා වසමේ පදිංචිව සිටි පස් හැවිරිදි දරුවකු සිය පියාගේ නවීන පන්නයේ මෝටර් රථය තුළ සිරවී සිහිසුන්ව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 11 දා මරණයට පත්වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ තෝප්පුව - කොච්චිකඩේ තිදෙනකුගෙන් සමන්විත පවුලේ බාලයා වූ සන්දීප් කෞශල්‍ය ප්‍රනාන්දු නමැති දරුවායි.
මේ දරුවා පියාගේ නවීන පන්නයේ මෝටර් රථය තුළට ගොස් දොර අගුළු දමා ගැනීම නිසා හුස්‌ම ගැනීමේ අපහසුතාවට පත්වී ඇතැයි පරීක්‍ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන තිබේ. දරුවා ආගිය අතක් නොමැතිවීම නිසා ඔහු සෙවීමේ යෙදී සිටි ඤාතීන්ට දරුවා මෝටර් රථය තුළ සිරවී ඇතැයිs අවබෝධ වී තිබේ. කුළුගෙඩිවලින් ගසා වීදුරු කඩා දරුවා පිටතට ගන්නා විටත් ඔහු සිහිමුර්ඡාවෙන් පසුවී ඇත. පළමුව මීගමුව රෝහලට ඇතුළත් කර ඇති දරුවා පසුව ජාතික රෝහලට මාරුකර යවා තිබේ. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 11 දා ඔහු මරණයට පත්වී ඇත.

Subscribe to:
Posts (Atom)