Saturday, July 6, 2013

gossip lanka - දයාසිරිත් එන්නයි හදන්නෙ මොකද තමුන්නාන්සේලා කියන්නේ - ජනපති වයඹ ආසන සංවිධායකවරුන්ගෙන් අසයි

දේශපාලන කරළිය තව තවත් උණුසුම්ව පවතින්නේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගැන මතුවන කතාබහ අතරය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද පසුගිය කාලය පුරාම කාර්ය බහුල තත්ත්වයක්‌ මත වුවද 13 සම්බන්ධයෙන් මතුවන ගැටලු ගැන විවිධ පාර්ශ්වයන් සමඟ කතා බහ කළේය. මේ අතරවාරයේම ජනාධිපතිවරයා පසුගිය 27 වැනිදා ටැන්සානියාව හා සීෂෙල්ස්‌ රාජ්‍යයන් බලා පිටත්ව ගියේ නිල සංචාරයක්‌ සඳහාය. ටැන්සානියාවට ගිය ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිගත්තේ එරට ජනාධිපති රිෂෝ තෙක්‌ වෙතේය. ශ්‍රී ලංකාවට වැදගත් ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් කළ ජනාධිපතිවරයා ටැන්සානියාවේ වැදගත් ප්‍රදේශ කිහිපයක්‌ දැක බලාගැනීමට ද කටයුතු කළේය. පළමුවැනිදා ජනාධිපතිවරයා ඇතුළු පිරිස සීෂෙල්ස්‌ රාජ්‍ය බලා පිටත්ව ගියහ. එහිදී ද ශ්‍රී ලංකාවට බලපාන වැදගත් ආර්ථික කටයුතු හා සම්බන්ධ ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. මෙම නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ මහාචාර්ය ජී. එල්. පීරිස්‌, මර්වින් සිල්වා යන ඇමැතිවරු ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිසක්‌ සහභාගි වී සිටියහ.

GOSSIP LANKA - ආණ්ඩුවේ ඉන්න ඉස්සර මාත් එක්ක හිටිය අය දැන් මාව දැක්කම හැංගෙනවා. - චන්ද්‍රිකා බණ්ඩාරනායක

එජාප මහ ‍ලේකම් තිස්ස අත්තනායක රවි කරුණානායක හා විජේදාස රාජපක්ෂ සමග ඉකුත් සතියේ දී කොළඹ නිදහස් මාවතේ පිහිටි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ  නිල නිවසට ගියේය. ඒ එක්සත් ජාතික පක්ෂය සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඇයට පිළිගැන්වීමටය.  එය පිළිගන්වා තිස්ස හා පිරිස ඇය සමග පැය දෙකකට අධික කාලයක් දීර්ඝ පිළිසඳරක යෙදුණි. මේ      කතාබහ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු ගැනද  අවධානය යොමු වූ එකක් විය. මුලින්ම    එජාපය සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත උඩින් පල්ලෙන් කියවා බැලූ හිටපු ජනපතිනිය මෙසේ කීවාය.

HOT GOSSIP LANKA - ඇමැතිවරයකුගේ රහස් සාකච්ඡාවක්

ආණ්ඩුවේ එක්තරා සුළු ජාතික පක්ෂයක් නියෝජනය කරන ඇමැතිවරයකු ඉකුත් දා රාත්‍රී කොළඹ තරුපහේ හෝටලයකදී විපක්ෂ මන්ත්‍රීවරුන් කීප දෙනකු හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ දිනවල නිරන්තරයෙන්ම තමන් දෙසට ඇස ගසාගෙන සිටින බුද්ධි අංශ නිලධාරීන්ගෙන් වසන් වී ඔහු එම ගමන ගොස් ඇත්තේතම හිතවතෙකුට අයත්  පෞද්ගලික මෝටර්  රියකිනි. මෙම ඇමැතිවරයා මෑතකදී සිට ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ උදහසට ලක් වී සිටින අතර ඉක්තුදා පැවැති ඇමැති හමුවකදී කිසිවකුගේ නමක් සඳහන් නොකර ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත්තේ ද ඔහු අරමුණු කර ගෙන යැයි  ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග  හෙළි කරයි.