Monday, April 22, 2013
බිරිඳට ඇසිඩ් ගසා සැමියා දිවි නසා ගනී
අනුරාධපුර - කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යැමෙන් සිය බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ සැමියා සයනයිඩ් දියර පානය කොට දිවි හානි කරගෙන ඇත.
අනුරාධපුර කුරුන්දන්කුලම මිහින්තලා පාරේ පුංචිකුලමේ පදිංචිව සිටි හතළිස්පස් හැවිරිදි ආර්. ඇම්. පුණ්‍යසිරි කුමාර නමැති ඔරලෝසු කාර්මිකයකු මෙසේ මියගොස් ඇත.
ඉකුත් 19 වැනිදා රාත්‍රි දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් අවසානයේ මෙම සිද්ධිය වී ඇත. සැමියා විසින් තමන්ට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ බව අදාළ කාන්තාව හෝ ඇගේ ඥාතීන් පරීක්ෂණ පවත්වන මිහින්තලේ පොලිසිය වෙත හෝ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාට හෙළි කර නොතිබිණි.
මේ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු මත සයනයිඩ් දියර පානය කොට දිවි නසාගත් පුද්ගලයාගේ බිරිඳ නැවත කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට තමා තීරණය කළ බව අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු එච්. එම්. කුලසේකර මහතා "දිවයින" ට පැවසීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment