මිනුවන්ගොඩ එල්ලන්ගල ප්‍රදේශයේ හැටතුන් හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකට මන්නා පිහියක් පෙන්වා බියකර අතවර කිරීමට තැත් කළ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවකු ඊයේ (02 වැනිදා) පෙරවරුවේ පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්‌ව මියගොස් ඇත.
මියගිය පුද්ගලයා එල්ලන්ගල ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි එක්‌දරු පියෙකි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ඊයේ (02 වැනිදා) පෙරවරු 10.00 ට පමණ වයෝවෘද්ධ කාන්තාව තනිව සිටි නිවසට ගොස් ඇය කාමරයක තනි කරගෙන සිටින බවට මිනුවන්ගොඩ පොලිසියට අසල්වාසීන් විසින් පොලිස් හදිසි ඇමතුම් (119) අංකය ඔස්‌සේ දැනුම් දී ඇත.
Monday, June 3, 2013
මිහිටියේ ඛේදවාචකයෙන් මීගමුවට කඳුළු ගලයි මළ ගෙදර ගිය ඔරුව පෙරළී පියා-පුතු දියණිය මරුට
රත්නපුර, මල්වල, ඇල්ලවත්ත, මිහිටිය ප්‍රදේශයේ දී කළුගඟේ දී ඊයේ (2 දා) ඔරුවක් පෙරළී යැමෙන් මීගමුව අක්‌කර පනහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එකම පවුලේ පියා, දියණිය හා පුතා එම ගං දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි රත්නපුර මූලස්‌ථාන පොලිසිය පවසයි.
මෙම ඔරුවේ ගමන්ගත් කුඩා දරුවකු ඇතුළු අට දෙනකු දියේ ගිලීමට යැමේදී එම ප්‍රදේශවාසී තරුණයන් පිරිසක් විසින් මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන ඇත.
මෙම ඔරුවේ ගමන්ගත් කුඩා දරුවකු ඇතුළු අට දෙනකු දියේ ගිලීමට යැමේදී එම ප්‍රදේශවාසී තරුණයන් පිරිසක් විසින් මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන ඇත.
Subscribe to:
Posts (Atom)