Saturday, July 27, 2013

Gossip lanka - ගෙදරින් පලා ආ බාලවයස්කාරිය කොන්දොස්තරත් රියැදුරුත් බස්රිය තුළදී කෙළසති

Athawara
ඇයට අපි රාණි යැයි කියමු. රාණි ඉපදී හැදී වැඩුණේ නිරන්තරයෙන් යුද බියෙන් මිරිකී, යුද්ධයෙන් බැටකෑ ජනතාවක් ජීවත්වන වවුනියාව දිස්ත්‍රික්කයේ කොනකට වන්නට පිහිටි නෙරියකුලම නම් ගම්මානයේය. සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් පවු‍ලේ බාලයා ඇයය. සහෝදරයන් දෙදෙනාම විවාහකය. ඔවුන් පදිංචිව සිටින්නේද වෙනමය. ඒ නිසාම රාණි ජීවත් වූයේ මවුපියන්ගේ රැකවරණය යටතේය.
ගොවිතැනෙන්  යැපුණු ඒ මාපිය යුවළ යුද ගිනි මැද පවා තම දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබාදීමට අමතක කළේ නැත. කොතරම් ආර්ථික ගැටලු තිබුණත් ඔවුන් උත්සහ කළේ දරුවන්ගේ නුවණැස පාදන්නටය. ඇය සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේද එබැවිනි. 2012 වසරේදී නෙරියකුලම විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නද ඇයට සාමාන්‍ය පෙළින් අධ්‍යාපන ගමන හමාර කරන්නට සිදුවන්නේ උසස් පෙළ හදාරන්නට තරම් සුදුසුකම් ඇතිව විභාගය සමත් නොවීම හේතුවෙනි.