Monday, April 22, 2013
රත්‍රං මිල බසී
මේ වනවිට රත්‍රං පවුමක මිල රු. 45,000 ක් පමණ දක්වා අඩුවී ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.
මේ වසර (2013) මුලදී රන් පවුමක මිල රු. 50,000 ක් පමණ විය. මේ අනුව පසුගිය කාලය තුළ රන් පවුමක මිල රු. 5000 කින් පමණ අඩු වී තිබේ.
මේ නිසා රන් භාණ්ඩ අලෙවිය ඉහළ ගොස් ඇති බවත් ඉහළ මිලක් ලබාදී රන් භාණ්ඩ උකස් ගත් බැංකු රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් වාර්තා වේ. රත්රන් මිල අඩුවීම නිසා බැංකු විසින් රන් භාණ්ඩ උකස් ගැනීමේදී ලබාදෙන මුදල ද මේ වනවිට අඩුකර තිබේ.
මරදාන සහ පංචිකාවත්තේ ගණිකා තිප්පළ දෙකක් වටලයි විදෙස් කතක් ඇතුළු 8 ක් දැලේ
මරදාන ටෙක්නිකල් හන්දියේ සහ පංචිකාවත්ත පාරේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් පෙරේදා (20 වැනිදා) වැටලූ පොලිස් සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාසය එම ගණිකා නිවාසයන්හි සිටි පකිස්තානු ජාතික කාන්තාවක් ඇතුළු කාන්තාවන් හය දෙනෙකු සහ ඒවායේ කළමනාකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
පුල්මුඩේ අඹු සැමි යුවළ මරා දමා ක¹නට පැන්න කෙල්ල අල්ලයි
පුල්මුඩේ, මහසෙන්පුර, පහේ කණුව ප්‍රදේශයේ අඹු සැමි යුවළක් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර පලා ආ බවට සැකකරන 18 හැවිරිදි තරුණියක ගණේමුල්ල - ජා ඇල මාර්ගයේ උතුරු බටගම ප්‍රදේශයේදී ක¹න පොලිසිය මගින් පෙරේදා (20 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.
ඝාතනය සිදු කිරීමෙන් පසු එම යුවළගේ දියණියන් දෙදෙනා ද මෙම සැකකාර තරුණිය භාරයේ සිටියදී ඔවුන්ව ද අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.
පෙරේදා (19 දා) සවස මෙලෙස ඝාතනය කර තිබුණේ එච්. එම්. සූරියබණ්ඩාර (34) සහ එස්. ජීවනී අනුරාධිකා (36) යන අඹු සැමි යුවළයි.
මෙම අඹු සැමි යුවළට දහසය හැවිරිදි එච්. එම්. ඉමල්කා සහ දස හැවිරිදි එච්. එම්. සෙව්වන්දි නමින් දියණිවරුන් දෙදෙනකු ද සිටින බව හෙළිවිණැයි පොලිසිය පවසයි.

බිරිඳට ඇසිඩ් ගසා සැමියා දිවි නසා ගනී
අනුරාධපුර - කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යැමෙන් සිය බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ සැමියා සයනයිඩ් දියර පානය කොට දිවි හානි කරගෙන ඇත.
අනුරාධපුර කුරුන්දන්කුලම මිහින්තලා පාරේ පුංචිකුලමේ පදිංචිව සිටි හතළිස්පස් හැවිරිදි ආර්. ඇම්. පුණ්‍යසිරි කුමාර නමැති ඔරලෝසු කාර්මිකයකු මෙසේ මියගොස් ඇත.
Subscribe to:
Posts (Atom)