Sunday, April 28, 2013
බිල වැඩිකිරීමේ ඇත්ත මෙන්න! විදුලි බල ලොක්කෝ කෝටි ගණනින් ගහලා!
ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ දී රුපියල් කෝටි ගණනක දූෂණ හා වංචා සිදුව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී ඇත.
කැබිනට් මණ්ඩලය සහ මහා භාණ්ඩාගාරය ලබාදුන් උපදෙස් හා තීන්දු තීරණ කඩකරමින් සිය අභිමතය පරිදි විදුලිබල මණ්ඩලය පුද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ දීර්ඝ කාලීන ගිවිසුම්වලට අත්සන් තබා ඇති බව එම පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලයට අයත් ඇතැම් ඉහළ නිලධාරීන් පුද්ගලික තාප බලාගාර කිහිපයකම අධ්යක්ෂ මණඩලවල සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර විදුලිය මිලදී ගැනීම් හා අනෙකුත් කටයුතුවලදී පුද්ගලික බලාගාර හිමියන්ට අවශ්‍ය ආකාරයට එම නිලධාරීන් තීන්දු තීරණ ගෙන ඇත.
මේ නිසා විදුලිබල මණ්ඩලයේ මුදල් නාස්තිය විශාල ලෙස ඉහළගොස් තිබෙන අතර විදුලි බිල වැඩිවීමට එයද ප්‍රධාන සාධකයක් වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් zදිවයින ඉරිදා සංග්‍රහයටZ පැවැසීය.
කැබිනට් මණ්ඩලය හා මහා භාණ්ඩාගාරය ගනු ලැබූ තිරණවලට පිටින් යමින් විදුලිබල මණ්ඩලය ක්‍රියා කිරීම නිසා මේ වනවිට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මණ්ඩලය පත්ව තිබෙන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
මේ අතර විදුලිබල මණ්ඩලයට කුලී පදනම මත පුද්ගලික අංශයෙන් වාහන ගැනීමේ දී හා ගෙවීම් සිදු කිරීමේදී රුපියල් කෝටි ගණනින් මූල්‍ය වංචා සිදුව ඇති බව අනාවරණය වී ඇත.
විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල ඇතැම් ඉහළ නිලධාරින්ගේ වාහන වෙනත් නම්වලින් මණ්ඩලයට කුලී පදනම මත ගෙන තිබෙන අතර ඥති හිත මිතුරන්ගේ වාහනද එලෙස අධික මුදලක් ගෙවා ලබාගෙන තිබේ.
කුලියට ලබාගෙන ඇති මෙම රථවාහන ධාවනය කිරීමේදී කුමන කාර්යයක් සඳහා භාවිත කෙරුණේද, රාජකාරි ස්වභාවය කුමක්ද ලෙසින් ධාවන කාල සටහන් පවත්වාගෙන යැම වැනි කිසිවක් සිදු නොවන අතර එම තත්ත්වය හමුවේ මෙම රථ වාහන සඳහා විදුලිබල මණ්ඩලය මාසිකව වැයවන ඉන්ධන ප්‍රමාණය ආදිය පිළිබඳ නිශ්චිත තක්සේරුවක් ලබා ගත නොහැකි තත්ත්වයක්ද පවතින බව ඉහත නිලධාරියා පැවැසීය.
මේ පිළිබඳ කරුණු දැන ගැනීම සඳහා අප පළාත් මට්ටමින් රාජකාරි කරන විදුලිබල මණ්ඩලයේ පළාත් ප්‍රධානීන් කිහිපදෙනකුගෙන් කළ විමසීමකදී ඒ ඒ පළාත් තුළ ඇති විදුලිබල මණ්ඩලයේ කාර්යාල සඳහා කුලී පදනමින් ලබාගෙන ඇති රථ වාහන පිළිබඳ නිශ්චිත සඳහනක් කිරීමට ඔවුන්ද අපොහොසත් විය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment