Monday, May 27, 2013

සිනා කතා - 04


වෙන කරන්න දෙයක් නැහැ

උඩරට පළාතේ ගම් කීපයක දරු උපත් පිළිබඳ සමීක්ෂණයක යෙදී සිටි නිලධාරියා ඉන් එක් ගමක දරු උපත් අනෙක් ගම් හා සසඳද්දී ඉතා අස්වාභාවික ලෙස වැඩි ප්‍රවණතාවයක් දක්වන බැව් නිරීක්ෂණය කළේය. හේ එම ගමේ පිහිටි පාසලේ විදුහල්පති තුමා හමුවී ඒ පිළිබඳ විමසීමි.
’මේකනෙ මහත්තයො වැඩේ. මහත්තයා දකින්ඩ ඇතිනෙ මේ ගම මැදින් වැටිලා තියෙන රේල් පාර. ඒ රේල් පාර ආන් අර කඳු දෙක මැදින් යද්දි දිග බිංගෙයක් පහුකරගෙන යන්නෙ. උදේ පාන්දර 4.00 ට මේ ගම මැදින් යන කෝච්චිය ඔය බිංගෙට ඇතුල් වෙන්ඩ කලින් දිග හූවක් කියනවා.

රන්බීර්,මධුරිව සිපගන්න අල්ලසක් දීලා?


’ඒක් දෝ තීන්...’, ‘චෝලි කී පීචේක්්‍යාහේ’ ‘ඩිඩි තේරා දීවාර් දීවානා...’ මෙවැනි ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට ගීත කොහේදී හෝ ඔබට ඇසුණොත් ඔබේ සිත තුළ මැවෙන්නේ ඒ ගී ගැයූ ගායිකාවන් ද, ඒ ගී ඇතුළත් චිත්‍රපට ද? නිසැකයෙන්ම ඔබේ සිත තුළ මැවෙන්නේ ඒ ගීතමය ජවනිකා නිරූපණය කළ අතිශය සුන්දර මධුරි ඩික්සිත්. රංගන කුසලතාවත්, සුන්දර රූ සපුවත් නොගිලිහුණු මධුරි මැයි 15 දා 46 වැනි වියට පා තැබුවා.
1984 දී ‘අබෝධ්’ චිත්‍රපටයෙන් සිය රංගන චාරිකාවට මුල පිරූ මධුරි, තවමත් බොලිවුඩ් පුරයෙන් සමුගෙන නැහැ. ඇය රඟපෑ අලුත්ම චිත්‍රපටය ‘යේ ජවානි හේ දීවානි’ මේ චිත්‍රපටයේ ඇය වත්මන් යොවුන් පරපුරේ ජනප්‍රිය නළුවෙකු වන රන්බීර් කපූර් සමඟ ද රඟපෑවා. (‘යේ ජවානි හේ දීවානි’ චිත්‍රපටය මැයි 31 දා සිට තිරගත වීමට නියමිතයි.)
රන්බීර් කපූර් පසුගියදා මේ චිත්‍රපටය වෙනුවෙන් පැවැති ප්‍රචාරක වැඩසටහනකදී අපූරු කතාවක් කීවා. “මධුරි තමයි, මගේ ‘ප්‍රථම ප්‍රේමය’. මං මධුරිට ඉස්සර ගොඩක් ආදරය කළා. ඒ ආදරය කළේ හිතෙන් විතරයි. එයා විවාහ වෙන්න යනවා කියල ආරංචියක් පැතිරුණාම මගේ හදවත පෑරුණා.

තවත් ඇසිටරොයිඩයක් පොළොව දෙසට..එය පෘථිවිය හා ගැටුණහොත් මහත් විනාශයක්


පෘථිවියත් හඳත් අතර දුර මෙන් 15 ගුණයක දුරකින්...

තවත් යෝද ඇස්ටරොයිඩයක් හෙවත් ග්‍රහකයක් පෘථිවිය දෙසට ඇදී එමින් තිබෙන බව නාසා ආයතනය කියයි.

‘කිව්ඊ 2‘ යනුවෙන් නම්කැර ඇති මෙම ග්‍රහකය සැතපුම් 1.7 ක විශ්කම්භයකින් යුතු බවත් එය පෘථිවිය හා ගැටුණහොත් මහත් විනාශයක් විය හැකි බවත් විද්‍යාඥයන්ගේ අදහසයි.

ලංකාවේ පාතාලය ඉතාලියේ කප්පම් ගනිති


දැනට ලංකාවෙන් ඉතාලියට පලා ගොස් සිටින පාතාලයේ මැරයන් විසින් ඉතාලියේ ජිවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් කප්පම් ගැනීම, කාන්තාවන් පැහැර ගැනීම වැනි ක්‍රියා සිදු කරන බව ඉතාලි ශ්‍රී ලාංකිකයෝ පවසති. 

බොහෝ දේශපාලකයන්ගේ සහ උසස් පොලිස් නිලධාරීන්ගේ සහයෙන් නීතියෙන් ගැලවී පලා ගොස් සිටින මේ පාතාල මැරයන් දරුණු පිළිලයක් වෙමින් සිටිති. මෙම පාතාල මැරයන් මිලානෝ හි ශ්‍රි ලාංකික ආපන ශාලාවකදී ස්විස්ටර්ලන්තයේ සිට ඉතාලියේ  සංචාරයකට පැමිණි ශ්‍රි ලාංකික  තරුණියකට බලහත්කාරකම් කිරීමට ද නොබෝදා උත්සහ දරා තිබුණි.