Wednesday, April 24, 2013

රන්මාලය කඩාගෙන පැන්න කොල්ලකරු දුම්රියටම බිළිවෙයි

කළුතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන්ගත් මගී කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලය කොල්ලකා ගල්කිස්‌ස දුම්රිය ස්‌ථානය අසලදී දුම්රියෙන් පිටතට පැන්න රන්මාල කොල්ලකරුවකු අසල බැම්මක වැදී ධාවනය වූ එම දුම්රියටම යටවී මරුමුවට පත්වී තිබේ.

21 වැනිදා සවස 3.00 ට පමණ මෙම සිද්ධිය වී ඇතැයි ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිසිය පවසයි. කොල්ලකරුගේ හිස හා ශරීරය පොඩි පට්‌ටම් වී තිබිණැයි පොලිසිය කියයි.


මියගිය කොල්ලකරු මෙතෙක්‌ හඳුනාගෙන නැත. මොහුගේ එක්‌ අතක සිංහ මුහුණක්‌ හා SL ඉංගී්‍රසි අකුර සහිත පච්චයක්‌ද කොටා තිබූ බව පොලිසිය කියයි. 

මොහු මේ අන්දමින් කාන්තාවන්ගේ රන්මාල කීප වතාවක්‌ම කොල්ලකා දුම්රියෙන් පැන පලා යන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.

මෙම සිද්ධිය දුටු දුම්රිය මගීහු කීප දෙනෙක්‌ම පැවැසුවේ මොහුට දිට්‌ට ධම්මවේදනීය කර්මය පළදී ඇති බවයි.

මේ පිළිබඳව ගල්කිස්‌ස මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කේ. චන්ද්‍රතිලක මහතාගේ උපදෙස්‌ පරිදි උප පොලිස්‌ පරීක්‍ෂක ජනක කුමාර, පොලිස්‌ කොස්‌තාපල් මෛත්‍රීපාල (81240) ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

No comments:

Post a Comment