මේ දවස්වල කා අතරත් කතාබහට ලක්වන නිළියක් තමයි ඕෂධී හේවාමද්දුම. ඇය මේ දවස්වල ‘අපේක්ෂා’ ටෙලිනාට්‍යයෙන් අප නෙතු ගැටෙනවා. පසුගියදා අපි හැමෝම මහත් හරසරින් සමරපු අලුත් අවුරුද්ද ඕෂධීටත් ඉතාම විශේෂ වුණා.
”සිංහල අලුත් අවුරුද්ද නිමාවුණත් ඒ සුන්දරත්වය තවමත් හිතේ තිබෙනවා. අපේ ගෙදර අයට මෙවර අලුත් අවුරුද්ද විශේෂ වුණා. අපි අලුත් අවුරුද්ද සැමරුවේ අපේ පුංචි පුතා යෝශිත සඳකැන් එක්කයි. පුතාට තවම මාස 6යි.
පුතා නිසාම අපි අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අකුරටම ඉටු කළා. මේ දවස්වල නැවතත් මගේ සුපුරුදු රංගන කටයුතුවල මම නිරතවෙනවා. මේ හැමදේම කරගන්න පුංචි පුතා බලාගෙන මගේ අම්මා මට හුඟාක් උදව් කරනවා”.
No comments:
Post a Comment