Saturday, June 1, 2013

මහනුවර රූපලාවන්‍ය ශිල්පිනියක්‌ පවත්වාගෙන ගිය ගණිකා නිවාසය වටලයි

මහනුවර අනිවත්ත ප්‍රදේශයේ ස්‌ථානයක රූපලාවන්‍ය ශිල්පිනියක විසින් පවත්වාගෙන යන ලද ගණිකා නිවාසයක්‌ වටලා ශිල්පිනිය ඇතුළු තරුණියන් පස්‌දෙනකු මහනුවර පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් බ්‍රහස්‌පතින්දා (30 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පෞද්ගලික නිවාස රැසකින් යුක්‌ත මෙම ස්‌ථානයේ ගණිකා ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන බවට පොලිසියටත් රජයේ බලධාරීන්ටත් අසල්වැසියන් විසින් කරන ලද පැමිණිලි රැසකින් පසුව පොලිසිය වැටලීම සිදුකර තිබේ.

විදුලි කණුව හිසමත කඩා වැටී පියා ඉදිරියේම දියණිය මරු දකී


ලොරි රථයක පැටලුණු රැහැන් සමග විදුලි කණුවක්‌ ඇඟ මතට කඩා වැටී මහ මඟ ගමන් ගනිමින් සිටි නාවලපිටිය කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේ 10 වන ශ්‍රෝණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් ශිෂ්‍යාවක මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ ගල්පාය, තැලිහුන්න ජනපදයේ පදිංචි කිරිපිටිගේ දිව්‍යාංජලි විනෝදා නෙත්මිණි රෝයල් නමැති 14 හැවිරිදි පාසල් දැරියකි.

ඇය එම පාසලේම ඉගෙනුම ලබන සිය නැගණිය හා අසල්වාසී පාසල් ගුරුවරියක සමග සිය නිවස දෙසට යමින් සිටියාය. මොවුන්ගේ පියා ත්‍රිරෝද රථයකින් ඔවුන් නිවසට රැගෙන යැමට පැමිණෙමින් සිටියදී එම පියා ඉදිරිපිටදීම මෙම අනතුර සිදුව ඇත.

ප්‍රේමය මෙතරම් කුරිරුද.... සැහැසිද.... අනුරපුර කම්පාකළ බිහිසුණු පෙම් වියරුව


තක්‌ෂිලා දර්ශනමාලි
ගතවූ දින කීපය තුළ වෙසක්‌ සඳින් ආලෝකවත්වී අසිරිමත් දසුන් මැවූ පරිසරයේ සුන්දර සහ චමත්කාර බව පහව ගොසිනි. ඒ සඳ ඒ මොහොතේ අහසේ සැඟවී තිබූ නිසා මුළු පරිසරයම අන්ධකාරයෙන් පිරී මූසල බවක්‌ දැනෙමින් තිබිණි.

මේ අතරතුර අනුරාධපුර පැරණි නුවර පාරේ අභයපුර නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක විසූ කරුණාරත්න පවුලේ පියා, මව සහ ඔවුන්ගේ එකම දියණිය දවසේ සිය වැඩ කටයුතු නිමා කරමින් සුව නින්දකට යැමට පෙර විවේකී සුවයෙන් පසුවූහ.

මට ඔය ප්‍රශ්නය අදාළ නෑ. නමුත් කවරෙකුට හෝ එසේ

නව පරපුර හතු පිපෙන්නා සේ පිපෙන අතර තුර රුව සුවඳ මල් ද නැතුවාම නොවේ. එවැනි රුව - සුවඳ මල් අතර ඔබ සිත්තම් මලක්‌. තාරකාවක්‌ වන්නට පෙරුම් නොපුරන ඇය!

වර්තමාන ටෙලි නාට්‍ය ගැන තරුණ රංගන ශිල්පිනියක්‌ විදිහට ඔබ මොකද හිතන්නෙ?

වර්තමානයේ බිහිවන සමහර ටෙලි නාට්‍ය කරන්නන් වාලේ කරන ටෙලි නාට්‍ය· සමහර ටෙලි නාට්‍ය මුදල් ඉපයීම මත පමණක්‌ ම කරන ටෙලි නාට්‍ය...... ඒ අතර පදනමක්‌ ප්‍රමිතියක්‌ ඇතුව කරන හොඳ ටෙලි නාට්‍ය තියෙනවා.

රංගන ශිල්පිනියක්‌ විදිහට ස්‌ථාවරයක්‌ ගොඩනගා ගන්න වර්තමාන ටෙලි නාට්‍ය හරහා ඉඩක්‌ ලැබෙනවද?

අනාගතයේදී ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්‌ විදිහට ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න මගේ බලාපොරොත්තුවක්‌ නෑ. ඒ නිසා මට ඔය ප්‍රශ්නය අදාළ නෑ. නමුත් කවරෙකුට හෝ එසේ ස්‌ථාවරයක්‌ ගොඩනගා ගැනීම අමාරු කාර්යයක්‌. මම අනිවාර්යයෙන් ම විවාහයෙන් පස්‌සේ මේ ක්‍ෂේත්‍රයෙන් සමු ගන්නවා.

අවුරුදු හතලිස්‌ දහසකට එපිටදී දඩකෙළි කළ බලංගොඩ මුත්තා

අපේ රටේ උදවියගේ අතීතයේ තවත් රසවත් තොරතුරු ගොන්නක්‌ යළිත් මතුවෙමින් එන්නේය. මේ කතාව මතුවන්නේ සියවස්‌ ගණනාවක්‌ පුරා තැන්පත් වූ පස්‌ තට්‌ටු අතරිනි. මින් පෙර කාලයක මේ කතාවේ අපූරුව කුරුවිට බටදොඹලෙනෙන් මතු වුණේය. තවත් විටෙක බෙල්ලන්බැ`දිපැලැස්‌සෙන් හමුවූයේය. බුලත්සිංහල පාහියන් ලෙනෙන් ද, සීගිරිය පොතාන ගුහාවෙන් මෙන්ම අත්තනගල්ල අලවල ලෙනෙන් ද හමුවුණේය. මේ වන විට අපේ රටේ මිනිසුන්ගේ අවුරුදු විසි තිස්‌දාහක්‌ පැරණි අතීතයේ තොරතුරු හෙළිදරව් වන්නේ කූරගලිනි. පුරාවිද්‍යාඥයෝ ඒ කතාවේ හැඩතල මතුකරගන්නට මේ වනවිට වෙහෙස වෙමින් සිටිති. 

මේ වනවිට අවුරුදු විසිතිස්‌ දහසකට එපිට අපේ මුතුන් මිත්තන් රට තුළ ජීවත් වූ ආකාරය ගැන අලුත් දැනුමක්‌ ලැබෙමින් තිබේ. ඒ දැනුමෙන් පිරීගිය කතා අහන්නට පිරිය උපදවන්නේය. මුලින්ම කියන්නේ බලංගොඩ මානවයා ලෙස හැ`දින්වෙන, ප්‍රාග් ඓතිහාසික යුගයේ මේ රටේ ජීවත්වූ අපේ මුත්තලා රට තුළ සැරිසරමින් පරිසරය තුළ ගිලී ජීවිතය දියකර හරින ලද ආකාරයය.