Wednesday, May 8, 2013

ගැබිනි මව්වරුන්ට උණ හා කැස්ස ඇති වුවහොත් වහා ප්‍රතිකාර ගත යුතුයි


ඉන්ෆ්ලුවන්සා රෝග බිය රට පුරාම මේ දිනවල පැතිර යාමට ප්‍රධාන හේතුවක් වූයේ පසුගිය දිනවලදී කාසල් කාන්තා රෝහ‍ලේ ගැබිනි මවුවරුන් දෙදෙනෙකු මිය යෑමය.තදබල ලෙස උණ හා කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණ මවක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව රෝහ‍ලේ නේවාසිකව සිටි තවත් මවුවරුන් දෙදෙනකුද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවට පුවතක් රට පුරා පැතිර ගියේය. මේ රෝගීි තත්ත්වයට හේතුව ඉන්ෆ්ලුවන්සා වෛරසය ශරීර ගත වීම බවද, තවත් ගර්භණී මවුවරුන් 8 දෙනෙකුටම එම වයිරසය ශරීරගත වීම හේතුවෙන් රෝහ‍ලේ විශේෂිත ඒකකයක ප්‍රතිකාර ලබා දීමට රෝහල් බලධාරීන්ට සිදු වූ බවද වාර්තා විය.
ඇතැම් අයකුට මාරාන්තික වුවත් බොහෝ දෙනෙකුට මාරාන්තික නොවන ඉන්ෆ්ලුවන්සා වෛරසය  මේ සඳහා හේතුකාරක වී තිබුණි. ඉන්ෆ්ලුවන්සා වයිරසය මිනිසාගේ ස්වසන පද්ධතිය ආක්‍රමණය කර ඇතැම් විට ඉබේටම සුව වන අතර ඇතැම් පුද්ගලයින්ට නියුමෝනියා තත්ත්වයන් ඇති කරවයි.
සෙම්ප්‍රතිශ්‍යාව උණ රෝග තත්ත්වයක් ඇති කළ හැකි වයිරස වර්ග 100ක් පමණ තිබුණද ඉන්ෆ්ලුවන්සා වයිරසයට ප්‍රධාන තැනක් හිමිවනුයේ එය රටින් රටට ශීඝ්‍රයෙන් පැතිර යාමට සමත්වීම හේතුවෙනි.
ඉතා සුළු කාලයක් තුළ ලෝක ජනගහනයෙන් ඉතා වැඩි ප්‍රතිශතයක් ආසාදනය කරමින් ඇතැම් පුද්ගලයින්ට දරුණු නියුමෝනියා තත්ත්වයක් ඇති කර මරණය සිදු කිරීමට මෙම ඉන්ෆ්ලුවන්සා වයිරසයට හැකියාව පවතී. 

මත්පැන් ‍පොවා වරදට ‍පොළඹවා ගත් ජාත්‍යන්තර පාසල් සිසුවියගේ කතාව

ඇය කොළඹ වැල්ලවත්තේ පදිංචි පාසල් ශිෂ්‍යාවකි. ජාත්‍යන්තර පාසලක අ‍පොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා සිටින ඇය දෙහිවල කවුඩාන පාරේ පිහිටි උපකාරක පංතියකට යන්නේ වැඩි දුර අධ්‍යාපන කටයුතු සඳහාය. ඒ සාමාන්‍ය පෙළ අසමත් වූ බැවිනි. මේ කියන ශිෂ්‍යාවගේ පියා මිය ගොස් ඇති බවටත් ඔහු මැද පෙරදිග රටක සිටින බවටත් විවිධාකාර කතා ඇතත් පහළොස් හැවිරිදි ඇයට පියා ගැන මතකයක් නැත. ඒ ඇයට පිය සෙනෙහස විඳින්නට අවකාශ ලැබි නැති නිසාවෙනි.
ඇයට සහෝදරයෙක් සහ සහෝදරියක්ද සිටිති. ඒ අය මැයට වඩා බාලය. යම් රෝගී තත්ත්වයකින්ද පීඩා විඳිමින් සිටින්නෝය. එබැවින් ඇගේ මවගේ වැඩි අවධානයක් යොමුවී තිබුණේ මෙම සිසුවියට වඩා එම බාල දරුවන් කෙරෙහි බව පෙනේ. ඒ නිසාම මේ දැරිය ඒ ගැන සිටියේ යම් කලකිරීමකිනි. ඒ මවගේ ආදරය රැකවරණය නොලැබිම නිසාය.
එදා අප්‍රේල් 26 වෙනිදාය. සවස 4.30ට පමණ  ඇය වැල්ලවත්තේ පිහිටි නිවසින් එළියට බසින්නේ මිතුරකුගේ නිවසකට යනවා යැයි මවට පවසමිනි. නමුත්  ඇය ඒ යන්නේ සැබෑවටම මිතුරකුගේ නිවසකට නොව, උපකාරක පංතියේදී මුණ ගැසුණු පෙම්වතා හමුවන්නටය. දහසය හැවිරිදි ඒ පෙම්වතාද වැල්ලවත්තේම පදිංචි තරුණයෙකි. ඔහුද සිටියේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී අසමත්වය. එම තරුණයාද ජාත්‍යන්තර පාසලකට ගොස් අධ්‍යාපනය හැදෑරුවෙකි. 

ෂෙවාග්ගේ බිරිය හෝටල් සේවකයන්ට හිසරදයක් වෙලා


අයි.පී.එල්. තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් හා පූනේ වොරියර්ස් පිල අතර රායිපූර් නුවරත් තරගයක් පැවැත්වුණා. ඒ තරගයට ආපු ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලය ඉතා ප්‍රසිද්ධ එකක්. ක්‍රීඩකයන් හෝටලයට පැමිණීම හෝටල් සේවකයන්ගේ සතුටට කරුණක් වුණා.
නමුත් දිල්ලි කණ්ඩායමේ විරෙන්දර් ෂෙවාග්ගේ බිරිය ආර්ති නොපැමිණීම ගැන නම් හෝටල් සේවකයන් ඊටත් වඩා සතුටිනුයි හිටියේ. සාමාන්‍යයෙන් ෂෙවාග්ගේ සෑම තරග සංචාරයකටම වාගේ සහභාගිවන ආර්ති ආහාර ගන්නේ තෝරාබේරාගෙනයි.
ඇතැම් විට ඇය වෙනුවෙන් වෙනම ආහාර වේලක් සකස් කරන්නත් සිද්ධ වෙනවාලු.

අඩු වයසේ පෙම්වතිය නිවසේ තබාගෙන අඹුසැමියන් ලෙස සිටි පෙම්වතා රිමාන්ඩ්ම

පහළොස්‌ වියෑති බාල වයස්‌කාර පාසල් දැරියක්‌, දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි විසි හැවිරිදි තරුණයකු මෙම 16 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්‌ත්‍රාත් හා දිසා විසිසුරු ඩී, ඇම්. ජයරුවන් දිසානායක මහතා පෙරේදා (6 දා) නියෝග කළේය.

බන්ධනාගාර ගත කරන ලද්දේ වාන්ඇල ප්‍රදේශයේ තරුණයෙකි.

කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර ප්‍රදේශයේ පදිංචි පියා නොමැති ඉතාම අසරණ පවුලක මෙඅඩු වයසේ පෙම්වතිය නිවසේ තබාගෙන සිටි පෙම්වතා රිමාන්ඩ්ම දැරිය සමඟ සැකකාර තරුණයා වසරක පමණ කාලයක සිට ප්‍රේම සම් බන්ධතාවයක්‌ පවත්වා ගෙන ගොස්‌ ඇති අතර ඇයට අවශ්‍ය පොත් පත්, ඇඳුම් පැළඳුම් පමණක්‌ නොව ජංගම දුරකථනයක්‌ද රැගෙන දී ඇති අතර දැරියගේ මව සම්බන්ධයට එතරම් කැමැත්තක්‌ දක්‌වා නොමැත.

ලිංගික ප‍්‍රදේශයේ ඇති රෝමකූපයන් කුරුසයක හැඩයෙන් සකසාගෙන සිසුවියක් නිරුවත් පාප් ඇඳුමකින් පා ගමනේ.


කානිගී මෙලන් විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව පවත්වන කලා පා ගමනේදී එක් සිසුවියක් පාප් වහන්සේ නිරුවතින් සිටින සේ පෙනෙන ඇදුමකින් සැරසී සහභාගි වී සිට ඇත.

පීටස්බර්ග් හී පිහිටි කතෝලික බිෂෝප් වරුන ගේ සභාව මේ සම්බන්ධයෙන් දැනුවත්වූ පසු මෙම සිසුවිය හට විශාල ගැටලූවකට මුහුණ දීමට සිදුවිය හැකිබව පැවසේ. බිෂෝප් වරුන්ගේ සභාව මෙම නිර්ණාමික සිසුවිය ගේ අසෝබන කි‍්‍රයාව හේතුවෙන් කෝපවී සිටින බව සදහන්
මෙම සිසුවිය උඩුකය පමණක් ආවරණය කරමින් පා ගමනට සහභාගි වී ඇත.