Wednesday, April 24, 2013

දුමින්දට ඇප ලැබෙයි

Duminda2011 ඔක්තෝබර් අට වැනි දා භාරත ලක්ෂ්මන්ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අද(24)ඇප ලබා දී ඇතැයි වාර්තා වේ.කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි. කොළඹ නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීදුමින්ද සිල්වා
වෙනුවෙන් ඔහුගේ පියා වන විල්සන් ප්‍රේමලාල්ද සිල්වා විසින් ඇප ඉල්ලීමක් කර තිබිනි.නීතිපතිවරයා සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ තෙවැනි විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුනි. මේ සිද්ධියට අදාළ නඩුවේසාක්ෂිකරුවන්ට හෝ වෙනත් කිසිවෙකුට බලපෑමක් කිරිමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බවත් ඔහුට ඇප ලබාදෙන ඉල්ලා එම පෙත්සමෙන් ඉල්ලීමක් කර තිබිනි.

No comments:

Post a Comment