දියතලාව ඇල්ලෙගම අට හැවිරිදි දැරියක තලාපෙලා විනාශ කර දැමූ උණුසුම පහව යන්නටත් පෙර ඒ ආසන්නයේම වැලිමඩ බොරගස් ප්‍රදේශයේදී අවුරුදු එකයි මාස දෙකක දැරියක් ඊටත් ඩවා කුරිරු අන්දමින් මෙලොවින් තුරන් කර තිබිණ.
දිනෙන් දින සිදු වන්නා වූ විවිධාකාර අපචාරවලින් දෙකක් පමණක් නොව දරුවන් ඇති අම්මලාටත් මෙම සිද්ධීන්වලින් ඉගෙන ගතයුතු අමතක නොවන පාඩම්ද ඒවාට පාදක වී තිබේ.
ඇල්ලගම ප්‍රදේශයේ වයස අවුරුදු 8 ක දැරියක් දූෂණය කර අමානුෂික ලෙස වද දී මරා දැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් දියතලාව නගරයේ ඊයේ (23 දා) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි.
දියතලාව නගරයේ ඒකාබද්ධ ත්‍රී රෝද රථ සංගමය විසින් මෙහෙය වූ මෙම උද්ඝෝෂණය සඳහා විශාල ජනකායක් සහභාගි වූහ.
තම වෑන් රථයට ෆිනෑන්ස් ගෙවීම සදහා මුදල් නොමැති වීම හේතුවෙන් ආදරණීය බිරිද ගණිකා වෘත්තියේ යෙදවූ සැමියෙකු පිළිබද පුවතක් වෙබ් අඩවි කිහිපයක තොරතුරු වාර්තා වී තිබුණා.
මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අදාළ තරුණිය මහනුවර තෙල්දෙනියේ පදිංචි කාරියක වන අතර ඇයගේ සැමියා අදාළ වෑන් රථය මිලට ගෙන ඇත්තෙ වාරික වශයෙන් ගෙවීමේ පදනම යටතේ බවයි. කෙසේ නමුත් වෑන් රථයෙන් ආදායමක් නොලැබුනු පසු වෙනත් කිසිදු ආදායමක් නොමැති වූ විට තම බිරිදට යොජනාවක් කරන සැමියා මෙම රැකියාව තෝරාගැනිමට බලකොට තිබෙනවා.
අකුරැස්ස විල්පිට කැලෑවේදි මීට මාස හතකට පෙර එනම්, 2013 ජනවාරි 18 වැනිදා සිට අතුරුදන් වූ පේරාදෙණිය සරසවියේ මානව ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසර ශිෂ්‍ය අලදෙණියගෙදර රිෂාන් සජිත් මේනක නමැති 23 හැවිරිදි තරුණයා හා ඔහුගේ පෙම්වතිය බව කියන සරසවි භූමියේම පුද්ගලික සංනිවේදන ආයතනයක සේවය කළ තිළිණි අබේධීර නමැති 26 හැවිරිදි තරුණියගේ අබිරහස් මරණයේ තොරතුරු අනාවරණය වූයේ රටම ආන්දොaලනයට පත් කරමිනි.