Wednesday, April 24, 2013

ශ්‍රී ලාංකික යුවළ ඉතාලියේදී මරුට ඝාතනදැයි පොලිස්‌ පරීක්‍ෂණ



මියගිය ලාල් සහ සාගරිකා

ඉතාලියේ කටානියා නගරයේ විසූ ශ්‍රී ලාංකික යුවළක්‌ ඉකුත් 20 දා පස්‌වරුවේ පිළිස්‌සී මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ මාරවිල පොලිස්‌ වසමේ කටුනේරියේ සරත් ප්‍රේමලාල් (45) සහ මයුරි සාගරිකා (42) යන දෙදෙනායි. මොවුනට 14 හැවිරිදි පුතෙක්‌ද සිටී.
මොවුන් දැනට වසර 18 කට පමණ පෙර ඉතාලියේ රැකියා සඳහා ගොස්‌ ඇති අතර දරුවා ඉපදී ඇත්තේ ඉතාලියේදීය. සිද්ධිය වූ අවස්‌ථාවේ ඔහු දහම් පාසල් පන්තියකට ගොස්‌ සිට ඇත.

මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන සිසිලියා පොලිසිය එරට මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ සාගරිකා මියයන විට ඇයගේ අත්පා සහ ගෙළ බැඳ තිබූ බවයි. මේ නිසා ඇය ඝාතනයට ලක්‌වී ඇත්ද යන්න ගැනද සැකයක්‌ පහළ වී තිබේ.



කාමරයක්‌ තුළ මෙම මළ සිරුරු දැඩිව පිළිස්‌සී ඇති හෙයින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අපහසු තත්ත්වයේ පවතින බව ඥතීහු පවසති.

සාගරිකාගේ ඝාතනයෙන් පසුව ලාල් මිය යන්නට ඇතැයි සිසිලියා පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සැමියා විසින් මෙම ඝාතනය කළේද එසේ නොමැතිනම් ඔහුව ඊට පටලවා දැමීමට වෙනත් අයකු කළ අපරාධයක්‌ද යන්න ගැනද එරට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මෙම යුවළ සහ ඔවුන්ගේ ඥතීහු රැසක්‌ කාලයක්‌ තිස්‌සේ ඉතාලියේ රැඳී සිටිති.

No comments:

Post a Comment