මහනුවර අනිවත්ත ප්‍රදේශයේ ස්ථානයක රූපලාවන්‍ය ශිල්පිනියක විසින් පවත්වාගෙන යන ලද ගණිකා නිවාසයක් වටලා ශිල්පිනිය ඇතුළු තරුණියන් පස්දෙනකු මහනුවර පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් බ්‍රහස්පතින්දා (30 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
පෞද්ගලික නිවාස රැසකින් යුක්ත මෙම ස්ථානයේ ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට පොලිසියටත් රජයේ බලධාරීන්ටත් අසල්වැසියන් විසින් කරන ලද පැමිණිලි රැසකින් පසුව පොලිසිය වැටලීම සිදුකර තිබේ.
ඉතා දුර බැහැර ප්‍රදේශවල පදිංචිකාරියන් බව කියන රූමත් තරුණියන් රුපියල් 3000 සිට ඉහළ මිල ගණන්වලට සැපයෙන බව කියන මෙම ස්ථානයේදී අත්අඩංගුවට ගන්නා ලද තරුණියන් වයස අවුරුදු 22 ත් 24 ත් අතර වූවන් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගන්නා ලද රූපලාවන්‍ය ශිල්පිනිය ඇතුළු තරුණියන් පස් දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පොලිසිය පැවසීය.
දූෂණ මර්දන අංශ ස්ථානාධිපති පො. ප. ප්‍රදීප් කෝට්ටගේ, කාන්තා පොලිස් සැරයන් කුසුම් (502), පො. සැ. කේ. බී. ප්‍රියන්ත, පො. සැ. කමල් වැන්ඩවල් සහ පො. කො. රුවන් කුමාර යන නිලධාරී කණ්ඩායම විසින් වැටලීම සිදු කරන ලදී.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී ඇල්ලේපොල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙයි.
No comments:
Post a Comment