Saturday, June 29, 2013

Love Road - ඔබේ විවාහ යෝජනාවට කෙනෙක් අකමැති වුණා කියන්නෙ ඔබ නොවටිනා කෙනෙක් කියන එක නෙමේ

මිනිස්සු වැඩි දෙනෙක් විවාහ වෙනව. ඒක සාමාන්‍ය දෙයක්. නිසි වයස ආවම තරුණ තරුණියො විවාහ වෙන්න  සුදුසු කෙනෙක් සෙවීමට උනන්දුවෙනව. සමහරු පෙම් සබඳතා ඇතිකර ගන්නව. තමන්ම තමන්ට ගැළපෙන කෙනකුව හොයාගන විවාහ වෙනව.
තවත් සමහරුන්ට දෙමාපියො වැඩිහිටියො සුදුසු සහකරුවෙක්/ සහකාරියක් හොයනව.
විවාහයක් ගැන හිතනකොට ඇතිවන ලොකුම ප්‍රශ්නය තමයි මෙහෙම තමන්ට බඳින්න සුදුසු කෙනෙක් හොයාගන්න එක. සමහරවිට විවාහ ජීවිතය ගතකරනවට වඩා අමාරුයි බඳින්න කෙනෙක් හොයාගන්න එක.
කපුමහත්තුරු මගින්, මංගල යෝජනා තීරවලින්, දැන හැඳිනුම්කම්වලින් යනාදී නොයෙකුත් ක්‍රමවලින් ගැළපෙන සහකරුවන් සෙවීම සිදුවෙනව.
මේ ගැළපෙන සහකරුවන් සෙවීමේදී සමහරු අකමැත්ත ප්‍රකාශ කරල එවනව. යෝජනා කරන හැමකෙනාම ගැළපෙන්නෙ පෑහෙන්නෙ නෑනෙ. ඒ නිසා තමන්ට නොගැළපෙනව කියල හිතෙනව නම් අකමැත්ත පළ කරන එක පුදුමෙකුත් නෙමේ. වරදකුත් නෙමේ.

gossip India - කුලියට ගැනීමේ පදනම මත කාන්තාවක් යොදවාගෙන තවත් දරුවෙකු ලබාගන්න ෂාරුක් මේ දිනවල සූදානම්

පසුගිය දිනවල ෂාරුක් ඛාන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක් වූ අතර ඒ දෙකම පුද්ගලික සිදුවීම්. ඉන් එකක් සුබවාදී සිදුවීමක් වන අතර අනෙක ෂාරුක්ට අධිකරණයට යන්න සිද්ධවෙන ආකාරයේ සිදුවීමක්. මේ ගැන ඇතුළුව මෙවර ෂාරුක්ගේ අලුත්ම තොරතුරු කියවමු.
පසුගිය දිනයක කරන ලද 
සමීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම තාත්තා වන්නට ෂාරුක්ට අවස්ථාව ලැබුණා. නමුත් ඉන් ටික දිනකට පසු ෂාරුක්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි ලැබුණෙත් මේ පිය පදවිය නිසාම තමයි. ෂාරුක් හා ඔහුගේ බිරිය ගෞරී ගර්භාෂය කුලියට ගැනීමේ පදනම      මත කාන්තාවක්

gossip lanka - ගෙදරින් මැච් එකට ආපු තිසරව අන්තිමට ‍දවසම ‍පොලීසියෙ තියාගෙන

තිසර පෙරේරාගේ පාසල් ක්‍රිකට් පුහුණුකරු හර්ෂ ද සිල්වා කියන කතාවක්... 
නාරංගොඩ ලියනආරච්චිලාගේ තිසර චිරන්ත පෙරේරා එහෙමත් නැතිනම් තිසර පෙරේරා අද ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නැතුවම බැරි ක්‍රීඩකයකු බවට පත් වෙලා. වමතින්  පන්දුවට පහර දෙන තිසරගේ දැවැන්ත පහරවල් බලන්න ක්‍රීඩා ලෝලීන් දක්වන්නේ දැඩි කැමැත්තක්. 2009 අවුරුද්දේ දෙසැම්බර් 24 වෙනිදා ඉන්දියාවේ කොල්කටා  හිදී ඉන්දියාවට එරෙහිව එක්දින තරගයකින් පළමු පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹූ තිසර එම තරගයේදී ලකුණු 31 ක් රැස් කළා. මේ වන විට ප්‍රවීණ ක්‍රිකට් තරුවක් බවට පත්ව සිටින තිසරගේ පාසල් සමයේ දස්කම් ගැන කතා කරන්න අපි ඔහුගේ පාසල් සමයේ (මරදාන ශාන්ත ජෝසප් විදුහල) ක්‍රිකට් පුහුණුකරු වූ හර්ෂද සිල්වා මුණ ගැසුණා.
“තිසර ශා. ජෝසප් විද්‍යාලයට ආවේ  වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉඳලා. එතකොට තිසරට වයස අවුරුදු 15ක් විතර ඇති.

gossip lanka - ආර්ථික අවපාතයෙන් ගණිකාවන්ගේ ගාස්‌තු පහලට බැහැලා...

හේතුව විදේශ ශිෂ්‍යාවනුත් ගණිකාවෝ වෙලා...

ඩෙබී බටහිර එංගලන්තයේ වාසය කරන කාන්තාවකි. ඇය අබිසරු ලියකි. ඇය ගණිකා මඩමක්‌ පවත්වාගෙන යන්නේ කුලියට ගත් තට්‌ටු නිවාසයකය. 

ඇය දිනකට ගනුදෙනු කරුවන් දෙදෙනකුට හෝ තිදෙනකුට සේවා සපයයි. නමුත් මීට වසරකට පෙර ඇය දිනකට ගනුදෙනුකරුවන් අටක්‌ හෝ නවයක්‌ සතුටු කළාය.නමුත් වර්තමානයේ ආර්ථික අර්බුදය නිසා ලොව පැරණිතම රැකියාවද අර්බුදයකට ලක්‌ව තිබෙනවා. එම නිසා ඩෙබී සිය ගාස්‌තුවද අඩුකර තිබෙනවා.

Friday, June 28, 2013

gossip lanka - කළු කුමාර දිෂ්ටිය යවන්න යට ඇඳුම් ගලවා දමා කෙම කල කපුවාට වැඩ වරදී..

තරුණිය පමණක් දේවාලය තුළ තිරය පිටුපසට අරන්...
ඇඟේ පැය භාගයකට වැඩි කාලයක් තෙල් ගාලා අතගාලා... 

කළුකුමාර දෝෂය දුරු කර ගැනීමට දේවාලයක පිහිට පතා ගෙන ගිය තරුණියට අතවර කිරීමට තැත් කළැයි කී කපුවකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.

නිරතුරුවම සෑදෙන උදරයේ වේදනාව, හිනෙන් බයවීම නිසා ඥාතියකු මාර්ගයෙන් දුර බැහැර ප‍්‍රදේශයක දේවාලයකට ගිය තරුණිය එම දේවාල කපුවා ආරූඪයෙන් පැවසූ ප‍්‍රතිකර්මය කිරීම සඳහා පොල්ගස් ඕවිට ප‍්‍රදේශයේ දේවාලයකට ගිය දෙවන දිනයේ දී මෙම අතවරය වී ඇතැයි පොලිසිය පවසනවා.

GOSSIP INDIA - සල්මාන් ඛාන්ට මිනීමැරුම් චෝදනාවක්‌



අබ්දුල් රෂිඩ් සලීම් සල්මාන් ඛාන් 47 හැවිරිදිය. ලෝකය මේ පුද්ගලයා හඳුනන්නේ සල්මන් ඛාන් ලෙසිනි. බොලිවුඩ් සිනමාවේ ප්‍රමුඛතම නළුවකු වන සල්මාන් මේ වන විට හින්දි චිත්‍රපට 90 ක පමණ රඟපා ඇත. සල්මාන් රඟපෑ ජනප්‍රිය චිත්‍රපට 08 ක ආදායම ඉන්දියානු රුපියල් කෝටි සියයද ඉක්‌මවා ඇත. මේ සුපිරි නළුවා රඟපෑ මුල්ම චිත්‍රපටය වන්නේ "බිවි හො තො අයිසි" නම් චිත්‍රපටයයි.

කවරක්‌ නමුත් දැන් මිනීමැරීමේ චෝදනා යටතේ සල්මාන් ඛාන්ට නඩු පවරා ඇත. 2002 වසරේ මුම්බායි නගරයේ පදික වේදිකාවේ නිදා සිටි පුද්ගලයන් යට කරමින් වාහනය පැදවීම මොහුට එරෙහිව ඇති චෝදනාවයි. එදින මොහුගේ අපරීක්‌ෂාකාරී ධාවනය නිසා එක්‌ පුද්ගලයෙකු මරුමුවට පත්වූ අතර තවත් තිදෙනක්‌ තුවාල ලැබූහ.

GOSSIP LANKA - X-RAY අවියක්‌ යොදාගෙන ජනාධිපති ඔබාමා ඝාතන කුමන්ත්‍රණයක්‌




ඇමරිකානු ජනපති බැරැක්‌ ඔබාමා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට එරට එµa.බී.අයි. නිලධාරීන් සමත්වී ඇත.

ග්ලෙන්ඩන් ස්‌කොට්‌ ත්‍රැව්ෙµdර්ඩ් හා එරික්‌ ඡේ. ෙµ්‍රaට්‌ යන දෙදෙනා එක්‌ස්‌රේ අවියකින් ඇමරිකානු ජනාධිපතිවරයා ඝාතනය සඳහා සූදානම් වී ඇත.

මෙම අවිය සමූහ ඝාතන අවියක්‌ ලෙස යොදා ගැනීමට මේ දෙදෙනා සූදානම් වී තිබේ.

මේ සම්බන්ධව අත්අඩංගුවට ගත් ග්ලේන්ඩන් පවසා ඇත්තේ බොස්‌ටන් බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තේ ජනාධිපති ඔබාමා බවය.

GOSSIP LANKA - මන්ත්‍රී සහ සිසුන් ගුරුවරුන්ට දඬුවම් කරද්දී.. විදුහල්පතිනිය ශිෂ්‍යයාට වේවැල් පහර 20ක්‌ ගසයි

* හේතුව : ශිෂ්‍යයා සැදූ පොසොන් කූඩුවට ලැබුණු
රු. 15,000 ඇමැති අතින් ලබාගැනීම

* ශිෂ්‍යයාට ලැබුණු  මුදල ද උදුරාගෙන

විජයසිරි විද්‍යාසේකර කළුතර සමූහ
"පාසලේ නම කියනකොට පොසොන් කූඩු තරගයේ ත්‍යාග මුදල් ගන්න උඹ වේදිකාවට නැග්ගේ ඇයි දැයි අසමින් විදුහල්පතිනිය මට වේවැල් පාරවල් 20 ක්‌ පමණ ගැසුවා" යෑයි දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් පහර කෑමට ලක්‌ වී කළුතර නාගොඩ මහ රෝහලේ 5 බී වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන 11 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි ඉෂාර ජයලත් සිසුවා ඊයේ (27 වැනිදා) දහවල් "දිවයින"ට පැවසීය.

පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ ගුරුතුමිය දණගස්‌සවයි... තවත් ශිෂ්‍යයෙක්‌ විදුහල්පතිතුමාට පහර දෙයි... විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්‌ අංශ ප්‍රධානි නිලධාරිනියට පහර දෙයි. යන පුවත්වල උණුසුම තවමත් දොaංකාර දෙද්දී අසන්නට ලැබුණු මේ කතාව ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ ඉෂාර ජයලත් ශිෂ්‍යයා මෙසේද කීය.

Thursday, June 27, 2013

gossip lanka - දැරිය කෙළෙසා දෑවැදිත් ඉල්ලලා

බාලවයස්කාර දැරිවියක් මව්පියන්ට හොර රහසේ පැහැර ගෙන ගොස් ඇය සමග මාස 09 ක කාලයක් අඹු - සැමියන් ලෙස ගත කර පසුව දෑවැද්ද ඉල්ලමින් ඇයට පහර දෙන බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 15 ක බාලවයස්කාර දැරිවියක්වය.  පැහැර ගැනීමට ලක්වී ඇති දැරිවිය සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.එහි ප්‍රතිපලයක් ලෙස පසුගිය වසරේ සැප්තැම්බර් මස 02 වැනි දින සැකකර දැරිවියව ඇයගේ මව්පියන්ගේ බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් ඇත.
මාසයක පමණ කාලයක් සැකකරුගේ පියා පදිංචිව සිටින කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක දෙදෙනා ජීවත්වී ඇති අතර ඉන් පසුව තවත් මාස 02 ක කාලයක් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඥතියෙකුගේ නිවසේ ගත කර ඇත.පසුව දෙදෙනාම වෙන්නප්පුව - කොලින්ජාඩියේ පිහිටි සැකකරුගේ මවගේ නිවසට පැමිණ ඇත.

gossip lanka - මට සිහිය එනවිට හිටියේ ගිලන් රථයේ : බිරිඳ හා නංගී මියගිය බව උදේ දැනගත්තා

train-acci3අපි ‍පොසොන් බලන්න ගියේ හරිම සතුටින්. අපි යද්දී අලුත්ගමට මහ වරුසාව. තොරණක් බලන්න කියල හරස් පාරකට වාහනය හරවනවා මතකයි. මට ඊට පසුව සිදුවූ දේ මතක නැහැ. මට බිරිඳ හා නැගණිය අහිමි වුණා යැයි පසුගියදා (25) රාත්‍රියේ අලුත්ගම ගනේගම අනාරක්ෂිත හරස් මාර්ගයේදී සිදුවූ වෑන් - දුම්රිය ගැටුමෙන් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටින තාරක බටුවන්තුඩාව (අවු. 23) යන අය කීය.
සිද්ධියෙන් මිය ගියේ කළුතර දොඩම්ගොඩ  අඹගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ ඉෂාරා බිනරමලී බටුවන්තුඩාව, කළුමැදිරිය කංකානම්ගේ රාණි (අවු. 54), ජාවිගොඩගේ රශ්මි කවිශානි (අවු. 20), ජාවිගොඩගේ ලක්මි මධුෂානි (අවු. 23), ජයවර්ධන මහමුදලිගේ ධම්මිකා (අවු. 32), දසනායක මුදියන්සේලාගේ දිනේෂිකා මදුෂානි (අවු. 12) යන අයයි.
වාහනයේ රියැදුරු සුනිල් ශාන්ත, ඔහුගේ පුත් කසුන් ජයවර්ධන (අවු. 07), කේ. වංශපාල (අවු. 52), කළණ (අවු. 18) තාරක බටුවන්තුඩාව (අවු. 23) යන අය මෙම සිද්ධියෙන් තුවාල ලබා සිටියි.
සිද්ධියෙන් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහ‍ලේ ප්‍රතිකාර ලබන තාරක බටුවන්තුඩාව (අවු. 22) තවදුරටත් අදහස් දක්වමින්. 

Wednesday, June 26, 2013

gossip lanka news - අනර්කලී ආකර්ෂට සභා රීති උගන්වන්නැයි මන්ත්‍රි පිරිසක් ඉල්ලති

මාස තුනකට සැරයක් සභාවට ඇවිත් යන චිත්‍රපට නිළි අනර්කලී ආකර්ෂා මන්ත්‍රිවරියට සභා රිති ටික උගන්වන්නැයි දකුණු පළාත් සභා රැස්වීමේ දී එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලා සිටියහ. ඊයේ (25) සභාව රැස් වූ අවස්ථාවේදී අශෝක ධනවංශ (එජාප) මහතා නැගී සිට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට මහතාට බලපිටියේ දී එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පළ කරන්නට විය. එම අවස්ථාවේ අනර්කලී ආකර්ෂා මන්ත්‍රිවරිය නැගී සිට ධනවංශ මහතාගේ කතාවට බාධා කරමින් එජාපයේ අර්බුද ගැන විමසන්නට පටන් ගැනීමත් සමග මන්ත්‍රිවරුන් ඇයට උසුළු විසුළු කරන්නට වූහ.

gossip lanka news - බාර්නි සහ බෙටී පියාඹන පීරිසියකින් විත් පහැර ගැනීමේ සිද්ධිය

1961 සැප්තැම්බර් 19 වෙනදා ඇමෙරිකාවේ නිව් හැම්ෂයර්හි සිදු වූ මේ අරුම පුදුම සිද්ධිය පියාඹන පීරිසි හෝ පිටසක්වළින් පැමිණි මිනිසුන් පිළිබඳව  පැහැදිලිව වාර්තාවූ ප‍්‍රථම වතාව වීය.
බාර්නි කළු ජාතිකයෙකි. බෙටී සුදු ජාතික කාන්තාවකි. නිව් හැම්ප්ෂයර්හි පදිංචි මේ කළු සුදු යුවළ විවේකයක් ගත කිරීම සඳහා කැනඩා මායිමේ පිහිටි නයගරා ඇල්ල අවට ප‍්‍රදේශයේ සැරිසරා ඇල්ලේ සිටි නරඹා මොන්ටි‍්‍රයෙල් නගරයේද සැරිසරා ආපසු නිවෙස බලා පැමිණෙමින් සිටියහ. බාර්නි ඇමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට සේවය කළ අතර බෙටී සමාජ සේවිකාවක් වූවාය.
 වෙලාව රාතී‍්‍ර 10.30 පමණ ඇත. ඔවුන්ගේ රිය 1957  වසරේ නිෂ්පාදිත ''බෙල් ෂෆර්” වර්ගයේ  වාහනයක් වීය. පාරේ වාහනයක් හමුවුයේ ඉඳහිටය. බාර්නි වාහනය පදවන අතර බෙටී අහස දෙස නෙත් යොමුකර ගෙන පැමිණියේ ''ගුටිං ස්ටාර්ස්” (විදින තරු) දැක ගන්නටය. හදිසියේ ඇගේ නෙත ගැටුණේ හඳට පහතින් ජුපිටර් තරුව සමීපයෙන් ඇති ආලෝකයක් වෙතය. ''උල්කාපතයක්ද?”  ඇගේ හිතට කුහුලත් ඇතිවිය. මොහොතකින් එය උල්කාපතයක් නොවන බව  ඇයට වැටහිණි.

Tuesday, June 25, 2013

gossip lanka - බිරිඳ හා සැමියාගේ කඹ ඇඳිල්ලෙන් ලක්‌ෂ දහයේ ලොතරැයි දිනුම තවමත් ගන්න බැරිවෙලා

දරුවගේ කේන්දරයට අනුව මැයි මස ඇදුනු රුපියල් දස ලක්‌ෂයක දිනුමක්‌ හිමිව ඇති ලොතරැයි පතකට බිරිඳ හා සැමියා දෙදෙනාම වෙන් වෙන්ව අයිතිවාසිකම් කීම නිසා ජාතික ලොතරැයිපත් මණ්‌ඩලය මගින් එම දිනුම ලබාදීම නවතා අයිතිය තහවුරු කරන ලෙස දැනුම් දීමෙන් පසු දෙදෙනාම ගම්පොළ පොලිසිය වෙත මේ සම්බන්ධව පැමිණිලි කොට තිබේ.

බිරිඳ පවසන්නේ තමාගේ පුතුගේ අකුරු කියවන නැකත හැඳීමේදී එම දරුවා ඉතා වාසනාවන්ත යෑයි පැවසීම නිසා ඔහුගේ නමට අනුව වයි අක්‌ෂරයේ ලොතරැයියක්‌ මිලදී ගත් බවයි.

gossip lanka news - කෞතුකාගාරයේ තිබු පාරාවෝ පිළිමය ඇවිදින හැටි

ඊජිප්තුවේ පිරමීඩයක් තුලින් සෙයාගනු ලැබූ පාරාවෝ පිළිමයක් කෞතුකාගාරයක් තුළ ප‍්‍රදර්ශනය සදහා තබා තිබියදී ඇවිදිමේ සිදුවීමක් එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙන් අප වෙත වාර්තා වෙනවා.

ඔසිරිස් නම් මිසර දෙවියා වෙනුවෙන් නම් කර තිබු මෙම පිළිමය මැන්චෙස්ටර් කෞතුකාගාරයේ පසුගිය වසර 80 පුරාවටම ප‍්‍රදර්ශනය කෙරී ඇති අතර මෑතකදි එහි පිහිටීම වෙනස්වී තිබීම ගැන සැක කල කෞතුකාගාරයේ නිළධාරියෙකු විසින් එම පිළිමය ගැන විමසිල්ලෙන් සිට ඇත. පසු දිනයේදිද ඔහු විමතියට පත් කරමින් පිළිමය නැවත වතාවක් තම පිහිටීම වෙනස් කර ඇති බව දුටු කෞතුකාගාර නිළධාරියා එම පිළිමය පිහිටි ප‍්‍රදේශය ආවරණය කරන ආරක්ෂිත කැමරා පද්ධතිය නැවත නිරීක්ෂණය කර තිබෙනවා.

Gossip lanka news - අභිරහසක්‌ ඉතිරිකර නාවලපිටියේ ගුරුවරිය මහවැලි ග‍ෙඟ් සැගවේ



ගුරුවරිය ගඟට පැන්න ස්‌ථානයේ තිබූ අත්බෑගය හා අනෙකුත් භාණ්‌ඩ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ ස්‌ථානාධිපති විජිත කුමාර මහතා ඇතුළු නිලධාරි කණ්‌ඩායම

නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක නාවලපිටිය බවුවාගම පාලමෙන් මහවැලි ගඟට පැන සිය දිවි හානි කරගෙන ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය ජනපදයේ පදිංචිව සිටි ඉෂාන්ති වෑවලගෙදර නමැති 45 හැවිරිදි දෙදරු මවකි.

නාවලපිටිය බවුවාගම පාලම උඩ තිබූ සෙරෙප්පු දෙකක්‌, කුඩයක්‌ හා අත්බෑගයක්‌ දැක ඇති ත්‍රිරෝද රථ රියෑදුරකු ඒ පිළිබඳව නාවලපිටිය පොලිසියට දැන්වීමෙන් පසු නාවලපිටිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

breaking news - අළුත්ගමදී වෑන් රියක් දුම්රියේ ගැටී කාන්තාවන් පස්දෙනෙක් මරුට

අද (25) රාත්‍රී 7.30ට පමණ අළුත්ගම, ගණේගම පුර්වාරාම පන්සල අසල පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී වෑන්රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් තුන් දෙනෙක් මිය ගොස් තිබේ. තහවුරු නොවූ ආරංචි මාර්ග පවසන්නේ පුද්ගලයන් පස්දෙනෙක් මෙම අනතුරෙන් මිය ගිය බවයි. මෙම වෑන් රථයේ පුද්ගලයන් දස දෙනෙකුට ආසන්නප්‍රමාණයක් ගමන් කර

Gossip lanka - පියා මස්සිනා ඇතුළු පවු‍ලේම පිරිමින් අතින් වසර ගණනක් අපයෝජනයට ලක්වූ පහළොස් හැවිරිදි දියණියකගේ කතාව

Tirisan1
අප මේ ජීවත් වන්නේ තිරිසන් සමාජයකදැයි ප්‍රශ්න කරන්නට දැන් කාලය එළඹී ඇති බව අප බොහෝ දෙනෙකුට අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒ තිරිසනුන් වත් නොකරන තරම් තිරිසන් වැඩ මේ සමාජයේ අරක්ගෙන සිටින තිරිසන් මනුෂ්‍යයන් අතින් දැන් දිගින් දිගටම සිදුවන බැවිනි. තිරිසනුන් පිළිබඳ මෙවන් පූර්ව කථනයක් කරන්නට සිදුවන්නේ තමන්ට ජාතකව උපන් දියණියක් පියකු විසින් වසර ගණනාවක් තිස්සේ අතවරයට ලක් කිරීමක් පිළිබඳව නැවත වරක් මේ ධර්මද්වීපයේ කොනකින් ඇසෙන්නට වූ  බැවිනි.  දිනපතා පුවත්පතක් ගතහොත් එහි ප්‍රවෘත්ති කියවනවිට දියණියන් පියවරුන් අතින් අතවරයට ලක්වීම් මේ රටේ දැන් ඉතා සාමාන්‍ය සිදුවීම් ලෙස දකින්නට පුළුවන.  මෙවැනි තිරිසන් සිදුවීම් දිනෙන් දින ඉහළ යමින් තිබිම දරුණු සමාජ සහ සාරධර්මික අර්බුදයක් ලෙස ඔඩු දුවමින් ඇති බව පැහැදිලිය.  කෑගල්ල මහාධිකරණයෙන් දියණිය දූෂණය කළ පියෙකු විසි වසරකට හිරේට යැවුවේද මෑතකදීය.
කෙසේ වෙතත් මේ සටහන් තබන්නට යන දියණිය දූෂණය වීම  ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ කතාවකි. ඒ ඇය පියා අතින් පමණක් නොව මවගේ සහෝදරයා වන ඇගේ මාමා අතින්ද , පියාගේ නැගණියගේ පුතා වන ඇවැස්ස මස්සිනා අතින්ද අසල්වාසියෙකු අතින්ද කාලයක් තිස්සේ අපයෝජනයට ලක්වී ඇත.

Sunday, June 23, 2013

gossip lanka - දයා මාස්ටර් ශ්‍රීලනීප සාමාජිකත්වය ඉල්ලයි

එල්.ටී.ටී සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුධම් දයා නිධි හෙවත් දයා මාස්ටර් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට ඉල්ලුම් කර තිබේ. 

ඊයේ දිනයේදී අදාළ ඉල්ලුම් පත්‍රය ඔහු විසින් යොමුකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සඳහන් කළේය. 

උතුරු පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය එහි මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී රැස්විණ. 

gossip lanka - ස්ත්‍රී දූෂණ වලින් වැළකීමට ඉන්දියාවෙන් කාන්තාවන් හට යට ඇඳුමක්..

ස්ත්‍රී දූෂණ වලින් වැළකීමට ඉන්දියාවෙන් කාන්තාවන් හට යට ඇඳුමක්...

පසුගිය දිනවල අපට ඉන්දියාවෙන් අසන්නට ලැබුනේ දිනෙන් දින ඉහල යන ස්ත්‍රී දූෂණ පුවත්ය...

මෙයට ආසන්නම පුවත වාර්තා වුයේ එරට සංචාරකට පැමිණි ස්විස් ජාතික කතක් ඉන්දියානුවන් 8 ක් එක්වී සමූහ දූෂණය කිරීමේ පුවතකි...

එසේම ඉන්දියාවේ දිනෙන් දින ඉහල යන ස්ත්‍රී දූෂණ වලට පිලියමක් ලෙස එරට සිටින ඉංජිනේරු සිසුවියන් දෙදෙනෙකු සහ සිසුවෙකු ස්ත්‍රී දූෂණ වලින් වැළකීම සදහා කාන්තා යට ඇදුමක් නිෂ්පාදනය කරන්නට සමත්වී තිබෙනවා....

Saturday, June 22, 2013

gossip lanka - සල්මන් ඛාන් සහ ජැක්ලීන් ෆර්ඩිනැඩ්ස් චිත‍්‍රපටයේ තියෙන සරාගී දර්ශනයි,සිප ගැනීමේ දර්ශන ටිකයි

බොලිවුඩයට එකතු වෙන අලූත්ම ජෝඩුව සල්මන් ඛාන් සහ ජැක්ලීන් ෆර්ඩිනැඩ්ස්. මේ දෙන්නා පෙම්වතුන් වෙන්න යන්නේ සජිඩ් නදියද්වාලාගේ කික් චිත‍්‍රපටයෙන්.හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා සල්මන් ඛාන්  ප‍්‍රතිපත්තියක් හැටියට සිපගැනීමේ දර්ශන සහ සරාගි දර්ශනවලට පෙනී ඉන්නේ නැහැලු.ඒ නිසා ඔහු සජීඩ්ට කියලා කික් චිත‍්‍රපටයේ තියෙන සරාගී දර්ශනයි,සිප ගැනීමේ දර්ශන ටිකයි

gossip lanka - නිරුවතින් හා බියෙන් ‍ගෙවීමට දින 21 ක්

ලොව බොහෝ රටවල් මේ වන විට ටෙලිවිෂන් මාධ්‍යය තුළ විවිධ රියැලිටි වැඩසටහන් අත්හදා බලමින් සිටියි. එහිදී ස්වකීය සංස්කෘතික හර පද්ධතීන් මෙන්ම අතුරු ප්‍රතිවිපාක නොතකා ලාභ අපේක්ෂාව පෙරමුණ ගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමාවද විකිණෙමින් සියල්ල විකුණන හා මිලදී ගන්නා පශ්චාත් නූතන අවධියක රියැලිටි වැඩසටන්වල ආකෘතිය පවා එහි සම්භාව්ය " වැඩසටහන්මය" ගුණය බිංදුවට දමා තිබේ. රියැලිටි ලෝකයම උඩුයටිකුරු කිරීමේත්, එහි අවසානය නුදුරු කාලය තුළම සිදුවීමේත් පෙරනිමිති මේවන විට පහලවෙමින් ඇත. ඩිස්කවරි නාලිකාව මගින් හඳුන්වා දීමට නියමිත  " නිරුවත සහ බිය" නමැති රියැලිටි වැඩසටහන කෙරෙහි ලෝකයේම අවධානය යොමුව ඇත්තේ මෙවැනි පසුබිමකය. මෙම නවතම වැඩසටහන තුළින් රියැලිටි වැඩසටහන්වල සීමාව කොතැනද යන්න සනිටුහන් කරනු ඇති බවටත්, එය තවදුරටත් ප්‍රේක්ෂක ප්‍රතිචාරවල අන්තය කරා රැගෙන යනු ඇති බවටත් අනාවැකි පලකෙරෙමින් ඇත.

                       "නිරුවත සහ බිය" රියැලිටි වැඩසටහනට එකිනෙකා නොහඳුනන ස්ත්‍රීයක හා පිරිමියෙකු ලෙස යුගල තරඟකරුවන් තෝරාගනු ලබයි. මොවුන් දෙදෙනා නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක්, සිදුවිය හැකි සියලුම කටුක අත්දැකීම් වලට නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකින් ස්වකීය ගමනාන්තය සහතික කරමින් තරඟය නිමා කළ යුතුය. මොවුන් තරඟයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරුවතිනි. සෑම කථාංගයක්ම එකිනෙකාට වෙනස් යුගල බැගින් එකිනෙකට වෙනස් ස්ථානවල පවත්වනු ලැබේ. වැඩසටහනේ මංගල දර්ශනය එළඹෙන ජූනි මස 23 වන දින ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍යය උපුටා දක්වයි.

*අලුත්ම වැඩේ මොකක්‌ද?

රංගන ක්‍ෂේත්‍රයේ අතිශය කාර්යබහුල නිළියක නොවුණත්, ඉඳහිට රඟපාන චරිතයකින් වැඩි කාලයක්‌ ප්‍රේක්‍ෂකයන්ගේ මතකයේ රැඳෙන්නට තරම් හපන්කමක්‌ ඇති ඇය තරුෂි පෙරේරා නම් වන්නීය. රංගනයත්, රූපලාවන්‍ය කටයුතුත් සමඟ ජීවිතය සතුටින් පවත්වාගෙන යන්නට ඇය නිරතුරුව වෙහෙස දරන ඇයගේ නවතම තොරතුරු දැන ගන්නට අපි ඔබ වෙනුවෙන් ඇය හමුවන්නට ගියෙමු. සුපුරුදු සුහදශීලී සිනහවකින් විසින් ඇය පිළිගනු ලැබවේ සැබැවින්ම ඇයගේ ප්‍රේක්‍ෂකයන් කෙරෙහි ඇය දක්‌වන්නා වූ ආදරය නිසා මය.

*ඉතින් කොහොමද තරුෂි
"හොඳයි"

*විවේකයෙන් වගේ...?
ලොකු අවිවේකයක්‌ නැහැ.

*අලුත්ම වැඩේ මොකක්‌ද?
ශිවගුරුනාදන් මහතාගේ මුතු පළස ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒකේ රඟපෑම් මේ දිනවල සිදු වෙනවා.

*වෙන මුකුත් නැද්ද?
තව අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා.

දිනකට ලීටර් පනස්‌දහසක්‌ කුණු කාණුවලට හෙළන ලෝවේ විශිෂ්ටතම ශක්‌ති ජනක පානය

''පොළව පළා ගලක්‌ දුටින් එගල පලා රිදී දුටින් රිදී ළිඳේ දියත් දුටින්.....''

එසේ කුඩා ළමුන්ගේ තේරවිලි වලටද පාදක වූ, පොල් වතුර කුරුම්බා වතුර, අනාදිමත් කලෙක සිට ලෝකයේ විවිධ රටවල රෝග සුව කිරීම සඳහා ද භාවිතයට ගෙන තිබේ.

සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිළිබඳ බටහිර ජාතීන් නොදැන සිටි නිසාවෙන්, මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳවද මේ මෑතක්‌ වනතුරු සුදු ජාතීන්ගේ අවධානය යොමු වූයේ නැත. අනෙක්‌ අතට ඔවුන්ගේ ඉරිඟු සෝයා එළවළු තෙල් සහ මාගරින් වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල්තෙල්, පොල්මදයේ සහ පොල් වතුරෙහි ඇති විස්‌මිත ගුණය හිතාමතාම වසන් කළ නිසාවෙන්, ඔවුන් පොල් සැලකුවේ සෞඛ්‍යයට අහිතකර හදවත් රෝගවලට තුඩු දෙන ආහාරයක්‌ ලෙසය.

ඔවුන්ගේ දැනුම හා හඬ ඔස්‌සේ තීන්දු තීරණගත් අප විසින්ද පොල් තෙල්, පොල් මදය මෙන්ම, පොල් වතුරද කිසිදු වැදගැන්මකට නැති ආහාරයක්‌ ලෙස සලකා අවඥාවෙන් බැහැර කරනු ලැබිණ.

gossip lanka - මර්වින් සිල්වා උඩු ගුවනේදී ඇමැතිවරයෙකුට සමාන වූ හැටි

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යළිත් සංශෝධනය කිරීම පසුගිය සතියේ අපේ දේශපාලන කතිකාව උණුසුම් කළ මාතෘකාවය. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඒ අයුරින්ම පවත්වාගෙන යමින් බලාත්මක කිරීමට ආණ්‌ඩුවේම එක්‌ පිරිසක්‌ උත්සාහ කරන අතර 13 වැනි ව්‍යවස්‌ථාව හා එහි කොටස්‌ අහෝසි කිරීමට තවත් කණ්‌ඩායමක්‌ උත්සාහ කරන ආකාරය පසුගිය සතියේත් දැකගත හැකිවිය. ඒ වෙනුවෙන් දෙපිරිස අතර වාද විවාද පැනනැගී තිsබිණි. එහෙත් ජයග්‍රහණය ලබන්නේ කාගේ මතයද යන්න ගැන පැහැදිලි චිත්‍රයක්‌ කිසිවෙකුටත් ලබාගත නොහැකි විය. ඊට හේතුව ජනාධිපතිවරයා ඉන්නේ කුමන ආස්‌ථානයේද කියා ඒ කවරෙකුටවත් පැහැදිලිව දැනගත නොහැකි වීමය. 

කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ ඇති අඩුපාඩු ගැන කතා කරන අවස්‌ථා නම් ගණනාවක්‌ම තිබිණි. පොලිස්‌ හා ඉඩම් බලතල ගැන ඔහු තුළ වූයේ රටේ බහුතර ජනතාව දරන මතය බව පැහැදිලි විය. ජනපතිවරයා නිතරම කීවේ "ජනතාව අපිට වරමක්‌ දීල තියෙනවා. ජනතාවට නිවැරැදි මතයක්‌ තියෙනවා. අපි ඒක ජයග්‍රහණය කරවන්න ඕන." යන කතාවයි.

gossip lanka - මරණ බයේ මම දණ ගැහුවා වෙන මොනවා කරන්නද නවගත්තේගම ගුරුතුමියට සවන් දෙන්න



නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුවරිය වූ ප්‍රියානි සුසිලා හේරත් ගුරුතුමිය පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් දණගස්‌සවා තැබීම පසුගිය දිනවල මේ රටේ වඩාත් අවධානය දිනාගත් පුවත විය. මේ එම ගුරුතුමිය තමන් මුහුණදුන් අප්‍රසන්න සිදුවීම අප හමුවේ හෙළි කළ අයුරුය.

"මම ඉගෙනගත්තේ මහ අන්දරවැව විදුහලෙන්. පස්‌සේ මම කැලණි විශ්වවිද්‍යාලයට තේරිලා කලා උපාධිය ලබලා 2005 වසරේදී සිංහල උපාධි ගුරුවරියක්‌ ලෙස නවගත්තේගම ඉසුරු නවෝද්‍යා පාසලට පත්වීමක්‌ ලබලා එදා සිට සිංහල විෂයය දරුවන්ට උගන්වනවා.

ඔබ සිංහල උගන්වනවා නම් ඔබගේ සිසුන්ගේ සමස්‌ත විභාග ප්‍රතිඵලය කෙසේද? ඇයගේ කතාවට මම බාධා කළෙමි.

සියයට අසූඅටයි. මට හැකි උපරිම අයුරින් මා දරුවන්ට ශිල්ප ලබාදෙන්නේ අප විඳි දුක්‌ හිතේ රඳවාගෙනමයි.

gossip lanka - මාත‍ලේ බාලිකා පාසලක ගුරුවරියන් ගණිකා වෘත්තියේ යෙදුණාද ?

මාත‍ලේ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සේවය කරන ගුරුවරියන් පස් දෙනෙකු ගණිකා වෘත්තියේ නිරතවෙමින් සිසුවියන්ද එම වෘත්තියේ යොදවන බවක් මාත‍ලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ආචාර්ය ටී.ඩී.ජයතිස්ස මහතා විසින් පසුගිය සතියේ කරන ලද්දා වූ හෙළිදරව්ව මුළුමහත් රටක්ම  තැතිගන්වන්නක් වූ බව අමුතුවෙන්ම සඳහන් කළ යුත්තක් නොවේ.
ඒ හෙළිදරව්ව සම්බන්ධයෙන්  සොයා බැලීමක් කරන්නට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පවා විශේෂ කණ්ඩායමක් මාත‍ලේට ගොස් ඇත්තේ එබැවිනි. එසේම පැමිණිල්ලක් නැතත් ජාතික  ළමා ආරක්ෂක අධිකාරිය පවා මේ ගැන සොයා බැලීමක් දැනටමත් කර ඇත්තේ එම කාරණාවෙහි වූ බරපතළකම සලකා බලමිනි. ඒ මතෛක් ඉතිහාසයේ මෙවන් අශිෂ්ට ගුරු ගෝල සම්බන්ධයක් ගැන අසා නොතිබුණු බැවිණි. 

Friday, June 21, 2013

gossip lanka - “සින්ඩ්‍රැල්ලා” හි ඔබේ පෙම්වතා වූ අකලංක ගනේගම ළඟදීම විවාහ වනවාලු නේද?

කෙටි කලක් තුළදී රංගන ක්‍ෂේත්‍රය හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල “සිහින විලක්” ටෙලි නාට්‍යය තුළින් ආලින්දයට ගොඩවදිනවා. උපේක්ෂා පුවත් මවන්නියක් වුණේ ඇගේ කලා දිවිය, දේශපාලන දිවිය වගේම පුද්ගලික දිවිය ගැනත් මැවුණු විවිධ පුවත් හින්දාමයි. පසුගියදා උපේක්ෂා ගැන අලුත්ම ආරංචියක් අසන්නට ලැබුණා. ඇගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයා විසින් කරන ලද මුදල් වංචාවක් ගැනයි මේ ප්‍රවෘත්තිය ඇසුණේ. අදාළ පුද්ගලයා විසින් රැකියා දෙන බවට මිනිසුන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇති බවත්, උපේක්ෂාගේ නම පාවිච්චි කරමින් ඔහු මෙම කාර්යය සිදුකළ බවත් ආරංචි මාර්ග පවසනවා. මේ පුවත ගැන දැනගන්න අපි උපේක්ෂාට කතා කළා. ඇය බොහොම හෘදයාංගම විදියට අපේ කතාබහට එකතු වුණා. කතාබහ අතරේ අපි උපේක්ෂාගේ කලා ජීවිතේ තොරතුරු ටිකකුයි, පුද්ගලික ජීවිතේ තොරතුරු ටිකකුයි විමසන්නත් අමතක කළේ නැහැ. 
උපේක්ෂා, ඔබේ නම පාවිච්චි කරලා ඔබේ මාධ්‍ය ‍ලේකම් මූල්‍ය වංචාවක් කළාය කියන චෝදනාව ඇත්තද?

අජන්ත - තරංග කොදෙව් සංචාරයට කැඳවති

මේ මස අවසන් සතියේදී ආරම්භ වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය සඳහා අජන්ත මෙන්ඩිස් කැඳවා තිබේ.
පාදයේ ආබාධයක් හේතුවෙන් තිලකරත්න ඩිල්ෂාන් මෙම සංචාරයට එක් නොවන අතර ඩිල්ෂාන් වෙනුවෙන් ආරම්භක පිතිකරුවාගේ ස්ථානය සඳහා උපුල් තරංග කැඳවා තිබේ.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක් වුවද එකම තරගයක් හෝ කී‍්‍රඩා කළ නොහැකිවූ හෙයින් දිල්හාර ලොකුහෙට්ටිගේට කොදෙව් සංචාරයේදීත් අවස්ථාව ලැබී තිබේ. තුන්ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

gossip lanka - අතුරුදන්වූ රන් වළලූ දෙක මෙහෙකාරියගේ යට ඇඳුමේ

මහා දවාලේ නිවෙසකින් අතුරුදන්වූ රුපියල් 1,10,000ක් වටිනා රන් වළලූ දෙකක් එම නිවසේම සේවය කරන මෙහෙකාරියගේ යට ඇඳුම තුළ සඟවාගෙන සිටියදී සොයාගත් බව උතුරු කළුතර පොලීසිය කියයි.
මෙම සොරකමට නිවසේ සිටින මෙහෙයකාරිය සැක බවට නිවෙස් හිමිකාරිය පොලීසියට කළ ප‍්‍රකාශය අනුව සැරයන්වරියන් වන මධුවන්ති (8677) හා පි‍්‍රයන්ති (8631) යන මහත්මීන් විසින් සැකකාරිය ඇඳසිටි යට ඇඳුම් පරීක්‍ෂා  කර රන් වළලූ දෙක සොයාගෙන තිබිණි.

මෙන්න අපේ ආසියානු විවාහක රූ රැජන

පසුගියදා මලයාසියාවේ පැවති ආසියානු විවාහක රූ රැජන තරගයේ කිරුළ දිනා ගැනීමට අපේ යුවතියක් සමත් වුණා. ඇය නිලංගා සේනානායක. අපේ රටට මෙම කිරුළ අත්පත් වුණු දෙවන අවස්ථාව මෙයයි. පළමු කිරුළේ හිමිකාරිය වුණේ ශි‍්‍රමාලි ෆොන්සේකාය. මේ නිලංගා සේනානායක සමඟ අප කළ කතාබහක්.

gossip lanka - කාන්තා සංවිධානයේ තරුණියෝ දෙදෙනෙක් උඩුකය නිරුවත් කර

ජි අට සමුළුවට සහභාගි විම සදහා ජර්මනියට පෑමිණ සිටින ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා බර්ලින් නුවර හරහා ගමන් කරද්දී ලේ ෆේමෙන් කාන්තා සංවිධානයේ තරුණියෝ දෙදෙනෙක් උඩුකය නිරුවත්  කර

Thursday, June 20, 2013

ක්‍රිකට්‌ පිටියට පැන්න කොටි හිතවාදීහු "බයිට්‌" වෙති

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (20 දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක වන අතරතුරදී කොටි කොඩි හා විරෝධතා පුවරු රැගත් කොටි හිතවාදීහු පස්‌ දෙනෙක්‌ ක්‍රීඩා පිටියට කඩා වැදුණහ. 

සිය පවුලද අතහැර නැවත දිනේෂා සමග සොර සැමියා චරිතය රඟපාන චන්දන

පසුගිය දිවයින පුවත් පතක එනම් 2011/06/13 තිබු පරිදි චන්දන පුෂ්පලාල් ලියන ගුණවර්ධන නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට පමුණුවා සිට පසුව අධිකරණය හමුවට පමුණුවා සිටි දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංග රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා නියම කිරීම ගැන සම්බන්ධව එම දිනවල  ඔස්සේ තොරතුරු ගෙන එන ලද අතර මේ වනවිට මෙම තැනැත්තිය කෙසේ හෝ යලිත් එම ව්‍යාපාරිකයා සමග වාසය කරන බව දැනගැන්මට ලැබී තිබෙනවා.

මේ පුංචි සමනලියත් ඔබේ උදව් ඉල්ලනවා

r14-1නෙතුකි දුව අපි ඉස්සරහ වාඩිවෙලා හිනාවෙනවා. දැන් ඇගේ වයස අවුරුදු 2යි. මේ වයසේ ඉන්න දරුවෝ හුඟක් හුරතල්. නෙතුකි දුව තුළිනුත් ඒ බව හොඳින් පෙනෙනවා.
ඒත් අවාසනාවක හැටි. අපට නෙතුකි එක්ක කතා කරන්න බැහැ. ඒ අපි අහන කිසිම දෙයකට උත්තර දෙන්න තරම් නීරෝගීකමක් ඇය තුළ නැති නිසා. ඒ නෙතුකි උපතින්ම ශ්‍රවණාබාධිත දරුවකු හින්දා.
“අපි කවදාවත් හිතුවේ නැහැ අපට ලැබුණු දරුවා මෙහෙම දරුවෙක් වේවි කියලා”
අවුරුදු එකහමාරක් විතර වෙනකම් අපි කිසිම වෙනසක් ඇගෙන් දුටුවේ නැහැ. සාමාන්‍ය ළමයෙක් විදිහට තමයි ඇය උන්නේ”
නෙතුකි දුවගේ අම්මා අනුෂ්කා රසාංජලී අපි එක්ක කිව්වා.
අනුෂිකා වෘත්තියෙන් ගණකාධිකාරිනියක් හැටියට පෞද්ගලික සමාගම වැඩ කළා. මේ නිසා බොහෝ වේලාවට ඇයට දරුවා ළඟ ඉන්න බැරි වුණා.
ඒත් වැඩ ඇරිලා ගෙදර ආපසු ඇය නෙතුකි ළඟින් හෙල්ලුණේ නැහැ.
“අපි වැඩ ඇරිලා ගෙදර එන්නේ මෝටර් සයික‍ලේ. ඉතිං ඒ සද්දෙට සාමාන්‍යයෙන් පුංචි අවධානය යොමු කරනවනේ. ඒත් අපේ දුව ඒකට ප්‍රතිචාර දැක්වූවේ නැහැ. මෙන්න මේ නිසා තමයි අපි හලාවත රෝහලට ගිහින් දුවව පෙන්නුවේ”

පෙම්වතාගේ නිවසට යන්න පොලිසියෙන් අවසර ඉල්ලයි

තම මව්පියන් තමන්ට හිරිහැර කරන නිසා පෙම්වතාගේ නිවසට යාමට අවශ්‍ය බව කියමින් 15 හැවිරිදි පාසල් සිසුවියක් තමන්ගේ අනාගත නැන්දම්මා සමග දකුණු කළුතර පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබේ. සුදෝ සුදු පාසල් නිල ඇඳුමකින් සැරසී පොලිසියට පැමිණි සිටි ඇය

Wednesday, June 19, 2013

නාවල විවෘත සරසවියේ නීති අංශ ප්‍රධානියට නීති සිසුවාගෙන් මන්නා පිහි පහර! නීති ශිෂ්‍යයා යාපනේ වෛද්‍යවරයෙක්‌

නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාල නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී යශෝදරා කදිරගාමතම්බි මහත්මිය එහි නීති ශිෂ්‍යයකු විසින් ඊයේ (19 වැනිදා) දහවල් එල්ල කරන ලද මන්නා පිහි පහර කිහිපයක්‌ නිසා බරපතළ ලෙස තුවාල ලැබුවාය. 

හතළිස්‌ හැවිරිදි ඇය දැන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඥානසුන්දරම් සුරේJද්‍රජිත් නම් මෙම නීති ශිෂ්‍යයා යාපනයේ සේවය කරන වෛද්‍යවරයකු වන අතර අංශාධිපතිනියට පිහි පහර එල්ල කිරීමෙන් අනතුරුව ඔහුද පෙති වර්ගයක්‌ පානය කර ඇති අතර පසුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

"දිනුම මිස මට වෙන කිම...?" - මහේල



මහේල විසින් විවර කරන ලද ජයග්‍රහණයේ මාවතෙහි තවත් වැදගත් සන්ධිෂ්ථානයක්‌ වූ තිලකරත්න දිල්ෂාන්, ක්‌ලින්ට්‌ මැකේ දවා ගැනීම සඳහා රැකගත් දර්ශනීය උඩ පන්දුව (ඒ.පී.ඡායාරූපයකි)

සෑම තරගයක්‌ම ජය ගැනීමට තමාට අවශ්‍ය බවත් ඒ අනුව තමන් හැම තරගයක්‌ම ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමෙන් පසු පැවසීය.

වඳුරෙක්‌ ගැන පුදුම කතාවක්‌

ලේ පෙරෙමින් සිටි වඳුරා කිලෝමීටර් 70ක්‌ දුරට
ත්‍රිරෝද රථයකින් ගෙනයයි

මුහුණ වසාගෙන සිටි තරුණයා තමන් ගැන
ගුණ වැයුම් ප්‍රතික්‍ෂේප කරයි

පින්තූර හා විස්‌තර කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ


දූෂණය, භීෂණය, වංචාව හොරකම පමණක්‌ නොව සාරධර්මද පිරිහෙමින් පවතින අද වැනි යුගයක ඔබටත් මටත් විශ්වාස කළ නොහැකි, කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි උත්තම ගණයේ සත් ක්‍රියාවක්‌ පෙරේදා (17 දා) හවස 6.30 සිට රාත්‍රි 8.30 වනතුරු කන්තලේ 91 වෙන්ඩ්‍රාසන්පුර ප්‍රදේශයේදී පෙන්නුම් කිරීමට නුවර පේරාදෙනිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්‌ සමත් විය.

වේලාව පෙරේදා (17 දා) හවස 6.30 ට පමණ ඇත. හදිසියේම මෙම ලියුම්කරුගේ නිවසට අහල පහල නිවසක පොඩි එවුන් දෙදෙනකු පවසා සිටියේ පාර හරහා ගමන් කළ වාහනයකට වැදුණු වඳුරෙකු තුවාල ලබා ගසක සිටින බවයි. එමෙන්ම වඳුරා අසල සිටින නොහඳුනන පුද්ගලයෙකු කන්තලේ වනජීවී කාර්යාලයේ නොම්මරය මගෙන් ඉල්ලා එන්න කියූ බවත් ඔවුහු කීහ.

Sunday, June 16, 2013

අවේලාවේ නිවෙසට ආ අනියම් පෙම්වතා අසල්වැසියන් පොලිසියට කොටුකරදීලා

සැමියා විදේශ රැකියාවට ගොස් සිටින අතරේ පෙම්වතකු ගෙන්වා ගත් කාන්තාවකට අමතක නොවන සිදුවීමක් දකුණේ ගමකදී සිදුවිය.
තනිකම නිසා පෙම්වතාට නිවසට පැමිණෙන ලෙස දුරකතන ඇමතුමක් දුන් ඇය වේලාසනම නිවෙසේ වැඩ අවසන් කර සාලයේ රූපවාහිනිය නරඹමින් සිටියාය. එහෙත් පොරොන්දු වේලාවට පෙම්වතා පැමිණියේ නැත. බැරිම තැන ඇය නින්දට ගියාය.
හිටි හැටියේ පිටුපස දොර සොලවන හඬක් ඇසී ඇය නින්දෙන් අවදි විය. කලබලයෙන් ජංගම දුරකථනය අතට ගත් ඇය 119 අංකයට දුරකථන ඇමතුමක් දී තම නිවෙසට සොරුන් පැමිණ ඇති බව දැන්වීය. ඉන් නොනැවතුණු ඇය අසල් වාසීන්ගෙන් උදව් ඉල්ලා කෑ ගැසුවාය.

Saturday, June 15, 2013

තරුණයකු දාහතර හැවිරිදි දියණියට ඉදිරිපත් කළ විවාහ යෝජනාවට විරුද්ධ වූ මවට

විසි හැවිරිදි තරුණයකු දාහතර හැවිරිදි දියණියට ඉදිරිපත් කළ විවාහ යෝජනාවට විරුද්ධ වූ මවට පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිසිය කියයි.
වැල්ලම්පිටිය කොටුවිල අනූෂා මධුවන්ති (31) නම් දෙදරු මව මෙසේ මරා දමා ඇත.

හැම ටෙලි නිළියක්ම ගණිකාවක්ද?

ටෙලි නාට්‍ය නිළියන් යයි කියාගත් තරුණියන් ගණිකා වෘත්තියේ නියැලී ‍පොලිස් අත්අඩංගුවට පත්වීම් පිළිබඳ සිදුවීම් පසුගිය කාලයේ නිතර මාධ්‍ය මගින් අනාවරණය වූ බව රහසක් නොවේ. ඇතැම් නිළියන් මේ වාර්තා සහ ආරංචි ප්‍රතික්‍ෂේප කළත් මේ නිළියන් ගැවසෙන හෝටල්ගැන පමණක් නොව ඇසුරු කරන පුද්ගලයන් ගැන පවා තොරතුරු ‍පොලීසිය සතුව ඇත. මේ අතර ටෙලි නාට්‍ය නිළියන් වන්නට ගොස් ජීවිතය වරද්දා ගත් තරුණියන් පිළිබඳව පවා එම ‍පොලිස් වාර්තා අතර තිබේ.
ටෙලි නාට්‍ය කලාව මේ තරම් ජුගුප්සාජනක තත්ත්වයකට ඇද වැටුණේ ඇයි? ඊට වගකිවයුත්තෝ කවුරුද?
“ටෙලි නාට්‍ය හා චිත්‍රපට ක්‍ෂේත්‍රය මෙතරම් පිළිකුල් සහගත  පරිසරයක් බවට පත්වී ඇත්තේ ලිංගික අරමුණු මූලික කොටගෙන මේ කර්මාන්තයට ඇතුළුවන ඇතැම් අශීලාචාර 
නිෂ්පාදකවරුන් නිසයි. එමෙන්ම ඊට රුකුල් දෙන අන්දමේ තරුණියන් පිරිසක්ද අද වනවිට බිහිවී සිටිනවා.” මෙසේ කියන්නේ ‘පබා’ ‘පබළු’ ‘අමා’ ආදී ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් නිර්මාණය කළ අධ්‍යක්ෂ ශාන්ත සොයිසාය.

පොට්ටු අම්මාන් තවම ජීවතුන් අතරද?

Pottu-Ammanපොට්ටු අම්මාන්ට මොකද වුණේ? ‍පොට්ටු අම්මාන් තවමත් ජීවතුන් අතරද? ඇතැමෙක් අසති. කාලයකට පසු දැන් නැවතත් මේ හිටපු කොටි නායකයා ගැන කතාබහක් ඇතිව තිබේ. ඊට හේතු වූයේ ‍පොට්ටු අම්මාන්ගේ මෑතක ගත් ඡායාරූපයක් බව පැවැසුණු සේයාරුවක් කොටි හිතවාදී වබේ අඩවි තුළ සංසරණය වන්නට පටන් ගැනීමත් සමගය.
ෂන්මුගලිංගම් ශිවශංකර්  යැයි පැවැසුවාට හඳුනන්නේ නැති බොහෝ දෙනා ‍පොට්ටු අම්මාන් යැයි කියූ සැනින් හඳුනති. ඒ වෙන කිසිවක් නිසා නොව එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ජාලයේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස ‍පොට්ටු අම්මාන්ට ලැබි තිබූ ප්‍රසිද්ධිය නිසාය.
මෙතරම් බුද්ධි ප්‍රබලයකු වුවත් 2009 මැයි 18 දා වෙල්ලමුල්ලිවයිකාල් අවසන් ගැටුමෙන් කොටි ත්‍රස්තවාදීන් සිවුවැනි ඊළාම් සටන පරාජය වීම වැළැක්වීමට ‍පොට්ටු අම්මාන්ටද නොහැකි වූවේය. ‍පොට්ටු අම්මාන් ඇතුළු කොටි රැළට නායකත්වය දුන් වේලුපිල්‍ලේ ප්‍රභාකරන් පවා මැයි 19 වැනිදා මරු තුරුළට යෑම වැළැක්වීමට ‍පොට්ටු අම්මාන්ට කළ හැකි දෙයක් නොවීය.

සෞදියට ගණිකාවන් ලංකාවෙන්

අදෝමුඛයෙන් ප්ලාස්ටික් බටයකුත් අයින් කරලා...

අකමැති වූ නිසා කලවා පෙදෙසට බෙහෙත් විදලා... 

බම්බලපිටියේ විදේශ රැකියා ඒජන්සියක හා ගල්නෑවේ තැරැව් කාරියක මගින් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස ගිය විවාහක කතක ගණිකා සේවයට බලෙන් යොදා ගෙන මාසයකට පසුව දිවයිනට පැමිණි බව අප වෙත වාර්තා වෙනවා.

ඇය කියනුයේ ලංකාවේ පිරිසක් මේ ගණිකා නිවාසය පාලනය කරන බවයි. ලංකාවේ ගැහැණුන් දෙතුන් සියයක් එහි සිටින බව ද ඇගේ විශ්වාසයයි. ඇය ඊට අකමැති වූ නිසා කලවා පෙදෙසට බෙහෙත් විද බලෙන් කෙළෙසා ඇති බව ද ඇය කියන්නීය. ඇගේ සැමියා ආබාධිතයෙකි. පවුලේ අඟහිගකම් නිසා රියාද් 800ක (රුපියල් 26953) වැටුපකට ඇය එහි ගියාය.

පැමැලා සහ තවත් නිරූපිකාවක් අඩනිරුවතින් අශ්ලීල අන්දමට නැටුමක

‍ෙටලි වෘත්තාන්තවල රඟපෑමෙන් වඩාත් ජනප්‍රියත්වයට පත්වූ පැමලා ඇන්ඩර්සන් ගේ ජනප්‍රියත්වය තවමත් නොසිඳී තිබෙනවා. ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව ලබාගන්නට උපන් හපන්කම් දක්වන ඇය, මෑතකදී රූපවාහිනී වෙළෙඳ දැන්වීමක රඟපෑවා. මේ වෙළෙඳ දැන්වීම නිර්මාණය වුණේ වෙබ් අඩවි නිර්මාණය කරන මහා පරිමාණයේ වෙළෙඳ සමාගමක් වෙනුවෙන්. ‘ඩ්‍රීම්ස් කේප්නෙට් වර්ත්ස්’ නම් වූ එම ආයතනයේ ප්‍රචාරක කටයුත්තකට නිර්මාණය වූ මේ වෙළෙඳ දැන්වීම ඇමෙරිකානු රූපවාහිනී නියාමන අධිකාරියේ තහනමට ලක්වෙලා.
මේ තහනමට හේතුව, පැමැලා සහ තවත් නිරූපිකාවක් අඩනිරුවතින් අශ්ලීල අන්දමට නැටුමක

Friday, June 14, 2013

පළාත් සභා මන්ත්‍රී ගුරුවරිය දණ ගස්වයි - ගවුම් කොටට අදින්නට එපැයි මන්ත්‍රී දියණියට කියලා

UP Date - 2013-06-15 2.30 p.m
නවගත්තේගම ගුරුවරියක පාසලේදී දණ ගැස්සූ බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර, ආනමඩුව ආඬිගමදී මින් මඳ වේලාවකට පෙර නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

දරුවන්ගේ මව්වරුන් සමඟ මිතුරු වී බ්ලු ෆිල්ම් පෙන්නන ටියුෂන් ගුරුවරයා.

මව්වරුන් යාලු කරගන්න දරුවන් පදිංචි නිවසට ගෙන ගොස්‌ භාර දෙනවලු...

සිය සුඛෝපභෝගී වාහනයක්‌ තුළදී විවාහක කාන්තාවන් රවටා වාහනයට නංවාගෙන ගොස්‌ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා එම කාන්තාවන්ගෙන් මුදල් වංචාකාරී ලෙස කාලයක්‌ තිස්‌සේ ලබාගෙන ඇති බවට සැකපිට මාතර කොට්‌ඨාස දූෂණ මර්දන අංශය විසින් ඉකුත් 10 දා මාතර බණ්‌ඩත්තර පාලම අසල දී ටියුෂන් ගුරුවරයකු වාහනයක්‌ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුරුවරයා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේදීත් වාහනය තුළ අසභ්‍ය වීඩියෝ සංයුක්‌ත තැටි 27 ක්‌ තිබී ඇත.

මෙම 
ගුරුවරයා කඹුරුපිටිය ප්‍රදේශයේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ටියුෂන් පන්ති ගුරවරයෙක්‌ ලෙස කටයුතු කර ඇති අතර ටියුෂන් පන්තිවලට පැමිණෙන දරුවන් මාර්ගයෙන් එම දරුවන්ගේ මව උපාය මාර්ගයෙන් මිතුරු කර ගන්නා බවට පොලිසිය පවසනවා.

පාසලක ගුරුවරියෝ සිසු දැරියන් ගණිකා වෘත්තියේ යොදවලා...

සිසුවියන් ගැබ් අරන්... ඒ අය ගුරුවරුද..?

ගුරුවරු කියන්නේ දෙවිවරු කියලයි සමාජයේ හැමෝම හිතන්නේ. ගුරුවරු තමයි සමාජය නිවැරදි පාරට යොමු කරන්න පරපුරක් හදන්නේ. ඒත් එහෙම ගුරු දෙවිවරු අතරත් ‍නරුම පිරිසුත් ඉන්න බව ඇත්තක්.

මේ එහෙම එක සිදුවීමක් මාතලේ නගරයේ එක්තරා උසස් පාසලක සිසු දැරියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ගුරු වෘත්තික කාන්තාවන් කීප දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වන බව රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති දේශමාන්‍ය ආචාර්ය ටී. ඩි. ජයතිස්ස මහතා අද (13) දා මාතලේ දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ කමිටුවට වාර්තා කළා.

Monday, June 10, 2013

මාස ගණනාවක කාලයක් පුරා ලොවම අඳුරේ හෙළන දැවැන්ත සූර්ය කුණාටුවක්.

ප‍්‍රතිසංස්කරණයන් සදහා මාස 5ක පමණ කාලයක්...

දැවැන්ත භූ චුම්භක කුණාටුවක් විසින් විදුලිබල සම්පේ‍්‍රෂණ පද්ධතීන් අක‍්‍රිය කරවමින් මාස ගණනාවක කාලයක් පුරා ලොවම අඳුරේ හෙළන විනාශයක් සිදුකළ හැකි අවදානමක් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ.

2015 වසරේදී සූර්ය චක‍්‍රය සම්පූර්ණවීම සමග උපරිම තත්වයකට පැමිණෙන සූර්ය කුණාටු ධාරා පෘථිවියේ භූ චුම්භක ක්ෂේත‍්‍ර වලට බලපානු ලැබීම මගින් සිදුවන මේ විනාශය නොවැළැක්විය හැකිවන බව වායුගෝලීය සහ පාරිසරික සමීක්ෂණ ආයතනය (AER) හා ලොයිඞ්ස් රක්ෂණ සමාගම එක්ව සකස් කළ වාර්තාව පවසයි.

සුපර් ස්ටාර් අමිලාගේ දික්කසාදය

'සැලෝන් කන්කා' සැලුන් එකක්

පසුගිය කාලයේදී තමා සිය සැමියා වන කන්කානම් ගමගේ සමන්ත ගෙන් දික්කසාද වීමට යන බවට පැතිර තිබූ කතාව බොරුවක් බව සිරස සුපර් ස්ටාර් හරහා ගායිකා වක් ලෙසට ජනප්‍රිය වූ අමිලා නිදීෂානි කියනවා.

කාර්යබහුල වුවත්, සිය සැමියා, හත්හැවිරිදි පුතු බිතුම් හා වසරකට ඉහතදී පවුලට එක්වූ ලිතුම් දුවත් සමග සතුටින් සිටින බවද ඇය පවස
නවා.


මේ වන විට ව්‍යාපාරිකාවක්ව සිටින නදීෂා පසුගියදා 'සැලෝන් කන්කා' නමින් කළුබෝවිල පැත්තේ රූපලාවන්‍යාගාරයක් ආරම්භ කළ බවද
පවසනවා.

Sunday, June 9, 2013

මැරඩෝනා පෙම්වතියට පහර දෙයි

පාපන්දු පිටියේ හිටපු කුකුල් කේන්තිකාරයෙක් විදිහට ප්‍රකට ඩියාගෝ මැරඩෝනා පසුගියදා තවත් ගැටුමක් ඇතිකරගත්තා. මෙවර ඔහු පහරදුන්නේ ඔහුගේම පෙම්වතිය වූ 22 හැවිරිදි රෝසියෝ ඔලිවියාටයි. ගුවන්යානයක් තුළ දී කළ මේ පහරදීමෙන් මැරඩෝනා ගුවන් මගීන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වී තිබුණා.
මේ සිදුවීම වුණේ ඔහුගේ හිටපු පෙම්වතිය 33 හැවිරිදි වෙරෝනිකා ඔඩේජාට ලැබුණු සිඟිති පුතා දැක බලා ගැනීමට ගිය ගමනේ දියි. ඔහුට දාව වෙරෝනිකාට ලැබුණු මේ දරු සිඟිත්තා දැක බලාගැනීමට 52 හැවිරිදි මැරඩෝනා ගියේ පළමු වතාවටයි. හිටපු පෙම්වතියගෙන් ඔහු වෙන්වෙන විට ඇය සිවුමසක ගැබිණියක්. කොහොමවුනත් හිටපු පෙම්වතිය සම්බන්ධ කරුණක් හේතුවෙන්